වාස්තු විද්‍යා ගුරු මුෂ්ටි - 06

දෝෂ සහිත ළිඳට පිළියම්
අගෝස්තු 28, 2020

ළිඳ කැපීම සම්බන්ධ කරුණු ගියවර ලිපියෙන් සාකච්ඡා කළ අතර, අද දෝෂ සහිත ළිඳට පිළියම් කවරේද යන්න සාකච්ඡා කරමු. ඔබගේ ළිඳ ප්‍රධාන දොර ඉදිරිපිට නම් හෝ (අභියස) බැලූවිට පැත්තෙන් පෙනේ නම් හෝ, උළුවහු කඳේ සිට මිදුල දෙස බැලීමේදී ළිඳ දර්ශනය වේ නම්, ‘කූප වේධ’ දෝෂ නමින් හඳුන්වනු ලැබේ. 

ඉදිරිපිට අර්ධ කවය තුළ ළිඳ ඇත්නම්, ළිඳට සීමාව වෙන්කර රූපයේ පෙනෙන ආකාරයට අඩි 6 - 0 උසට, නොපෙනෙන ලෙස බිත්තිය බැද මායිම දක්වා සම්බන්ධ කර, ඇතුළට යාමට ආර්ච් එකක් හෝ දොරක් දැමිය හැකි ය. බිත්තිය  අලංකාරය සඳහා මියුරල් සෑදිය හැකි ය. මෙම ළිඳ අයිති ඉඩම් කොටස අනෙක් මායිම දක්වා සම්බන්ධ කරවීමෙන් බලාපොරොත්තු වනුයේ එම කොටස අනෙකාගේ ඉඩම් භුක්තියක් බවයි. (අල්ලපු ඉඩම) 

මෙය වෙන්කිරීමේ දී සීමාව නිර්ණය කිරීම, ළිඳ හා ගෙය අතර දුර මැන 09න් බෙදා පහ සහ හය (05 - 06 ) අතරින් වෙන්කිරීම කළ යුතු ය. 

මෙය නොපෙනෙන ලෙස වැටක්, තාප්පයක් යෙදිය හැකි ය. 

ළිඳ හා ගෙය අතර අවම දුරක් ඇත්නම්, ප්‍රදේශය සීමා කර දොරට නොපෙනෙන ලෙස උසට 5 - 0/ 6 - 0 තාප්පයක බැඳිය යුතු ය. 

වර්තමානයේ පිරමිඩ සවි කිරීමද සිදු කෙරේ.

ඔබගේ ළිඳ ඉඩමේ මායිමේ හෝ කොණේ පිහිටා ඇත්නම්, (ප්‍රේත පාදය) තුළ, වීම හේතුවෙන් , ළිං කවයට අඩි - 03ක් තබා අත්තිවාරමක් දමා රූපයේ පෙනෙන ආකාරයට අනෙක් මායිමට සම්බන්ධ කළ යුතු ය. 

වටේ බිත්තිය අලංකාරය කිරීම, ළිඳට මෝටර් දමා කපොල්ලට දාරයක් දැමිය සිදු කළ හැකි ය. 

ළිඳ විවෘතව තැබීමට හැකි පමණ උත්සාහ කළ යුතු ය. මර්මස්ථානයකට ලක්වන්නේ නම්, එය නොපෙන්වා තබා වෙන් කිරීම සිදුකළ යුතු ය. 

ලොකු ඉඩම් වල පසුව ඇතිවන බෙදීම්වලදී ‘ළිඳ’ හානියක් නොවන පරිදි කාට හෝ අයිතියක් දීමේ දී එය අශුභ දිශාවකට සහ ප්‍රේත පාදයකට ලක් නොවීමට වගබලා ගත යුතු ය. එසේ ලක්වන දේවල් දිගහැරීමේ දී, ගැටලුමතු කරයි. 

ජලය ලබාගැනීම් හා වෙනත් ප්‍රශ්න ඇතිවුවහොත් පානීය අවශ්‍යතාවයට ‘නල ජලය’ ලබා ගැනීම උචිත වේ. අශුභතා ඇති ළිඳක් හෝ ජලය නොමැති ළිඳක් හෝ වැසීමට අදහස් කරන්නේ නම් එය මෙසේ විය යුතු ය. 

එම ළිඳෙන් ජලය රැගෙන - බෝධි පූජාව සඳහා සුදුසු තැනකට ගොස් දක්ෂිණාවෘතව - 03 වරක් ගමන් කර බෝධිය නෑවීම කරන්න. (දින 03 ක් කළ යුතු ය) 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.