ගොවියාට වතුරෙන් උපන් ලෙඩේ පොතුවිල වෙද හාමුදුරුවෝ

ඔක්තෝබර් 25, 2019

වතුරෙන්ම සුවපත් කළ අන්දම

වන ඖෂධ පැළෑටිවල සාරය උරාගෙන සොබාදහමටද අනුකූලව සාදාගන්නා ලද කසාය කල්ක, ගුලි ආදිය මෙන්ම නොයෙකුත් රහස් මාත්‍රා අනුව සකස් කරන ලද සින්ධුරම්ද ආදි වශයෙන් වු ආයුර්වේදයේ දැක්වෙන න්‍යායයන් අනුවද, යම් යම් ව්‍යාධීන් පිළිබඳව නුවණින් සිතා බලා හස්තසාරව උපයා සපයා ගන්නා ලද වෛද්‍ය ක්‍රම අනුවද තමන් වෙතට පැමිණෙන රෝගීන්ගේ රෝගාබාධ ව්‍යාධීන් අනුව නියමිත ලෙස ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන්ගේ ප්‍රධාන යුතුකම වන්නේය.

ඔවුන් විසින් එසේ සිදුකරන ලද ප්‍රතිකාරයන්ගෙන් මෙතෙක් දසදුක් විඳි රෝගී නොවේ. මෙසේ තමන්ගේ ව්‍යාධිය සහමුලින්ම ඉවත්කර සුවසෙත සැලසු වෛද්‍යවරයාණන්ට රෝගීන් හදවතින්ම පින්පෙත් දෙන්නේය. මෙලොව පමණක් නොව පරලොවටද සුගතිගාමී වන්නට පින්පෙත් පමුණුවන්නේය.

බුලත් අතක තබා ලෙඩා තමන් වෙත පිළිගන්වනු ලබන මුදල කොතෙක්දැයි විමසන්නේ නැතිව ලෙඩාගේ ව්‍යාධිය මනා ලෙස තේරුම් ගන්නා වෛද්‍යවරයා ඒ සඳහා තමන්ගේ බෙහෙත් හලෙන් නියමිත කසාය, ගුලි ,කල්ක ආදිය ලබාගෙන සුවපත් වීමේ අවස්ථාව ලෙඩා වෙත සලස්වන්නේය. ව්‍යාධියට පත් ලෙඩාට නියමිත බෙහෙත් මේ මේ යැයි තේරුම් ගෙන පිරිසිඳ නුවණින් යුතුව කටයුතු කරන වෛද්‍යවරයකුට එක බෙහෙතින්ම ලෙඩේ කඩා දැමිය හැකිය.

එසේවූ මහා දයා කරුණා මෛත්‍රියෙන් යුතුව කටයුතු කරන වෛද්‍යවරුන් ලෙඩා විසින් පිරිනමන ලද මුදල ගැන නොතකා කටයුතු කරන නිසාම ඔවුන්ට නිතිපතා කිරි උතුරන්නේය. ඔවුන්ට නිතිපතා එසේ කිරි උතුරන්නේ යම්සේද එසේ තමන්ට වෙදකම ඉගැන්වූ ගුරු වෙද තුමන්ටද පිංදෙමින්ම ඔවුන් මේ මහා පින්කම සිදු කරනා බැවිනි.

ලොව දුක් විඳිනා සියල් ලෝ සතුන් වෙත බුදුපියාණන් වහන්සේ විසින් ඒ දුක නිවා ගන්නා සැටි තේරුම් කරමින් වදාළ ධර්මය දේශනා කළා සේම එයටද අනුගතවෙමින් මනුෂ්‍ය ශරීරයේ ඇතිවන රෝග, ව්‍යාධි දුක වේදනා නැතිකර ගැනීමට උපකාරි වන වෛද්‍යවරයා ඇත්තෙන්ම බෝධිසත්ත්වයෙක්ම වන්නේය යනුවෙන් හැඟෙන්නට සමහර ගුරු වෙද මහතුන් තම ගෝලයන් උදෙසා වෛද්‍ය ශාස්ත්‍රය ලබාදීමේදි පූර්වාචාරින් ලෙස පූර්වාදර්ශයෙන් යුතුව කටයුතු කරති. එසේ ගුරුවෙද පියාණන් තමන්ට දුන් වෙදකමේ දායාදය නිසි ලෙස රැකගෙන වෙදකමේ මෙන්ම වෙදගුරුකමේ ගෞරවයද රකින්නට ශිෂ්‍යයින් කටයුතු කරති.

මේ මගින් තම ජීවනෝපායද සලසාගෙන සමාජයේ ඉහළ තලයකට ගැනෙන වෙද මහත්මයකු වන්නට ඔව්හු තමන් කරන කියන හැම වැඩක් පාසාම තම ගුරුදේවයන් සිහිකර තම කාර්යයෙහි යෙදෙති. ඒ ගුණය මතක් කිරීමේ ආශ්චර්යයද එවන් ගෝල වෛද්‍යවරුනට තම වෙදකමින් නිසි ප්‍රතිඵල ලැබීමටද හේතු වාසනාව පෑදීමද එක් සාධකයක් වන්නේය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>


කස්තුරි ලියයි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.