කාන්තාවන්ගේ මාසික මානසික පෙරළිය

ජූලි 26, 2019

මල්වර වූ දිනයේ සිට ආර්තවහරණය තෙක් (ආර්තවය සම්පූර්ණයෙන් නතර වෙන තුරු) ඇතැම් කාන්තාවන් මේ සින්ඩ්‍රෝමයට ගොදුරු විය හැකියි.

ඉශානි පෑන කටේ තබාගෙන බලා සිටින්නීය. නිසල් හීන්සැරේ කාමරයට රිංගා ගත්තේය. ගිනි කන්දක් මෙන් හිටි හැටියේ සුනම්‍යාගේ කෝපය සක්‍රීය වීමට පටන් ගෙන ඇත. මෙවර ඇය ගිනි ඇවිළී තිබෙන්නේ කුමන කරුණකටදැයි කිසිවකු නොදනී. මුළු පවුලම මාසයට දින කිහිපයක් සුනම්‍යාගේ කෝපයෙන් දැවී අළු වෙයි. මේ අත්දැකීම බොහෝ පවුල් සංස්ථාවලට පොදු වූ අත්දැකීමකි.

ඉතා සාමකාමී ලෙස යුග දිවිය ගත කරන බිරින්දෑවරුන්ගෙන් මාසයකට වරක් මෙසේ වෙස් පෙරළියක් දක්නට ලැබෙන්නේ ඇයි?

සැමියා, දරුවන් වැනි සමීපතමයන් සමඟ, රැකියා ස්ථානයේ ප්‍රධානීන් සහ සගයන් සමඟ සුළු සුළු ගැටලුවලට පවා ගැටුම් ඇති කර ගනිමින් (හේතුවක් නැතිවත් ගැටුම් ඇති කර ගනිමින්) කෝපයෙන් නොරිස්සුම් සහගත ලෙස කාන්තාවන් හැසිරෙන්නේ ඇයි? ඇයට ඇත්තේ මානසික රෝගයක් හෝ කායික රෝගයක් නෙවෙයි. මානසික රෝගයක් නම් එය දිගටම පැවතිය යුතුය. එහෙත් මෙය පවතින්නේ මාසයේ එක්තරා දින කිහිපයක් පමණි. මේ කාන්තා මානසිකත්වය හඳුන්වන්නේ පූර්ව ආර්තව සින්ඩ්‍රෝමය (ර්‍ථපඥ-ථඥදඵබපභචත ඉරදඤපධථඥ) ලෙසිනි.

මල්වර වූ දිනයේ සිට ආර්තවහරණය තෙක් (ආර්තවය සම්පූර්ණයෙන් නතර වෙන තුරු) ඇතැම් කාන්තාවන් මේ සින්ඩ්‍රෝමයට ගොදුරු විය හැකියි. සෑම කාන්තාවකම සින්ඩ්‍රෝමයේ ගොදුරක් වන්නේ ද නැත. බරපතළ ලෙසින් පූර්ව ආර්තවය (ඔසප් සින්ඩ්‍රෝමය) ඇති වන්නේ අවුරුදු තිහට ආසන්න වයස්වල පසුවන කාන්තාවන්ටය. සරු වයසේ, එනම් ආර්තවය සිදු වන වයසේ කාන්තාවන්ගෙන් 30% - 80% ක් මේ ලක්ෂණ පෙන්නුම් කරති. එහෙත් ඉන් දරුණු ලෙස සින්ඩ්‍රෝමයට ගොදුරු වන්නේ 2% ක් – 3% ත් පමණි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් :–

වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති

පී.එන්.විද්‍යාකුලපති
සටහන චම්පිකා දීපානි රණසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.