නිදහසේ දිග්විජය ලොවට හඬගා කියූ ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාවේ හා ඉතාලියේ කොලෝසියම පුරාතන ලෝකයේ මහා රංග පීඨයේ වාස්තු නියමයන්

දෙසැම්බර් 15, 2023

මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණ අතර ලෝකයේ පුදුම අතරටද එක්වූ අමෙරිකා එක්සත් ජනපදයේ සන්නාමය සනිටුහන් කරන ලිබර්ටි ප්‍රතිමාව තඹ ලෝහයෙන් එදා මෙදාතුර ලොව ඉදි කළ විශාලතම ප්‍රතිමාව ලෙස විරුදාවලිය ලබයි. එහි වාස්තු නිර්මාණයද අපූර්වමය. “නිදහසේ දිග්විජය” ලොවට හඬගා කියූ අතිමහත් විසල් වූ කාන්තාවගේ ප්‍රතාපවත් අති දැවැන්ත නිර්මාණය ලෝවැසියන්ගේ සිත්සතන් කොතරම් පැහැර ගත්තේද යත් එහි අනුරූ 100කට වැඩි ගණනක් ලොව පුරා රට රාජ්‍යයන් තුළ අද ව්‍යාප්තව පැතිර පවතී.

මුළු මහත් මානව වර්ගයාම මේ ප්‍රතිමාවේ හැඩරුවට වශී වූවාක් බඳුය. එයම වාස්තු නිර්මාණයේ පොහොසත්කම ලොවට හඬගා කියන්නක් විය. මේ අපූර්ව ප්‍රතිමාව අති දැවැන්තය. විස්මයාර්හයය. ආහ්ලාදජනකය. එය එක්තරා ගුප්තමය ගූඪ බවක් දනවයි. එය සියැසින් දැකීමටත් එහි අනුභූතිය විඳීමටත් මම භාග්‍යවන්ත වීමි.

පිහිටීම

ආර්ථික අතින් ලොව සුවිසල් රාජ්‍යයක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ නිව්යෝර්ක් වරායේ ලිබර්ටි නම් දූපතේ මේ අපූර්ව ලිබර්ටි ප්‍රතිමාව ස්ථාපිතව පවතියි.

ඉතිහාසය සහ නිර්මාණය

මේ ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ කෙළින් සිටගත් දැවැන්ත ප්‍රතාපවත් කාන්තාවකගේ තඹ ලෝහයෙන් නිර්මිත සිරුරයි. කාන්තාවගේ හිසෙහි අලංකාර ලෙස නිමවූ ඔටුන්නක් ඇත. එහි උල්කූරු 7ක්ද විද්‍යමාන වෙයි. ඒවායින් සංකේතවත් කරන්නේ ලෝකයේ තිබෙන මහා සාගර 7ක් මහද්වීප 7ක් බවය. ඇයගේ වම් අතේ ගලින් නිම කරන ලද ඵලකයක්ද ඇත. මෙහි සඳහන් වන්නේ 1776 දී අමෙරිකානු එක්සත් ජනපදයට නිදහස ලැබීම පිළිබඳ ප්‍රකාශනයයි. මේ ප්‍රතිමාව උස මීටර් 46.9 කි. (අඩි 151 අඟල් 01) මේ කාන්තා ප්‍රතිමාවේ අතැඟිල්ලක දිග සෙන්ටිමීටර් 25කි.

දකුණු අත ඉහළට ඔසවාගෙන සිටින අතර එහි රඳවාගෙන ඇත්තේ ගිනිදැල්ලක් සහිත පන්දමකි.

මෙය ක්‍රි.ව. 1886දී ප්‍රංශ ජනතාවගෙන් අමෙරිකාවට ලැබුණු අගනා ඓතිහාසික තිළිණයක් ලෙස සැලකේ.

ප්‍රතිමාවේ බර කිලෝග්‍රෑම් ලක්ෂ 1 3/4ක් පමණ වන බව කියැවෙයි. ප්‍රතිමාවේ පහළ සිට ඉහළට යෑමට සෝපානයක් සවිකොට තිබේ. ප්‍රතිමාවේ හිස් කොටසේ 50 දෙනකුට වුවද සිටිය හැකිය. එතරම් දැවැන්තය.

මේ ප්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ ප්‍රංශ ජාතික දක්ෂ ප්‍රතිමා නිර්මාණ ශිල්පියකු වන ජ්පඥඤඥපඪජ ඒභඨභඵබඥ ඕචපබඩධතඤඪ සහ ලෝහමය තට්ටු රාමුව නිර්මාණය කළ ට්භඵබචමඥ ජ්ඪබබඥත විසිනි. ලිබර්ටි ප්‍රතිමාව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කළේ 1886 ඔක්තෝබර් මස 28 වෙනි දිනය.

මේ ප්‍රතිමාවෙන් සම්පූර්ණයෙන්ම නිරූපණය වනුයේ නිදහස සංකේතවත් කිරීමයි. ප්‍රතිමාවේ දෙපා අසල කැඩී ගිය යෝධ දම්වැලක් නිර්මාණය කර ඇත. මෙයින් සංකේතවත් වන්නේ කුරිරු පාලනයෙන් මිදී ලැබූ පූර්ණ නිදහස්වීමයි. අමෙරිකානු සිවිල් යුද්ධයේ ජය සංකේතවත් වන මෙය “නිදහස් වනිතාවගේ ප්‍රතිමාව“ ලෙසද හැඳින්වෙයි.

මෙය ප්‍රංශයේදී නිර්මාණය කළ අතර නැව් මඟින් ප්‍රවාහනය කිරීමට තට්ටු වශයෙන්ද කොටස් රැසකින් සමන්විත මෙවලම් එකතු කර ඒවා එකිනෙක කොටසින් කොටස ඉහළට නංවා එකතුකොට පාස්සා සකසා තිබුණි.

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති කැල්වින් කෝලිඩ්ගේ (ඛ්චතමඪද ඛ්ධධතඪඤඨඥ) විසින් 1924 දී මේ ප්‍රතිමාව අමෙරිකාවේ ජාතික ප්‍රතිමාවක් නැතහොත් ජාතියේ සලකුණක් (ව්චබඪධදචත ඵරථඡධත) නිල වශයෙන් පිළිගන්නා ලදි.

මේ ප්‍රතිමාව ලෝකයේ බොහෝ රටවල සංචාරය කරන මිනිසුන්ගේ මනසේ රැඳී පැවතුණේ එහි වාස්තුමය නිර්මාණයේ අපූර්වත්වය නිසාවෙනි. එය කොතරම් මානවයාගේ සිත් සතන් පැහැර ගත්තේද යත් ලෝකයේ රටවල් 100 වැඩි සංඛ්‍යාවක මෙහි අනුරූ ඉදිවෙන්නට පටන් ගති.

ප්‍රතිමාවේ ඇති තේජමාන බව, ප්‍රතාපවත් බව අපූරුවට දිස්වෙයි.කිසිදු ආයාසයකින් හෝ විඩාවකින් තොරව හෝරාවක කාලයක් වුවද එම ප්‍රතිමාවෙන් පිටතට දෑස් නොවිහිදුවා බලා සිටිය හැකිය. එය එතරම් මන බඳනා සුලුය. වාස්තු විද්‍යානුකූල නිර්මාණයේ අග්‍රඵලය අමෙරිකානුවන්ට පමණක් නොව දෙස් විදෙස්හි සියලු මිනිසුන්ට අයත් මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණයක්මය. එය 1976 වන විට නිව්යෝර්ක් නගරයේ නගර සලකුණ (ඹ්චදඤ ථචපඬ) ලෙස භාවිත කරන ලදි. 1984 දී යුනෙස්කෝව මඟින් මේ කාන්තා ප්‍රතිමාව ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.

වාස්තු නිර්මාණයේ මිණුම්

ලිබර්ටි හෙවත් “නිදහස” අර්ථ ගන්වන එඩිතර කාන්තාවකගේ අග්‍රගණ්‍ය ප්‍රතිමාවේ වාස්තු නිර්මාණ මිණුම් එහි වාස්තු විද්‍යානුකූල හැඩතල කොතරම් අපූරුවට නිර්මාණය කර ඇති දැයි වටහාගත හැකි වෙයි. ඒ සුවිශේෂී නිර්මාණ මිණුම් පිළිබඳ අවධානය යොමු කරමු.

‘නිදහස’ යන තේමාව ලොව පුරා නව ආලෝකයක් ගෙන දීමට නැතහොත් ලොව පුරා බැබළවීමට මේ ලිබර්ටි ප්‍රතිමාව සමත්විය.

එය ප්‍රතිමූර්තිමත් කරමින් ඩොලරයේ කාසි, මුදල් නෝට්ටු, මුද්දරත්, 3ච් ත්‍රිමාන නිර්මණත් ලොව පුරා බිහිවිය.

මුළු මහත් ජීවිත කාලය තුළ එක්වරක් හෝ මේ ප්‍රතිමාව දෑසින් දුටුවේ වී නම්, මෙම වාස්තු විද්‍යානුකූල ප්‍රතිමාවේ අපූර්වත්වය වූයේ එය දුටු අතිමහා ලෝකය පුරා සංචාරකයන්ගේ සිත් සතන් මොහොතින් වශීකෘත වීමයි.

නිදහසක් නොමැති ලොවක විද්‍යාත්මක ප්‍රබන්ධයන් බිහිවන්නේ කෙසේද? දශක ගණනාවක් පුරා සිදුවූ විවිධ සමාජ පරිවර්තනයන් නිසා නිදහස ඇහිරී ගොසින් නිරුදක කතරක් වූ මේ මිහිකතට ක්ෂේම භූමියක් වූවාසේ මේ නිදහසේ ප්‍රතිමාව අර්ථ ගැන්විය හැකිය.

ලිබර්ටි ප්‍රතිමාව අමෙරිකා එක්සත් ජනපදයට පමණක් සීමා නොවිණි. ලොව පුරා මුළු මහත් මානව වර්ගයා ගේම “නිදහසේ සංකේතය’ ලෙස මෙම ප්‍රතිමාව ඉතාම ඉහළින් පිළිගැනීම තුළින් පෙනී යන්නේ ප්‍රතිමාවේ ‘නිදහසේ’ සලකුණේ ප්‍රතාපවත්භාවයය ලොව පතළ බොහෝ ජනීජනයාගේ හදවත් තුළ සදා රැඳී පවතින බවයි. 

එයම වාස්තු විද්‍යානුකූල ප්‍රතිමා නිර්මාණයේ අග්‍රඵලය ලෙස නිතැතින්ම සැලකිය හැකිය.

කොලෝසියම

පුරාතන ලෝකය සහ මුළුමහත් මිහිතලයම අලංකාර කළ අපූර්වතම නිර්මාණ අතර රෝමයේ ඉතාලියේ කොලෝසියම දැක්විය හැකිය. එම අද්විතීය ක්‍රීඩාංගණය නැතහොත් මහා රංග පීඨය ලොව දනන්ගේ සිත් සතන්වල නොමැකෙන මතක සටහන් සනිටුහන් කරනු නොඅනුමානය. ලෝක පුදුම 7ට ඇතුළත්වූ මේ විස්මයජනක මහා රංග පීඨය සියැසින් දැක ගැනීමට එහි අනුභූතිය විඳීමටත් මම භාග්‍යවන්ත වීමි.

එය මහා සුවිසල්ය. අති දැවැන්තය. එහි පැරැණි රෝමයේ සශි‍්‍රකත්වය මොනවට කියාපායි. එතුළ ගූඪ විස්මිත බවක්ද ගෙන දෙයි. එහි වාස්තු විද්‍යානුකූල ගෘහ නිර්මාණ ශිල්පයේ උච්චතම අවස්ථා නිරූපණය කරයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට පාත්‍ර වෙයි

ඉතිහාසය

ක්‍රිස්තු වර්ෂ 69 -79 කාලයේ රෝම අධිරාජයකු වූ ඍඥඵනචඵඪධද විසින් මෙම මහා රංග පීඨය නිර්මාණය කිරීම අරඹා ඇත. ඔහුගෙන් පසු ඔහුගේම පුත් රෝම අධිරාජයා වූ (ක්‍රි.ව. 79 -81) ටයිටස් (ඊඪබභඵ) විසින් මේ මහා ක්‍රීඩාංගණ පරිශ්‍රය නිම කරන ලදි. ඉන්පසු රෝම අධිරාජයා වූ ඩොමීටියන් (ච්ධථඪබඪචද) (ක්‍රි.ව. 81 -96) මේ එළිමහන් රංග පීඨය අංග සම්පූර්ණ කරන ලදි. රංග පීඨය උත්කර්ෂවත්ව ආරම්භ කෙරුණු අතර, එකල ඒ වෙනුවෙන් කොලොසියම හැඩරුව දැක්වූ විශේෂ කාසියක්ද ඒ වෙනුවෙන් නිකුත් විය. (ක්‍රි.ව. 80) ක්‍රීඩාංගණ සංකීර්ණය ගොඩනැඟීමට හුණුගල් සහ විශේෂිත කොන්ක්‍රීට් මිශ්‍රණයක්ද ගිනිකඳු ආශි‍්‍රත අමුද්‍රව්‍ය භාවිත කොට නිර්මිත විශාල ගඩොල්ද කොන්ක්‍රීට් ස්ථරද භාවිත කොට ඇත.

මේ ක්‍රීඩාංගණයේ නරඹන්නන් 50,000ත් 80,000ත් අතර සංඛ්‍යාවකට එකවර නැරඹීමේ පහසුකම් සැලසෙයි. අඩුතරමින් සුවිශේෂ වෙන්කළ අසුන් 65000 ක්වත් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එකල විනෝදාංශයක් වූ සතුන් දඩයම් කිරීම ප්‍රදර්ශනාත්මකව ඉටුකිරීම තම තමන්ගේ කායශක්තිය විදහාපාන සටන් ජවනිකා මුළුමහත් පේ‍්‍රක්ෂකයන්ට පෙනෙන පරිදි ඉටු කිරීම, ද්වන්ධ කඩුහරඹ දුනු තරග පැවැත්වීම, මල්ලව පොර තරග, සිංහයන්, කොටියන්, ව්‍යාඝ්‍රයන්, කුලප්පු කළ මීහරකුන් එක් එක් ද්වාර සහිත පටු වෙන් වූ තීර මඟින් ක්‍රීඩාංගණය මධ්‍යයට ම හීලෑ නොකළ සතුන් එවූ පසු එම සතුන් සමඟ දක්ෂ ලෙස ද සටන් කොට ජය ගන්නා අයට ත්‍යාග සහ කුසලතා පිරිනැමීම සිදුවී ඇත. එය අධිරාජයා විසින්ම සිදු කරනු ලබයි. මෙකල සටන් කලාව බොහෝ ශිල්පීන් ප්‍රගුණ කර ඇත. ඒවා ප්‍රදර්ශනයට හොඳ තෝතැන්නක් මේ කොලොසියමෙන් ලැබෙයි. 

උතුරු අක්ෂාංශ අංශක 41 කලා 53’ 25” ව් සහ නැඟෙනහිර දේශාංශ අංශක 12 29’ 32” ඡ් අතර පිහිටා ඇති මෙම කොලෝසියම ලතින් භාෂාවෙන් හඳුන්වනුයේ “ඛ්ධතධඵඵඥභථ” ලෙසිනි. එය චථනඩඪබඩඥචබපඥ නමින්ද හඳුන්වයි. විශාල ක්‍රීඩා තරගවලදී එකල වනසතුන් 9000ක් පමණ මරණයට පත් වෙයි. මෙම සතුන් ගාල් කිරීමට ස්ථාන, ක්‍රීඩාංගණය වෙත එම වනසතුන් ප්‍රකෝපකර මුදා හැරීමට විශේෂිත උමං මාර්ග සකසා තිබිණි.

රෝම අධිරාජයේ ඉතාලි කොලෝසියම ගිනිකඳු පිපිරීමෙන් සහ මේ නිර්මිත විශාල ගල් සොරකම් කරන්නන්ගෙන් නැති කිරීමට නොහැකි විය. වාස්තු ගෘහ නිර්මාණයම රෝමන්වරු, ගොඩනැඟිලි ඉංජිනේරුවන්, කලා නිර්මාණකරුවන් විවිධ කැටයම් කළ ශිල්පීන් උද්‍යාන අලංකාර කරන්නවුන්, ක්‍රීඩාංගණ නඩත්තුකරන පරිපූර්ණ දැනුම් සම්භාරයක් ඇති සේවක මණ්ඩලයක්ද සිට ඇත.

මේ කොලෝසියම නිර්මාණයේදී විවිධ අමුද්‍රව්‍ය රැසක් භාවිත කර ඇත. ශක්තිසම්පන්න දැව වර්ග, හුණුගල් පාෂාණ (ඹ්ඪථඥඵබධදඥ) තද බිම් උළු වර්ග, සිමෙන්ති සහ කොන්ක්‍රීට් යොදා ගෙන ඇති බව පෙනෙයි. මේ නැරඹුම් මැදිරිය තට්ටු 4කින් සමන්විත වී ඇත. සතුන් පහළ සිට ඉහළට ගෙනයාමට හයිඩ්‍රොලික් බලය උපයෝගී කරගත් සෝපානද තිබී ඇත.

මෙය සුවිශේෂි වන්නේ විශේෂ වූ කඩු හරඹයන් හා විවිධ භයානක සතුන් සමඟ කරන සටන් නැරඹීමට භාවිත වීම නිසයි. ඊට අමතරව පසුකාලීනව රෝම නර්තනයන් රඟ දැක්වීමට මෙය භාවිතා වී තිබිණි. මෙහි බාහිර පෙනුම ගත් කල මීටර් 50ක් පමණ උස්වූ අතර මීටර් 527 ක වට ප්‍රමාණයකින් සමන්විතය. මෙම රංග පීඨයේ දැනට ඉතිරි වී ඇත්තේ අඩක් පමණි. ඉතිරි කොටස් සියල්ල කාලානුරූපව කඩාවැටී නටබුන් බවට පත් වී ඇත.

මේ කොලොසියමේ අභ්‍යන්තර අසුන් ගැන්වීමද අපූරුය. එහි ඉදගෙන 67000කට පමණ එකවර නැරඹීමේ පහසුකම් සපයා තිබූ බව පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් තහවුරු වී ඇත. එයට අමතර අධිරාජයා ඇතුළු රාජකීය පවුලේ අයට නැරඹීමට හැකි පරිදි විශේෂිත කුටිද ඉදිවී තිබිණි. රෝම වැසියන්ගේ වර්ගකිරීම්වලට අනුව පවුල් පැළැන්තිය අනුව ඒ ඒ නරඹන්නන්ගේ මණ්ඩප වෙන් වෙන්ව අසුන් ගත හැකි ආකාරයට අපූරුවට නිර්මාණය වූ බව පෙනෙයි. පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ ප්‍රභූ පැළැන්තිය වෙනුවෙන් සුවිශේෂ වූ අසුන් එකල පනවා තිබුණ බවයි.

සතුන් රඳවා තබාගන්නා මැදිරි, සතුන්ට අවශ්‍ය ආහාර ගබඩා රැඳවීම් පහසුකම්, සතුන් බලන පිරිස් සඳහා නේවාසික පහසුකම්, අමුත්තන් සහ ක්‍රීඩකයන් වෙනුවෙන්ද නේවාසික පහසුකම් එකල සපයා තිබුණු බව පෙනෙයි. ක්‍රීඩාංගණය නඩත්තු කරන සේවකයන්ගේ ඉඳුම් හිටුම් සඳහා නිවාස සංකීර්ණයක්ද, ශිල්පීන්, ක්‍රීඩකයන් සඳහා වෙනම කුටිද නිර්මාණය කර තිබුණි. 

පසුකාලීනව භූමිකම්පා නිසා මේ දැවැන්ත රංග පීඨය ක්‍රමානුකූලව විනාශවන්නට විය. එහෙත් පසුකාලීන යුගවලදී මෙය ප්‍රතිසංස්කරණය කිරීමට යොමු විය. සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමඟ මෙය ලොව ආකර්ෂණීය සංචාරක පුරවරයක් බවට පත් විය. මෙම ක්‍රීඩාංගණ සංකීර්ණයට සහාය වනු පිණිස සහායක ගොඩනැඟිලි රැසක්ද ඉදි විය. පාසල්, දේවස්ථාන, මන්දිර ඉදි විය. රංග පුහුණු පාසල්, ගොඩනැඟිලි සංකීර්ණද එක්වෙමින් තිබී ඇත.

කොලෝසියම සංකීර්ණය වටා මල් පැළ වගාකොට අලංකාරවත් කිරීමටද, කුළුබඩු භෝග රැසක්ද එනම් කුළුබඩු වර්ග 684 තිබී ඇත. කුරුලු උද්‍යානයක්ද මෙයට සමගාමීව තිබී ඇති බව සඳහන් වෙයි.

එකල මුළු මහත් කොලොසියම වර්ණවත්, අති අලංකාර සුන්දර පෙදෙසක්ව තිබූ බව ඉතිහාසය පෙන්වා දෙයි. වාස්තු විද්‍යාත්මකව බලන කල මෙම නැරඹුම් පීඨ ශාලාවේ අලංකාරය ඔප්නංවන සිතුවම්, උද්‍යාන අලංකරණය පරිසර හිතකාමී වීම, ක්‍රීඩාංගණයේ අභ්‍යන්තර සහ බාහිර පෙනීම, ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණ ශිල්පීයත්වය, සමානුරූපී බව, කල්පැවැත්ම, ගිනිකඳු විදාරණයට ඔරොත්තු දීමට හැකිවන ලෙස නිර්මාණය කිරීම, සතුන්ට ගමන් කළ හැකි උමං මාර්ග නිර්මාණය, දැවැන්ත කුලුනු සහ ගොඩනැඟිලි නිර්මාණ සැලසුම් මනබඳනා සුලුය. එය ලෝක පුදුම 7ට ඇතුළත් වනුයේ ද මේ විස්මිත නිර්මාණයේ ගුණාත්මකභාවය මතය. ගොඩනැඟිල්ල වටා ඇති සමරූපී ද්වරයන් එහි ප්‍රතාපවත් බව සහ තේජමානබව පෙන්නුම් කෙරෙයි.

අනාගත පරපුර සඳහා මේ කොලෝසියම ඉතාලි රජය මඟින් සංරක්ෂණය කරමින් පවතියි. මෙය රෝම ඉතිහාසයේ ඓතිහාසික ප්‍රෞඪත්වය ලොවට කියාපාන්නක්ම වෙයි.

කොලෝසියම පදනම් කරගෙන ජනපි‍්‍රය සංස්කෘතික ක්‍රියාකාරකම් රැසක්ද ලොවට දායාද විය. ඒ අතර මේ ඇසුරු කොට නිර්මාණය වූ ලොව ප්‍රචලිත චිත්‍රපට ගණනාවක්ද බිහි විය. අධථචද ඩ්ධතඪඤචර, ට්තචඤඪචබධප, ඊඩඥ ඹචර ධට ච්පචඨධද, ඉධද ධට අධථඥ චදඤ ජ්ධපඨඥ ධට ඡ්ථනඪපඥඵ මේවා ලෝ පතළ කලා නිර්මාණ වී ඇත. නිදහසේ දිග්විජය ලොවට හඬගා කියූ ලෝක ප්‍රකට ලිබර්ටි ප්‍රතිමාවද ඉතාලි කොලොසියමද වාස්තු නිර්මාණ ගොඩනැඟිලි නිර්මාණයේ ස්වර්ණමය අවධීන් සිහිපත් කරවයි.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) 
ඡ්‍යොතිෂවේදී /වාස්තු පර්යේෂක 
ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.