නිවෙසේ ලස්සනෙන් සැඟවෙන වාස්තු දෝෂ

ජනවාරි 12, 2024

 

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ යැයි හැඟෙන ඉතා ඉහළට විහිදී ගිය වහළකින් යුතු දැවැන්ත නිවාසයකි. ඇතුළු වූ තැන සිට විවෘත බවක් පෙන්වන දිවා කල කිසිදු කෘත්‍රිම ආලෝකයක් අවශ්‍ය නොවන මැදුරකි.

මිදුලේ මැද එතැනටම ගැළපෙන පරිදි වූ දැවැන්ත ජල තඩාගයකි. නිවසට වන බාහිර පුද්ගලයකුගේ සිත ඇද බැඳ ගන්නා බොහෝ දේ බලන බලන අත දක්නට ඇතත් ඒ සියල්ල වාස්තු මූලධර්මවල එන ආකාශ ධාතුව අවහිර කරනා තරම් ඇහිරී ගිය සෙයක් නොපෙන්වයි.

නිවසේ ඇති අලංකාරය සැබෑවටම වර්ණනා කරමින් නිවසට ඇතුළු වූ අපට ආසන්නව සිදු වූයේ මෙතෙක් කී සියල්ලටම පටහැනි අඳෙීනා සම්භාරයකටය. කරදරයකට පත් වූවෙකුගෙන් සන්තෝෂයක් අසන්නට ගොස් තොර තෝන්චියක් නොමැතිව තම ගැටලු සියල්ල කියාගෙන යෑම දරා සිටීම වැන්නකට වඩා අපහසුව වන්නේ එවැන්නක් අපගේ ඇස් මානයේ දක්නට නොහැකි වීමයි. එසේ වුවත් නිවැසියන්ගේ අව්‍යාජ ඉදිරිපත් කිරීම කියනා ආභාසය සැක කළ හැකි ආකාරයේ එකක් නොවීය.

අඬ හඳක් හෝ ඉංගී‍්‍රසි (උ) අකුරක් සිහි ගන්වන ලෙස විහිදී ගිය මේ නිවහනේ දිශාවන් නොසොයා නිවසේ පෙනුම හා නිවැසියන්ගේ ප්‍රකාශ අතර බැලූ බැල්මටම ඇති පරස්පරතාව විසඳා ගත නොහැකි බව සුළු වේලාවකින් අපටම අවබෝධ විය.

අංශක 14ක් පමණ ඇලවී ගිය දිශාවන් සහිත මේ නිවසේ ඊශාන සීමාවේ (අංශක 22.5) කෙළවරට වන්නට තබා ඇති අහස විවෘත කර ඇති කොටස තවදුරටත් වාස්තුමය සාර්ථකත්වයට රුකුලක්ම වන බව අපට තහවුරු විය.

එයින් මතු අප විසින් සම්ප්‍රදායිකව වැඩිම දිග හා පළල් අනුව කල්පිතව සකස් කර ගත් හතරැස් (ඍජුකෝණාස්‍රාකාර) නිවාස සැලසුමේ කොන් හරස් රේඛා ලෙස යා කොට ඒ රේඛා දෙක එකිනෙක කැපෙන ස්ථානය නිවසේ නිවරද මැද නොවන බව මහාචාර්ය ජිතෙන් භාට්තුමන්ගේ නූතන වාස්තු ශාස්ත්‍රය පිළිබඳ විග්‍රහය අනුව දන්නා අපි නිවස මැන පරිමාණයට ඇඳ ගනු ලැබීමු. එයින් පසු එකී සැලැස්මේ අත්තිවාරම, බිත්ති හා පියස්ස ඇතුළත් කොටස පිටතින් කපා වෙන් කර එහි තැනින් තැන කටුවක් ආධාරයෙන් එල්ලා අඳිනු ලැබූ සිරස් රේඛා කැපෙන තැන ලෙස නිවසේ නිවරද මැද හෙවත් බ්‍රහ්ම බින්දුව හඳුනාගෙන මිනින්දෝරු සැලැස්මේ ඇති උතුරත්, අප විසින් දිශා දක්නය (මාලිමාව) යොදා ලබා ගත් උතුරත් සසඳා සැලැස්මේ දිශා අට සලකුණු කරන ලදී. එයින් පසු මෙතරම් සුන්දර නිවසක ඇති අසුන්දර බව අපට පැහැදිලිව පසක් විය.

නිවසේ මධ්‍යය පිහිටා තිබුනේ ඉංගී‍්‍රසි (උ) අකුරේ හැඩැති නිවසේ එක් බිත්ති මායිමකට ඉතා ආසන්නයෙනි. ජල තටාගය පිහිටා ඇත්තේ නිවස මධ්‍යයේ සිට බස්නාහිර – නිරිත කොටසේය. වැසිකිළි හා වැසිකිළිවළ නිශ්චිතව නිරිත දිශාවට වැටී තිබිණි. නැඟෙනහිර දිශාවත් ඊශානයෙන් කොටසකුත් ඉතා උසැති (අඩි 30කට ආසන්න) අන්ධ බිත්තියකින් වැසී ගොස්ය. පහළ මහලේ අප දුටු වැසිකිළිවලට අමතරව ඉහළ ප්‍රධාන නිදන කාමරයට බද්ධ කර ඇති තවත් වැසිකිළියක් නිරිත දිගට යෙදී තිබේ.

මුළුතැන් ගෙය වාසනාවකට මෙන් නිසි පරිදි ගිනිකොන දිශාවෙහි යෙදී ඇත. නිරිත දිශාව බරපතළ ලෙස හානිවී තිබුණද බලවත් වාසියක්ව පිහිටා ඇති ප්‍රධාන නිදන කාමරයද නිරිතෙහි පැවතිණි. ආර්ථික ගැටලු කෙතෙක් මතු වුවත් ප්‍රධාන නිදන කාමරයේ නිවරද පිහිටීම හේතුකොට මේ බරපතළ කත්ත්වයෙන් මිදීමට ගෘහමූලිකයන් දෙපළගේ එක්සත් උත්සාහය හොඳින් කැපී පෙනිණ. තමනට හිමි දැවැන්ත ව්‍යාපාර එකින් එක බිඳ වැටෙනු පෙනි පෙනී මුත් වාසනාවන්ත බැඳීමකින් යුතුව අර්බුදයෙන් මිදී යෑමට ඕනෑම කැපකිරීමක් කිරීමේ අපේක්ෂාව ඔවුනට පැවති අයුරු විස්මකුරු ය.

අන්ධ බිත්තිය නිසා නිවස, වෙත ගලා එන අන්තරීක්ෂ ශක්තියෙන් විශාල කොටසක් නොලැබී යෑම වේ. බිඳ වැටීමට බලපාන තරමටත් වඩා වැසිකිළිවළ හා වැසිකිළි කුටි නිරිතේ ඇති කරන සක්‍රිය අශුභ ශක්තීන්ගේ බලපෑම ව්‍යාපාරික හා වෙනත් තීරණ තීන්දුවල අසාර්ථකත්වයත්, නොසිතූ විරූ අහේතුක මුදල් නාස්තීනට හේතු වී තිබිණි. විටින් විට අනපේක්ෂිතව මුහුණදීමට සිදු වන රෝගාබාධයන් නිසාත් මුදල් නාස්තිවීම් වන බව විශ්වාස නොකට යුතු තරම් බරපතළ වී තිබිණි. හොඳ සොයා බැලීමේදී ව්‍යාපාරවල මිල මුදල් නාස්තිවීම්ද මහත් සේ සොයා ගත හැකි වනු ඇත.

දැවැන්ත ජල මූලාශ්‍රයක් ලෙස බස්නාහිර දිශාවේ පිහිටා ඇති ජල තටාගයෙන් නිවස වෙත ඉතා අඩුවෙන් ඉන් ලැබෙන ශුභ (අන්තරීක්ෂ) ශක්තීන් උරා ගැනීමත් නිවස ඇතුළත ගබඩා විය හැකි ශක්තීන් ජලය වෙත ඇද ගැනීමත් සිදු වන බැවින් නිවස ඇතුළත ශක්ති හීන කලාපයක් සකස්වීම කණගාටුදායකයි.

අලංකාර ලෙස සකස් කර ඇති නිවසේ සැලැස්ම වාස්තු සිද්ධාන්තවල මූලිකාංග රැසක්ම නොසළකා සිදු කිරීමෙන් මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් උදා විය හැකි දැයි අපට පවා සිතෙනා තරම් නිවසේ තත්ත්වය බරපතළ වී ඇති බව පෙනේ. මේ ඉදිකිරීමෙහි අන්ධ බිත්තිය නැඟෙනහිර වෙනුවට බටහිරට යෙදී බටහිර ඇති ජල තටාගය නැඟෙනහිරට වන්නට යොදා තිබුණේ නම් මෙතරම් වාස්තුමය ආදර්ශයක් ලෙස සැකසුණු නිවාස දුර්ලභ බව පැහැදිලිව කිය හැකියි. එවිට වැඩි වැඩියෙන් නිවස වෙත අන්තරීක්ෂ ශක්තිය ගලා ඒමත් පිටතට යෑම ඉතා අල්ප වීමත් නිසා නිවස අභ්‍යන්තරයේ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව (ඛ්ධඵථඪජ ධ්දබඥදඵඪබර) මහත් සේ වැඩිවෙමින් සාර්ථකත්වය ළඟා කෙරෙනු ඇත.

මෙබඳු නිවසක ඇති දෝෂ කඩා බිඳ නිවරද ලෙස යළි ගොඩනැඟීම පහසු නොවේ. පෙර කී අන්ධ බිත්තිය ඉවත්කර බස්නාහිරේ එය පිහිටුවීමට පවා කුඩා වෙනත් නිවසක් ඉදිකිරීමට යන වියදමකට සමාන බරපතළ පිරිවැයක් දීමට සිදු වනු ඇත.

වැසිකිළි වෙනත් දිශාවකට යෙදීමේ තීරණයද පහසු එකක් නොවේ. කාමරයක් ඉදිකිරීමට වැය වන මුදල මෙන් කීප ගුණයක් වැසිකිළියක් ඉදිකිරීමට වැය වන බැවින් ඒවාද කළ හැකි දේ නොවේ.

මෙබඳු අවස්ථාවකදී අන්තරීක්ෂ ශක්තිය මැනැවින් හා පහසුවෙන් කළමනාකරණයට බලවත්ව සහාය වන පිරමිඩ ආශි‍්‍රත මෙවලම් ඇසුරෙන් මෙකී දෝෂ නිවාරණය කර ගැනීම උචිතම ක්‍රමය බව මෙහිදී අවසන් තීරණය කෙරිණි.

අන්ධ බිත්තිය පැත්තෙන් අන්තරීක්ෂ ශක්ති ධාරාවක් එන්නා සේ පිරමීඩ සැකසිණ. එය අලුතින් තැනූ දොරක් මෙන් ක්‍රියා කර නිවෙස අභ්‍යන්තරයේ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව වැඩි දියුණු කරයි. තඩාගය වටා පිරමිඩ වැළලීමෙන් ශක්ති වැටක් කෘත්‍රිමව නිර්මාණය කර ශක්තිය ජලයට උරා ගැනීම වළකන ලදී. කිරිත දිග පිහිටි වැසිකිළිවල ඇතුළත අසුබ ශක්තීන් ලුණු භාවිතයෙන් ඉවත් කිරීමට අවශ්‍ය මෙවලමක් ලෙස මැක්‍රෝන මෙවලම සවි කරන ඉතිරි වූ යම් අසුබ ශක්තියක් ඇත්නම් එය නිවසේ අනෙක් කොටස් වෙත ඒම වැළැක්වීමට වැසිකිළියේ දොරට පිටින් පිටි පිරමිඩ සවි කරන ලදී. සුළු දෝෂ සියල්ලද වළකාලමින් බිත්තියට ආසන්නයේ මධ්‍යයට ඇතැවන පීඩාව ද දුරලමින් ගුණන පිරමීඩ 9ක් පොළොවේ මධ්‍ය ලක්ෂ්‍යයට ඉහළින් ස්ලැබ් එකේ සවි කෙරිණි. වාස්තු සිද්ධාන්ත අනුව පිරමිඩ සංතෘප්ත මට්ටමට පැමිණිමට උපරිම සති දෙකක කාලයක් ගත වන බව මෙයින් අපට තවදුරටත් තහවුරු විය. ඉන්පසු ලද යහපත් ප්‍රතිපල ඉතා කෙටි කලකදී අත්දැකිය හැකි විය.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.