වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
සුබ හෝරාවෙන් වාසනාව උරගාන්න
සැප්තැම්බර් 6, 2019
වාසනාව උර ගෑමට පෙර තමන් ගේ හඳහන පරික්ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන් ධන යෝග තිබේනම් අනිවාර්යෙන් ම වාසනාව උදා වෙනු ඇත. අසුබ හෝරා වලින් වාසනාව උර ගෑම අත් හැර තමන් ට අයත් සුබ හෝරාවලින් වාසනාව උරගා බලන්න. ඔබට ජය අත් වෙනු නියතය.
වාසනාව උර ගෑම සඳහා විවිධ ක්‍රම ඇත. රාජ්‍ය අනුග්‍රහය මත නිකුත් කරන ලොතරැයි පත්. අශ්ව රේස්, කැසිනෝ, මැණික් ගැරීම් හා නීති විරෝධි කාඩ් සෙල්ලම් ආදි ක්‍රම වලින් වාසනාව උර ගෑමට පුලුවන. බොහෝ අය වාසනාව උර ගාන්නේ වාසනාව නො ලැබෙන අසුබ වේලාවන් තුළ ය. ඔබේ ලග්නය අනුව සුබ හෝරාවෙන් වාසනාව උර ගාන්න. අනිවාර්යයෙන් ම ඔබට ජයග්‍රහණයක් උදා වේ.
රාජ්‍ය අනුග්‍රහය මත නිකුත් කරන ලොතරැයි පත් රාශියක් දැනට වෙළඳ පොළේ ඇත. වාසනාව උර ගෑම සඳහා ලොතරැයි පත් ගන්නේ ලොකු තෑග්ගත් බලාපොරොත්තුවෙනි. ධනවත් වී හොඳ යහපත් ජීවිතයක් ගත කිරීම කාගෙත් ආශාවකි. එම වාසනාව ලබා දෙන භාග්‍යයක් ඔබට තිබේදැයි බැලිය හැකි එකම මාර්ගය වන්නේ ඔබේ උපන් වේලාවට සාදා ඇති හඳහන යි. හඳහන නිවැරදිව පරික්ෂා කිරීමෙන් ඔබට වාසනාව තිබේදැයි පැහැදිලිව දැන ගත හැකිය. ඔබ උපන් ලග්න අනුව ඔබට සුබ දින හා සුබ හෝරාව දී තිබේ. ඔබ වරක් මෙම සුබ හෝරාවෙන් වාසනාව උරගා බලන්න.
මෙම ලිපියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සුබ හෝරාවෙන් වාසනාව උර ගෑමේ මාර්ගය පහදා දීමයි. ඒ සඳහා පළමුව ඒ ඒ ලග්න වලට වාසනාව උර ගෑම සඳහා සුබ පල දෙන ග්‍රහයා හඳුනා ගත යුතු ය. සමහර ග්‍රහයින් අසුබ පල දෙන අතර සමහර ග්‍රහයින් සුබ පල දෙයි. විශේෂයෙන් ඒ ඒ ලග්න වලට හිමි යෝග කාරක ග්‍රහයා වාසනාව උර ගෑම සඳහා ලොකු උපකාරයක් කරයි. ඔබේ ලග්න අනුව සුබ ග්‍රහයින් මෙන් ම යෝග කාරක ග්‍රහයා පහත දැක් වේ.
මේෂ ලග්නය
මේෂ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි , සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා ගුරු ය. මේෂ ලග්නයෙන් උපන් අයට බ්‍රහස්පතින්දා උදේ 6.00-7.00 හා දවල් 1.00- 2.00 අතර ගුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු යන හෝරා වලින් වාසනාව උර ගාන්න.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සෙනසුරු ය. වෘෂභ ලග්නයෙන් උපන් අයට සෙනසුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00- 2.00 තුළ ශනි හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ, බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.
මිථුන ලග්නය
මිථුන ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. මිථුන ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00 -2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
කටක ලග්නය
කටක ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ, සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. කටක ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල සඳු, කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
සිංහ ලග්නය
සිංහ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. සිංහ ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ හා ගුරු හෝරාවලින් වාසනාව උර ගාන්න.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ හා සිකුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. කන්‍යා ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ හා සිකුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
තුලා ලග්නය
තුලා ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ කුජ, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සෙනසුරු ය. තුලා ලග්නයෙන් උපන් අයට සෙනසුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ ශනි හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල කුජ– බුධ , සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ, හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සඳු ය. වෘශ්චික ලග්නයෙන් උපන් අයට සඳුදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සඳු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු හෝරාවලින් වාසනාව උරගාන්න.
ධනු ලග්නය
ධනු ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. ධනු ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00 -2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
මකර ලග්නය
මකර ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ , සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. මකර ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
කුම්භ ලග්නය
කුම්භ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. කුම්භ ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ, සිකුරු හා සෙනසුරු හෝරාවලින් වාසනාව උරගාන්න.
මීන ලග්නය
මීන ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. මීන ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, බුධ. සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න. සුබ හෝරාව සඳහා දී තිබෙන වේලාව හිරු උදාව අනුව ගලපා ගත යුතුය. මෙම හෝරාවල පංචම හෝ සූක්ෂම හෝරාවෙන් වාසනාව උර ගාන්න. ලොතරැයි පත් ලබා ගන්නා දිනයට අයත් නැකත හා තමන් ගේ නැකත සමඟ සම්පත් යෝගයක් තිබේ නම් හෝරාව බලවත් ය. එම හෝරාව පක්ෂියා රජ වන වේලාව අයත් නම් වඩාත් සුදුසු ය.
වාසනාව උර ගෑමට පෙර තමන් ගේ හඳහන පරික්ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන් ධන යෝග තිබේනම් අනිවාර්යෙන් ම වාසනාව උදා වෙනු ඇත. අසුබ හෝරා වලින් වාසනාව උර ගෑම අත් හැර තමන් ට අයත් සුබ හෝරාවලින් වාසනාව උරගා බලන්න. ඔබට ජය අත් වෙනු නියතය.
ඡ්‍යොතිර්වේදී
ග.මු.සුබසිංහ
මාදිවෙල, කෝට්ටේ
෴ සබැඳි ලිපි ෴
ලග්න දොළසටම බුධ ආධිත්‍ය සුනඵා, අනඵා, දුරුධරා යෝග බලයෙන් බුද්ධිය සහ කීර්තියලංකා කේන්දරයේ ධර්මකර්මාධිපති යෝගය යෙදීම සමස්ත ජනතාවට ආශිර්වාදයක් රාශි...
2023-12-28 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරට සස යෝග බලයෙන් සැප සම්පත්මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර, කුම්භ රාශි හිමියනට ලක්ෂ්මි යෝග බලයෙන් ධන...
2023-12-21 18:30:00
සුබ නැකත ගැන රටම කතා කරනුයේ සිංහල අලුත් අවුරුද්දටය. එහෙත් උපන් දා සිට මැරෙනදා තෙක්ම නැකත් සමඟ කටයුතු කිරීමට පෙළඹී ඇත්තෙමු. සුබ නැකත් ඇත්තටම වැඩක්...
2023-12-14 18:30:00
මේ වසරේ අවසාන ග්‍රහ යුද්ධය දෙසැම්බර් 28 පෙරවරු 06.02 ට ඥානකාරක බුධ සමඟ සෙන්පති අඟහරු අතර සිදු වනු ඇත. එයින් බුද්ධියට ආධිපත්‍යය දරන බුධ ග්‍රහයා ජය ගනී...
2023-12-07 18:30:00
ලග්න දොළසටම එකවර වාසනාවවෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ-ලග්න හිමියන්ට සස සහ රුචක යෝග බලයෙන් නිරෝගී දරු සම්පත්ලග්න දොළසටම ඵාශ, ගජකේශරී, වෙශී, වොශී,...
2023-11-30 18:30:00
එළැඹෙන වසරේ ජනවාරි 15 අලුයම දක්වා දෙසැම්බර් මාසයම ද ආවරණය කෙරෙන පරිදි ධනු රාශියේ මේෂ නවාංශකයේ මූල නැකතේ 01 පාදය ආශි‍්‍රතව සූර්ය දිව්‍යරාජයා ධර්ම...
2023-11-23 18:30:00
වනිතාවන්ට සහන සේවා රැසක්මැද පෙරදිග ගිනි ගැනීම්, යුද ගිනිබිය වර්ධනය වීම්සංචාරක සේවා වර්ධනය වෙයිරංගන, ගායන, කලාකාමීන්ට සුබසාධනනොවැම්බර් 30 ගුරු දින...
2023-11-16 18:30:00
වෘශ්චික, කුම්භ, වෘෂභ, සිංහ රාශිවලට කුජගෙන් රුචක යෝගරාය හා ශනිගේ සස යෝග බලයෙන් වාසනාව පෑදේමිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට බුධගෙන් භද්රායෝග බලය සමඟ...
2023-11-09 18:30:00
මැණික් ගැරීම්, පතල් කැණීම්, නව වස්ත්රාභරණ පැලඳීම සඳහා ආගමික- සමාජ සුබසාධන කටයුතු සඳහා යෝග්‍යයි කාර්මික සහ කෘෂිකාර්මික සේවා නිර්ණාමික, නාමික,...
2023-11-02 18:30:00
මැණික් ගැරීම්, පතල් කැණීම්, නව වස්ත්රාභරණ පැලඳීම සඳහා ආගමික- සමාජ සුබසාධන කටයුතු සඳහා යෝග්‍යයි කාර්මික සහ කෘෂිකාර්මික සේවා නිර්ණාමික, නාමික,...
2023-11-02 18:30:00
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන සප්ත්ර ග්‍රහයන්ගේ ආශ්චර්යමත් හැසිරීම අහසේ රටා මැවීමට හේතුවක් වනු ඇත. බටහිර විද්වත්හු සහ පෙරදිග...
2023-10-26 18:30:00
නොවැම්බර් 16 වැනිදා ගුරුදා පැය 17.50ට රවි වෘශ්චිකයට ගමන් කරයි.එදින සිට දෙසැම්බර් 16 දින දක්වා රවි වෘශ්චිකයේ හැසිරෙනු ඇත. මේ කාලය තුළ ‘විසා එක් අනුර,...
2023-10-26 18:30:00
වල්ගා තරු පෑයීමක් ද සිද්ධ වුවහොත් ලොව ප්‍රබල චරිතයක් පිළිබඳ අසුබ ආරංචියක් ලැබෙනු ඇතවෘශ්චික, කුම්භ, සිංහ, වෘෂභ රාශි සතරට සස යෝග බලයසුනඵා-අනඵා, දුරුධරා...
2023-10-19 18:30:00
බුද්ධිය මොටවන ශක්තිය රජවන සමයක්ස්වාභාවික විපත් තවත් දැඩි වෙයිඑළැඹෙන ඔක්තෝම්බර් 29 වෙනි ඉරු දින රාත්‍රී 07.53ට ඥානකාරක බුධ ග්‍රහයා, සෙන්පති කුජ සමඟ ග්...
2023-10-12 18:30:00
අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා...
2023-09-28 18:30:00
වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපලජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේකාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි...
2023-09-28 18:30:00