කාන්තාවන් අතර සුලබ ඇඟිලි හිරි වැටීම

අප්‍රේල් 19, 2024

 

මැදිවියට එළඹීමත් සමඟ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් ලෙස ඇඟිලි හිරිවැටීම හඳුන්වන්නට පුළුවන්. ඔබ රැකියාවක් කරන පුද්ගලයකු හෝ ගෘහනියක නම් මේ තත්ත්වය නිසා ඔබගේ නිවෙසේ සහ රාජකාරී ස්ථානයේ වැඩකටයුතු කර ගැනීම ඉතාම අපහසු වෙනවා.

බොහෝ විට මේ හිරවැටීමේ තත්ත්වය කුඩා ප්‍රමාණයෙන් ආරම්භ වී ක්‍රමයෙන් වැඩිවීම සිදුවනවා වඩා උග්‍ර අවස්ථාවලදී අතේ මාංශ පේශිවල ශක්තිමත්භාවය අඩුවීම සහ ඔබගේ ග්‍රහණ(Grip) හැකියාව අඩු වන්නටත් පුළුවන්.

මැණික් කටුව ආශ්‍රිතව නැමීමේ සහ දිග හැරීමේ චලන දිනකට වැඩි වාරයක් කිරීමට සිදු වීම මේ රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රධානම හේතුවයි. එහෙත් මේ සඳහා වක්‍රව හේතුවන කාරණා කිහිපයක් ඇත.

ඔබ මැදි වයසේ පසුවන කාන්තාවක් නොවුණත්, ගර්භනී කාන්තාවක් නම් හෝ මෑත කාලීනව දරුවන් බිහි කළ මවක් නම් ඔබත් මේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳීන්නට වැඩි ඉඩක් පවතී.

එමෙන්ම දැනටමත් දියවැඩියා රෝගයෙන් සහ තරබාරුකමින් පෙළෙන කාන්තාවක් නම් සහ තයිරොක්සින් හෝමෝනවල පවතින අසමතුලිතතා නිසාද මෙය ඇතිවන්නට පුළුවන්.

අතේ ඇඟිලිවල චලනයට සහ සංවේදනය ලබාදීමට හේතුවන අල්නා, මීඩියන් හෝ රේඩියල් යන ස්නායු තුනෙන් එකක් හෝ කිහිපයක් බෙල්ල ආසන්නයේදී හෝ වැලමිට ආසන්නයේදී අනවශ්‍ය තෙරපුමකට ලක්වූ විට ඇඟිලි හිරිවැටීමේ අවදානමක් පවතී.

එමෙන්ම දියවැඩියාව ආශ්‍රිතව ඇතිවන පර්යන්ත ස්නායු ආබාධ (Diabetic Neuropathy) වැනි තත්ත්වවලදී ද දෑත ආශ්‍රිත සියුම් ස්නායු හානියට පත්වීම නිසා ද මේ තත්ත්වය හට ගනී.

මීට අමතරව කියුබිටල් ටනල් සින්ඩ්‍රොම්, ෆයිබ්‍රොමයල්ජියා සහ කාපල් ටනල් සින්ඩ්‍රොම් වැනි ස්නායු පද්ධතියේ විවිධ ස්ථානවලට හානි ගෙන ගෙන දෙන රෝග මඟිනුත් මේ තත්ත්වය ඇතිවන්නට පුළුවන්.

ඔබ දෑත ආශ්‍රිතව සන්ධි ප්‍රදායික තත්ත්වයකින් (Rheumatoid Arthritis )  පෙළෙන්නේ නම් එවිටද ඇඟිලිවල හිරිවැටීම නිසා පීඩාවට පත්වන්නට සිදුවනවා.

දෑත ආශ්‍රිතව සිදුවන අස්ථි බි¼දීම් ,සන්ධි විස්ථාපනයන් සහ මෘදු පටකවලට සිදුවන හානි (Sprains & Strains)  නිසාද සමහර අවස්ථාවලදී ඇඟිලිවල හිරිය ඇති වීම සිදු වනවා.

එමෙන්ම දෑත ආශ්‍රිතව මෘදු පටකවල හටගන්නා Myofascial Pain Syndrome වැනි සහ ලක්ෂණයන් නිසාද සමහර අවස්ථාවලදී මේ තත්ත්වය ඇති වනවා.

පිළිකා රෝගීන් සැලකීමේදී ඔවුන්ට ප්‍රතිකාර ලෙස ලබා දෙන සමහර බටහිර ඖෂධ නිසාද මේ තත්ත්වය ඇතිවේ. පෝෂණ ඌණතාවයන් සලකන විට විටමින් ඕ ශරීරයට නිවැරදිව නොලැබීම ද මේ තත්ත්වයට හේතුවක්.

ප්‍රතිකාර

වෛද්‍යවරයා විසින් සිදු කරන රෝග පරීක්ෂාවෙන් සහ රෝග හඳුනා ගැනීමෙන් පසුව ඇඟිලිවල ඇති හිරිවැටීම වෙනයම් ප්‍රාථමික රෝගයක් නිසා සිදුවී ඇත්දැයි යන්න තීරණය කළ යුතුයි. ඒ ආකාරයට රෝගියා යම්කිසි මූලික රෝගයකින් පෙළේ නම් පාරම්පරික සර්වාංග වෛද්‍යවරයකුගේ ප්‍රතිකාරවලට යොමු කළ යුතු වනවා. එසේ නොමැති අවස්ථාවලදී පහත ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්නට පුළුවන්.

1.පාරම්පරික තෛල මඟින් සිදු කරන දෑත් සහ ඇඟිලිවලට තෙල් ගැල්වීමේ ප්‍රතිකාර .මෙහිදී තැවීම් ප්‍රතිකාරද තෙල් ගැල්වීම ප්‍රතිකාර සමඟ සිදු කරන්නට පුළුවන්.

2.මැණික් කටුව හෝ ඇඟිලි ආශ්‍රිතව අස්ථිබිඳීම්, සන්ධි විස්ථාපනයන් සිදුවී ඇතිනම් ඒ සඳහා අවශ්‍ය පරිදි තෙල් පත්තු සහ මැල්ලුම් පත්තු භාවිත කළ හැකිය.

3.මේ පාරම්පරික ප්‍රතිකාර සමඟ හෝ ඒවාට පරිබාහිරව සිදු කරන පාරම්පරික චීන කටු වෛද්‍ය ප්‍රතිකාර මඟින්ද මෙවැනි රෝග සඳහා ඉක්මන් සුවයක් ළඟා කර ගැනීමට හැකියාව පවතී.

නිවෙසේදී සිදු කළ හැකි ප්‍රතිකාර

ඔබ ඇඟිලිවල හිරි වැටීමෙන් පෙළෙන රෝගියෙක් නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන තෙක් පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මඟින් යම් සහනයක් සලසා ගැනීමට පුළුවන්.

1.දෑත් සහ ඇඟිලි තැවීම :

මේ සඳහා උණුවතුර භාවිත කරන්නේ නම් බඳුනක් ගෙන එයට අවශ්‍ය තරමට රස්නය සහිත උණුවතුර දමා ලුණු කැට කිහිපයක් දමන්න. ඉන්පසුව මැණික් කටුවේ මට්ටමට එන තෙක් හිරිවැටීම ඇති දෑත හෝ අත එහි දමා ඇඟිලි නැමීම සහ දිගෑරීම සිදු කරන්න. මෙය දිනකට මිනිත්තු 15 - 20 පමණ සිදු කිරීමේ යෝගය වෙනවා.

උණුවතුර වෙනුවට උණුවතුරෙන් පෙඟවූ හෝ හුමාලයෙන් රත් කළ තුවායක් භාවිත කරන්නටද පුළුවන්. රත් කරන ලද තුවාය අතේ සහ ඇඟිලිවල ඔතා මිනිත්තු 15 - 20ක් තබා ගන්න.

2 පෝෂණ ඌනතාවයන් මඟහරවා ගැනීම සඳහා විටමින් ඕ අඩංගු ආහාරවන රනිල භෝග, බිත්තර සහ මස් වැනි ද්‍රව්‍ය වැඩිපුර තමන්ගේ දෛනික ආහාර වේලට එකතු කර ගන්න.

3.වේදනාව නොදැනෙන පරිදි සරල චලනවලින් දෑතේ මැණික්කටු සහ ඇඟිලි සඳහා දිනකට මිනිත්තු 30ක් පමණ ව්‍යායාම සිදු කරන්න.

4.හිරිවැටීමට අමතරව වේදනාවක් පවතින අවස්ථාවලදී වේදනාව සඳහා දිනකට කිහිප වතාවක් මිනිත්තු 15ක් පමණ අයිස් තැබීමද සිදු කරන්න.

නිවසේදී සිදු කළ හැකි ඉහත ආකාරයේ ප්‍රථමාධාර සමඟ හැකි ඉක්මනින් සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍යවරයකු යටතේ නිවැරදි ප්‍රතිකාරවලට යොමු වන්න. එමඟින් හැකි ඉක්මනින්ම පූර්ණ සුවයක් හා සහනයක් ලබා ගැනීමේ හැකියාවට ලැබෙනු ඇත.

පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහ

චීන කටු වෛද්‍ය

ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.