විශ්ව ශක්තිය ළඟා කරන සිංහල අවුරුද්ද

අප්‍රේල් 12, 2024

මෙවරත් ජාතියම ප්‍රමුඛත්වයකින් සමරන ජාතික මහෝත්සවය වූ සිංහල අලුත් අවුරුද්දට අපි මෙසේ පිවිසෙමින් සිටිමු. ඈත ගම්මානයේ සිට නාගරික මහල් නේවාසික ජනයා දක්වා තමනට හැකි අයුරින් මේ සමයේ සුවිශේෂ උත්සවශ්‍රීයක් සිත්හි දරා සිටින අවස්ථාව වඩාත් ඵලදායී ශාස්ත්‍රීය අයුරකින් සැමරීමට අවැසි යොමුවක් මෙයින් අරමුණු වේ.

සිංහල අවුරුදු නැකැත් (මුහුර්ත) පිළිබඳව කවර මතභේදයන් පැවතිය ද මෙහි පවත්නා අවකාශීය ශක්තිමය ප්‍රවේශය නොපිළිගන්නා භවතුන් පොදු සමාජයේ නොමැති තරම්ය. මෙවැනි පසුබිමක් යටතේ අපගේ පුරාණ ශාස්ත්‍ර අතරින් මෙකී ශක්තිමය ක්‍රියාවලියට ඍජු සම්බන්ධතාවක් පෙන්විය හැකි ශාස්ත්‍රයක් වන්නේ වාස්තු විද්‍යාවයි. මේ පිළිබඳව පුරාතන වාස්තු විද්‍යාවේද පවතින විශේෂ සිද්ධාන්තයන් තවදුරටත් විවරණය කිරීමේ හැකියාවක් නූතන වාස්තු විද්‍යාවේ පැහැදිලිව දක්නට ලැබේ. එසේම මෙකී නූතන වාස්තු විද්‍යාවට බරපතළ පසුබිමක් සැපයීමට නූතන බටහිර භෞතික විද්‍යාව දක්වන දායකත්වයද සමාජයේ පවත්නා අධිපති මතවාදයන්ට සමගාමීව අතිමහත් සමත් බවක් දක්වන බවද සැලකිය යුතුයි.

මේ අවුරුදු සමයේදී බටහිර අන්තර්ජාතික සම්මුතීන් අනුව අපි‍්‍රයෙල් 18 පිළිබඳ සම්මුතිය පිළිබඳව සංවාදයක් රටේ දල්වන්නට වෙහෙසුණද එය ප්‍රතිඵල කථනය ආදී ඡ්‍යොතිෂයෙන් පවත්නා ඥාන පද්ධතිය පිළිබඳව හා එහි පවත්නා අනන්‍ය සම්මුතීන් පිළිබඳ නොදැනීමෙන් සිදු වන්නක් මිස වැඩි යමක් නොමැති බවද මෙහිදී කෙටියෙන් හෝ කීමට සිදුවී තිබේ. ඒ අනුව සංක්‍රාන්තිය පිළිබඳව පමණක් සලකා බැලීමේදී ඡ්‍යොතිර්වේදීන් කිසිවකුගේ පරස්පරතාවක් දක්නට නොමැති බවද විශ්වාසයෙන් පැවසිය හැකියි.

දැන් අපි නූතන වාස්තු විද්‍යාවට පිවිසෙමු. ග්‍රහවස්තූන්ගේ මෙන්ම විශේෂයෙන් පෘථිවියේ භ්‍රමණ ක්‍රියාවලියත් සමඟ සුපුරුදු ආකාරයට ඊශාන දිශාවෙන් සාපේක්ෂ වශයෙන් අන්තරීක්ෂ ධාරාවක් පවත්නා බව තහවුරු වී තිබේ. මේ අනුව අප ජීවත්වන නිවාසයන් වෙතද එලෙසම ඊශාන දිශාව හරහා නිරිත දිශාවට අන්තරීක්ෂ ශක්තිය ගලා ඒම සිදු වේ. මෙහිදී අප විසින් ඡ්‍යොතිෂයේ ප්‍රකාශිත සංක්‍රාන්ති සමයයන්හි පවත්නා දෝෂ සහිත ශක්තීන්ගේ බලපෑම අවම කරනු පිණිස ඊශාන උතුරු – නැඟෙනහිර පවත්නා දොර කවුළු ආදිය වසා තැබිය යුතු වේ. මෙවර එය ඉබේම සිදු වන්නක්ව ඇත්තේ මේ සංක්‍රාන්තිය රාත්‍රියට යෙදී ඇති බැවිනි. එයින් අනතුරුව සුබ නැකැත් (මුහුර්ත) කටයුතුවලදී සංක්‍රාන්ති දෝෂයන්ගෙන් ඉවත්ව පෙර කී අන්තරීක්ෂ ශක්තිය අප වෙත ලැබෙන දිශාවල පවත්නා දොර, ජනේල තිර ආදිය හොඳින් විවෘත කර එකී ශක්තිය ශුභ ලෙස ලබා ගැනීම සිදු කළ යුතු වේ.

එසේ කිරීමෙන් නිවැසියන්ගේ පවත්නා ශක්ති ශරීරයේ (ඒඋඅඒ) ශුභවාදී බලපෑමත්, ප්‍රමාණයත්, බලයත් වැඩිදියුණු වීම සිදු වේ. අනෙක් දිනයනට වඩා හොඳින් පෝෂණය සහිත වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගනිමින් භෞතික ශරීරය ද බලවත් කර ගැනීම මෙහිදි අතිශයින් වැදගත් වේ. එහිදී චාරිත්‍රයක් ලෙස සලකා කිරිබත් තොල ගෑමක් නොව යහමින් ආහාරයට ගැනීමක් සුදුසු පරිදි කළ යුතුව තිබේ. එහිදී සිංහල අවුරුදු චාරිත්‍ර හුදු සිරිත්විරිත් සීමාවෙන් ඔබ්බට ජීවිතයට බද්ධ කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සැලකීමද මෙහිදී විය යුතුව තිබේ.

වාස්තු විද්‍යාත්මක පදනම මැනැවින් අවබෝධ කර ගත්තකු කිසිවිට කිරි ඉතිරවීම වැනි කටයුත්තක් සඳහා නිවසේ නිවරැදි මධ්‍යය යොදා නොගත යුතුයි. එසේ නිවසේ නිවරැදි මධ්‍යයේ ගිනි දැල්වීමෙන් නිවසට හිමි වන සමස්ත භූ (EARTH)  ශක්තිය විසිරී ඉවතට යෑම සිදු වේ. එබැවින් මේ චාරිත්‍රය ගිනිකොනට බරව හෝ සිදු කිරීම පිළිබඳව විශේෂයෙන් සැලකිය යුතු වේ. එසේ නොවුවහොත් නිවැසියන්ගේ ශරීරයේ පහළ කොටස්වල බලය දුර්වල වීමෙන් ලෞකික ආරක්ෂාවන් හා ආර්ථික ආදී කටයුතුවලට පවත්නා උද්‍යෝගය බිඳ වැටීමට බොහෝසෙයින් ඉඩ තිබේ.

අවුරුද්දට අදාළ ඒ ඒ චාරිත්‍රයන් සඳහා දිශා දීමේදී කිසිදු අවස්ථාවකදී ඊශානයට පූර්ණ ලෙස පිටුපෑමට ක්‍රියා නොකළ යුතු වේ. එයට හේතුව වන්නේ ඒ ඒ දිනයනට අදාළව කරන දිශා නිර්දේශයට වඩා බලවත් වන අන්තරීක්ෂ ශක්තිය අපගේ ශරීරය වෙත පහසුවෙන් ලැබෙන ඊශාන දිශාව දෙසට හැරී සිටීම කිසිදු අවස්ථාවක මඟ හැරීම සිදු නොකළ යුතු බැවිනි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.