ගෙයක් තැනීමට පෙර ඉඩමේ වාසනාව සොයා බලමු

මාර්තු 1, 2024

 

පළමු ක්‍රමය

වාස්තු විද්‍යාව අනුව ගෙබිම බැලීම ගෘහ නිර්මාණ ශිල්පය නම් වූ ඉපැරැණි ශාස්ත්‍රය අනුව සිදුවිය යුතුය. ඉඩමක් තිබුණ තරමින් ගෙයක් තැනීමට සුදුසු නොවේ. ඇතැම්විට අත්තිවාරම් දැමූ පමණින් අතර මග නතර කරන්නට සිදුවේ. වාස්තු විද්‍යාවට අනුව සකස් කර ගන්නා සැලැස්ම හා නැකතට පෙර සුබ වේලාවක් අනුව තමාගේ ආගමට අනුව පළමු කටයුතු කර ගෙහිමියාගේ අතින් රියනක් පළල හා රියනක් ගැඹුරැති වළක් හාරා එය සම්පූර්ණයෙන් ජලයෙන් පුරවන්න. ඉන්පසු පියවර 100ක් ඉදිරියට ගොස් ආපසු පැමිණ වළ දෙස බලන්න. වළේ ජය නොසිඳි ඇත්නම් ඒ ඉඩමේ නොබියව ගේ සදන්න. ධන ධාන්‍ය හා දරු සම්පත් වැඩිදියුණු වේ. උතුරා යන පී‍්‍රතියෙන් ගත කරයි. ජලය සිඳී තිබුණොත් කරදර විපත් මතුවේ.

දෙවැනි ක්‍රමය

පෙර සේම වළක් හාරා පස් වෙන භාජනයකට ගෙන එම පස්වලින්ම ඒ වළ පුරවන්න. ඒ පස් ඉතිරි වේ නම් ඉඩම ඉතා හොඳ සෞභාග්‍ය සම්පන්නය.

දේව කරුණාව ලැබේ. දියුණුව ඇති වේ. පස් ප්‍රමාණවත් නම් සමපල ලබයි. පස් ප්‍රමාණවත් නොවේ නම් අසුබයි. වාස්තු විද්‍යාව ගෙබිම බැලීම ගෘහ නිර්මාණ ශිල්පය ඉඩමේ වාසනාව සොයා බලා ගෙයක් තැනීමෙන් ඔබ සැමට යහපත උදාවේ.

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යාවේදී, ආයුර්වේද වෛද්‍ය,

එච්.එම්. කිත්සිරි බණ්ඩාර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.