නිවසට සුදුසු වර්ණ භාවිතා කර වාසනාව ළඟා කරගන්න

මැයි 10, 2019

වර්ණ භාවිතය අද ඊයේ සිදුවූවක් නොව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සිට පැවත එන්නකි. වර්ණ ආලේපය යෙදීමෙන් මූලිකව බලාපොරොත්තු වන්නේ අලංකාරය වුවද ඒවායින් ගුප්තමය බලපෑමක් ඇතිවන බව සොයාගෙන ඇත.

ඡ්‍යොතිෂ විද්‍යාවේදී එක් එක් ලග්න හිමියන්ට වර්ණවල බලපෑම පිළිබඳව පැහැදිලිකර ඇත. ඒ අනුව එක් එක් ලග්න හිමියන්ට ශුභඵල දෙන වර්ණ සහ අශුභඵල දෙන වර්ණ හඳුන්වා දී තිබේ.

අපගේ නිවෙස්වලට සහ ආයතනවලට වර්ණ යෙදීමේදී ගැලපෙන වර්ණ තෝරා ගත යුතුව ඇත. එබැවින් එක් එක් ලග්නයන්ට ගැලපෙන වර්ණ පිළිබඳව විමසා බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්නයට අධිපති වන්නේ කුජ හෙවත් අඟහරු ග්‍රහයාය. මේ නිසා මෙම ලග්න හිමියන්ට ගැලපෙන වර්ණ වන්නේ රතුපාට ,කහපාට සහ රන්වන් පාටය. නොගැලපෙන අශුඵඵල දෙන වර්ණය වන්නේ කලුපාටය.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නය අයත් වන්නේ සිකුරු ග්‍රහයාටය. මෙම ලග්නයෙන් උපන් අයට සුදුසු වන්නේ සුදුපාට, දම් පාට සහ කොළ පාටය. ඔවුන්ට නුසුදුසු වර්ණ වන්නේ තද රතු සහ කලු පාටය.

මිථුන ලග්නය

මිථුන බුධ ග්‍රහයාට අයත් ලග්නයකි. මෙම ලග්නයෙන් උපන් අයට ශුභ ඵල දෙන වර්ණය වන්නේ කොළපාට, ලා රතු, කහපාට සහ නිල් පාටය. තද රතු පාට සහ කලුපාට නුසුදුසුය.

කටක ලග්නය

කටක ලග්නයේ අධිපතිකම හිමිවන්නේ චන්ද්‍රයාටය. එබැවින් මෙම ලග්නයෙන් උපන් අයට සුදුසු වන්නේ සුදුපාට රතුපාට සහ කහ පාටය. නිල්පාට සහ කොළ පාට නොගැලපේ

සිංහ ලග්නය

මෙම ලග්නයට අධිපති වන්නේ රවි හෙවත් හිරුය. එබැවින් මෙම ලග්නයෙන් උපන් අයට ගැලපෙන වර්ණය වන්නේ රතු පාට සහ කොළ පාටය. නිල් පාට,සුදු පාට සහ කලු පාට නොගැලපේ.

කන්‍යා ලග්නය

මෙය බුධට අයත් ලග්නයකි. මෙම ලග්නයෙන් උපත ලැබූ අයට කහපාට , සුදුපාට, ලා රතු සහ කොළ සුදුසු වේ. රතු නිල් සහ කලු නොගැලපේ.

තුලා ලග්නය

තුලා ලග්නයේ අධිපතිවන්නේ සිකුරු ග්‍රහයාය. එම නිසා තුලා ලග්නයෙන් උපත ලැබූ අයට ශුභඵල දෙන වර්ණ වන්නේ සුදු ලා රතු යන පාටය. රතු සහ කොළපාට නොගැලපේ.

වෘශ්චික ලග්නයට

මෙම ලග්නයේ අධිපති කුජ හෙවත් අඟහරුය. එම නිසා මෙම ලග්නයෙන් උපත ලද අයට රතු කහ ලා කහ පාට සුදුසු වේ. නිල් , සුදු කොළ යන පාට නොගැලපේ.

ධනු ලග්නය

ගුරු ග්‍රහයා මෙම ලග්නයට අධිපති වේ. එබැවින් මෙම ලග්නයෙන් උපත ලැබූ අයට සුදු, ලා කහ, නිල්, ලා නිල් පාට සුදුසුය. රතු සහ කලුපාට නොගැලපේ.

මකර ලග්නය

සෙනසුරුට අයත් මකර ලග්නයෙන් උපත ලැබූ අයට සුදුසු වර්ණ වන්නේ සුදු, රතු, සහ නිල්පාටය. නුසුදුසු වන්නේ කහ පාටය.

කුම්භ ලග්නයට

මෙයද සෙනසුරුට අයත් ලග්නයකි. එබැවින් මෙම ලග්නයෙන් උපන් අයට කහ, රතු, සුදු ,ලා කහ පාට ගැලපේ. නිල්පාට නුසුදුසුය.

මීන ලග්නයට

ගුරුට අයත් මීන ලග්නයෙන් උපන් අයට රතු , කහ , ලා රෝස පාට ගැලපේ. සුදු , ලා කහ කොළපාට නොගැලපේ.

නිවසේ එක් එක් කාමර සඳහා සුදුසු වර්ණයන්:–

සාලයට සුදුසු වර්ණ වන්නේ සුදු ලා කහ ලා රෝසපාට , ලා නිල්

අමුත්තන්ගේ කාමරයට – නිල්පාට සුදුසුය

පාඩම් කරන කාමරයට – කොළ පාට වර්ණය සුදුසුය

නිදන කාමරවලට – නිල් පාට සුදුසුය

මුළුතැන් ගෙයට – රතු මිශ්‍ර කහ පාට සුදුසු වේ

රෝගීන් සිටින කාමර ආදියට සුදුසු වර්ණ

උදරාබාධ තිබෙන අය සිටින ස්ථානවලට නිල්පාට සුදුසුය. හෘද රෝගීන් සිටින ස්ථාන ආදියට කොළපාට වර්ණය සුදුසුය. චර්ම රෝග ඇති අය සිටින කාමර සඳහා රතුපාට වර්ණය යොදයි. සෙම ඇදුම උණ ආදී රෝග සඳහා කහ මිශ්‍ර රතු වර්ණ යොදයි. රුධිර පීඩනය උගුරේ ආබාධ ආදීන් සිටින ස්ථාන සඳහා ලා නිල් වර්ණ යොදයි.

නිවසක පිටත බිත්තිවල ආලේප කළ යුතු වර්ණයන්

සුදුපාට

නිවසක බාහිර බිත්තිවලට මෙම වර්ණය සුදුසුය. මෙවැනි නිවෙස් හිමියන් තැන්පත් නිශ්ශබ්ද පි‍්‍රය වචන කථාකරන අය බවට පත්වේ. තවද තැන්පත් මැදිහත් බවින් යුතු අයද වන්නේය.

කොළපාට

මෙම වර්ණ පරිසරයට සම්බන්ධ පරිසර හිතකාමි වේ. මේ නිසා මෙම නිවැසියන් පරිසරයට ආදරය කරන අය බවට පත්වේ. නිරෝගි පුද්ගලයන් බවට පත්වේ.

නිල් පාට

නිල්පාට වර්ණය ඇති නිවෙස් හිමියන් ලෞකිකත්වයට උපකාර කරන නිදහස් මත දරන අය වේ. මේ අය ආර්ථික අතින් ඉහළ තත්වයකට පත්වේ.

තැඹිලිපාට

නිවසේ බාහිර ආලේප සඳහා සුදුසු වර්ණයකි. ඇසට පි‍්‍රය උපදවන හැඟීම්බර වර්ණයකි. කෙටි කාලීනව ධනය ලැබේ.

දුඹුරු වර්ණය

මෙය නිවසේ ඇතුළු බිත්තිවලට සුදුසු නැති අතර පිටත බිත්ති සඳහා සුදුසු වේ. මෙම වර්ණයෙන් නිවැසියන්ට පෞරුෂයත්වයක් ලැබේ.

ඉහත ආකාරයට ඔබත් නිවසට සුදුසු වර්ණ යොදාගෙන වාසනාව සෞභාග්‍ය උදාකර ගන්න.

 

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.