“දරුපල නොලැබීමට බලපාන වාස්තු දෝෂ”

ජනවාරි 18, 2019

විවාහක යුවළකගේ ඊළඟ පැතුම දරුවකුය. නමුත් සෑම පුරුෂයකුටම පියෙක් වීමටත් සෑම කාන්තාවකටම මවක් වීමටවත් වාසනාව නැත. දරුපල නොමැතිවීමට බලපාන කරුණු කීපයක් ඇත.

එම කරුණු අතර භූමියේ දෝෂ පරිසරයේ දෝෂ සහ නිවසේ දෝෂ බලපාන බව පෙනේ. එබැවින් මේ පිළිබඳව විමසා බලමු.

භූමි දෝෂ :

1.මැද මහත්ව දෙකොන සිහින්ව මිහිගු බෙරයකට සමාන වූ මූර්ඡාකාර භූමිය ඉදිකරන ලද නිවසේ ස්ත්‍රීන්ට මාරක අපල ඇතිවේ. ඔවුන්ට දරු පල හීනය.

යම් භූමියක් බස්නාහිර දිශාවට බෑවුම්ව පිහිටියේද එම භූමියේ ඉදිකරන ලද නිවසේ ස්ත්‍රීන්ට දරුපල හීන වේ.

යම් භූමියක් බස්නාහිර දිශාවට බෑවුම්ව පහත් වූයේද නැගෙනහිර ගිණිකොණ , ඊශාන යන කෝණ උස්වූයේද එය දෛන්‍යපෘෂ්ඨ භූමිය වන අතර එම භූමියේ වාසය කරන ස්ත්‍රීන්ට දරුපල හීන කරයි.

භූමියක නැගෙනහිර බස්නාහිර දීර්ඝ වේද උතුරු දකුණ දිශා උස්වේද එය නාග පෘෂ්ඨ භූමියයි. මෙම භූමියේ ඉදිකරන ලද නිවසේ ස්ත්‍රීන්ගේ සහ දරුවන්ගේ හානිය සිදුවේ.

නැකත් සහ ලග්න දෝෂ :

නිවාස ඉදිකිරීමේදී ආරම්භක නැකත් වශයෙන් අද පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවසල , සියාවස, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත් ශුභ බව ඡ්‍යොතිෂයේ සඳහන් වේ. එම නැකත් අතරින් අද පුනාවස, පුෂ යන නැකතක් ආරම්භක නැකත වශයෙන් යොදාගෙන නිවස ඉදිකළහොත් දරු සම්පත් වාසනාව ඇතිවන බව පැවසේ. නමුත් ගෘහ ආරම්භයේදී වද නැකත් යොදා ගතහොත් දරුපල හීනවන බව පැවසේ. ගෘහ ප්‍රවේශ ලග්න රාශිය ගෙහිමියාගේ කේතුගේ ලග්න රාශියෙන් පස්වැන්න හෝ නමවැන්න වුවහොත් දරු සම්පත් හීන වන බව ඡ්‍යොතිෂයේ දක්වා ඇත.

නිවසේ හැඩතල දෝෂ :

1.නිවසක දිශා ඇද වූයේ නම් එම නිවසේ ජීවත්වන ස්ත්‍රීන්ට ගැබ් හට නොගනී. දරුපල ඇති නොවේ.

2.උතුරු දිශාවට යම් නිවසක් උස්වූයේද එම නිවසේ දරුපල විනාශය සිදුවේ.

3.දුගද වහනය වන නිවසේද පුත්‍රහානිය සිදුවේ.

4.බොහෝ ද්වාර නොහොත් ජනෙල් ආදිය ඇති නිවසේ පදිංචි ස්ත්‍රියගේ ගර්භ විනාශය සිදුවේ.

5.දිශා පරස්පර වූ නිවසේ දරුවන්ගේ විනාශය සිදු වේ.

6.නගුලක් මෙන් උස්වූ නිවසේ පදිංචි ස්ත්‍රීන්ගේ සහ දරුවන්ගේ විනාශය සිදුවේ.

7.නිවසේ නැගෙනහිර දිශාවේ ජල ටැංකි ආදී ජලාශයන් තිබීම දරුපල විනාශයට හේතුවකි.

නිවසේ ප්‍රධාන දොරටුවේ හෙවත් මුල් දොර දෝෂ :

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක

යාන්ත්‍රික ඉංජිනේරු

නිශාන්ත විජේසේන

0770472649/ 0332241947

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.