විවාහයට ගිනි තියන කාමගින්න

මාර්තු 17, 2023

ආදිවාසි ගල් යුගයේ ස්ත්‍රිය හා පුරුෂයා එකම ගුහාවක් තුළ අඹුසැමියන් ලෙස ආදරයෙන්, සොම්නසින්, පේ‍්‍රමයෙන් එකිනෙකා අවබෝධාත්මකව දරුවන් බිහිකර සොබාදහමට එකඟව ජීවත් වූහ.

 

එදා ඔවුන් අතර දික්කසාදයක් සිහිනෙකින්වත් නොවූ වගත් අද වන විට දික්කසාදය නොව කෙටි කසාදයකට නතු වී ඇත. අදටත් මහ වන්නියේ සහ උඩරට විවිධ ප්‍රදේශවල පවුල් ජීවිත ගෙවන්නේ නිත්‍යනුකූලව මුද්දරයක් මත සිය අත්සන් හංවඩුව තබා නොවේ.

එඬරු නැට්ටේ කිරිවලින් පෙම් පත කඩදාසි කොළයක ලියා දැල්වෙන ලාම්පු චිමිනිය මත එම කඩදාසි කොළය ඇල්ලූ විට ආදර පෙම් අකුරු උඩට මැවී පෙනින. එවන් සෞන්දර්යාත්මක පෙම්පත් හුවමාරුව අද වන විට ස්මාට්ෆෝන් (අත්බණුව) භාර ගෙන තිබේ. තාක්ෂණයේ ඉහළම දියුණුවට පා තබා ඇති මෙවන් කාලපරාසය තුළ පෙම් ලොව අතරමං වී උන්මත්තකයින් ලෙස හැසිරෙන අයුරු දැකිය හැකිය. ඇතැම් සුරූපී තරුණියන් සිය නග්න රුව දුරකතනයේ තිරයේ දසුන් මවා වෙළෙඳ පොළ සමඟ ගනුදෙනු කරන අන්දම ද වඩාත් පැහැදිලිය.

එක් තරුණ අඹු සැමි යුවළක් ඉතාම සතුටින්, සාමයෙන් ජීවත්වන අතරතුර වෙනත් මැදිවියේ කාන්තාවක් සමඟ හාදවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ දැඩි ලෙස ඇයට පහර දීමය. පොරොන්දම් ලකුණු 36ම ගැළපුණත් යහපත් සුබ ධනාත්මක ග්‍රහ හැසිරීමේ රටාවක් ඇතත් වත්මන්හි දෙපක්ෂයේම මනසට සෑම නිමේෂයකම කාමය එන්නත් කරන බව නම් පැහැදිලිය. තාක්ෂණයේ දියුණුව මිනිසා ළඟා කර ගන්නවාද නැත්නම් තමා තමා විසින්ම වැනසෙනවාද යන්න මනා සිහියෙන් කල්පනා කළ යුතු වන්නේය. පැරණි කාලයේ සිය සැමියා ගෙයින් පිටතට ගිය කල සොර හිමියෙකු ගෙට ගෙන්වා කාමගින්න නිවා ගන්නා විට සිය සැමියා පෑල දොරින් ගෙට ඇතුළුවන මොහොතේම අළුකුල්ලකින් මුහුණට දමා ගසන්නීය. අද වන්නේ සිය සැමියාට නිදිපෙත්ත කෝප්පයකට දමා එය පිළිගන්වා තම අරමුණ වහා ඉටුකර ගන්නා තැනට පත්වීමකි. තවද සමහර සැමියන් තෙවැනි සිල්පදය ඇති තරම් රහසේ කඩමින් බිරිඳගෙන් අසන්නේ තමුසෙ කහ මලෙන් නෑවාද කියාය. සැකය මුල්වී ඇත. සිය බිරිඳ රූමත්නම් සැකය තව තවත් දලුලා වැඩේ.

දෙන්නට දෙන්නාගේම සැකය තුඩුදීම නිසා මේ වන විට විවාහය දෙදරා යන තැනට පත්වී තිබේ. දැන් දැන් ඔළුවේ ගෑවි ඇති රාගය මුළු ඇඟේම තැවරී බින්න බැස ඇත්තේය. වසරකින්, හය මසකින්, මාසයෙන් පමණක් නොව සතියෙන් දික්කසාදයට යන තැනට මග පෑදි හමාරය.

දසුන් හා කටහඬ ලෝචන, දර්ශන ස්පර්ශ, පීඩන ක්‍රෑර, වැනි කාම රෝගී තත්ත්වයට පත් වී ඇත්තේ ඇයි. එදා කාලිදාසයන් මේඝදූතය වැනි කාව්‍ය රචනා කර ඇත්තේ වලාකුළකින් පෙම් පණිවුඩ මුදාහැරීමටයි. අද පෝන් තිරයේ කටහඬත් රූපයත් අසන දකින තැනට පත් වී තිබීම හරියට කාම කොවුලන්ට අඹ දලු දැකීමක් වැනිය.

 

ජ්‍යෝතිෂවේදී

හෙන්රි බෙම්මුල්ල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.