මේ සති‍ෙය් ලග්න පලාපල... (සැප්. 29 සිට ඔක්. 05 දක්වා)

සැප්තැම්බර් 29, 2023

 

මේෂ

රැකියා බලාපොරොත්තුවක් ඉටු කරයි

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කරුණුූ සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ මතභේදකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත. නිතර ඇසුරු කරන අයකු සමඟ සිත නොහොඳකමක් ඇතිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

රැකියාව

උසස් රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන මාර්ග පෑදේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් පැසසුමට ලක්වන සතියකි. නිතර බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට සිදුවේ. අධ්‍යාපනික චාරිකාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

 

සෞඛ්‍යය

වෙනදාට වඩා ගතට සිතට වෙහෙසකාරි බවක් ඇති කරයි. සුළු සුළු අසනීප හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඖෂධ භාවිතයේදී කල්පනාකාරි වීම වැදගත් වේ.

 

අය 06 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘෂභ

ඥාති උපකාරයක්

 

අමතර ලැබීම්වලට සුබදායක සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අලුත් කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලේ ළඟම ඥාතියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. හදිසි ගමන් කීපයක් යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ පැවැති වරප්‍රසාද කීපයක් මඟහැරී යන සතියකි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. දුර ගමන් යෙදෙන රැකියා කටයුතු කීපයක් හේතුවෙන් වෙහෙසීම් මෙන්ම අමතර මුදල් වැයවීම් ද සිදු කරයි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදල් වියදමක් සිදු කරයි. දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

සෞඛ්‍යය

යටපත් වූ අසනීපකාරි බවක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා උදාසීන බවකින් කටයුතු කරන බවක් පෙනේ. කෑම බීම පවා අපි‍්‍රය කරන කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – ළා දම්

සුබ දවස – බදාදා

 

මිථුන

විදෙස් අධ්‍යාපන සැලසුමක්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති සිතේ සැහැල්ලුව මඟහැරී යන කාලයකි. ගේ දොර සැප පහසුවට බාධා ඇති කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි.

රැකියාව

රැකියා ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවේ. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ ශාරීරික වෙහෙසීම් මෙන්ම අමතර මුදල් වැයවීම් ද සිදුවීමට ඉඩ ඇත. ස්වයංරැකියා කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික කටයුතු හේතුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. විදෙස් අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් සැලසුම් කීපයක් සකස් කරගන්නා කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ඇතිවන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවීමෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

 

අය 05 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – නිල්

සුබ දවස – සඳුදා

 

කටක

අතමිට මුදල් ගැවසෙයි

 

හදිසි ලැබීමකට කටයුතු සැලසෙමින් සතිය උදාකරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කරන සතියකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් වගකීම් වැඩි කරන කාලයකි. ශරීරයේ සීනි මට්ටම ඉහළ යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ඇතිවන ක්ලාන්ත ගති හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

අධ්‍යාපනය

හදිසි කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගි වීමට අවස්ථාව සැලසෙන කාලයකි. ලිපිලේඛන ගැටලුවක් හේතුවෙන් සිතට අසහනය ඇති කරන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

මෙතෙක් පීඩාගෙන දුන් අසනීපකාරි බවකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. වරින්වර හටගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීමේදි සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

සිංහ

හදිසි ගමන්

 

මෙතෙක් පැවැති කලබලකාරි ගතිපැවැතුම් මඟ හැරී යන බවක් පෙන්නුම් කරමින් සතිය ආරම්භවන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් මඟ හැරී තිබූ කටයුතු කීපයක් නැවත සකස් කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන කාලයකි. දේපළ ගැටලුවක් වෙනුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. හදිසි ගමන් කීපයක් යෙදෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ඉල්ලීම් කීපයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට ආදායම් තත්ත්වයේ වෙනස්කම් කීපයක් සිදුවිය හැකිය.

අධ්‍යාපනය

වරින්වර උදාසීන බවක් ඇති කළ පාඩම් වැඩ කටයුතු කීපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

නිතර ඇතිවන ඇඟේ පතේ වේදනාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. මානසික අසහනය ඇතිවන කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. පවතින අසනීපයකට ප්‍රතිකාර ලබා ගන්නා සතියකි.

 

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

කන්‍යා

ප්‍රධානීන්ගේ පැසසුම්

ඥාති හිතවතුන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 7,8,9 යන භාවයන් මතින් සිදුවෙයි.

ගෘහ ජීවිතය

වරින්වර උදාසීන ගති පැවතුම් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. කලබලකාරි ගති පැවැතුම් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. මුදල් අගහිඟකම් මතු කරන කාලයකි.

රැකියාව

කලා ක්ෂේත්‍රයේ කටයුතුවල නියැළී සිටින අයට හදිසි රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. හදිසි ලැබීම් හිමිවන අන්දමේ රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති කරයි. ප්‍රධානීන්ගේ පැසසුම් හිමිවන කාලයකි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. නිතර ප්‍රායෝගික කටයුතුවලට සම්බන්ධවන සතියකි. එමෙන්ම පිරිසක් සමඟ එකතු වී කරන වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට යම් යම් බාධා මතුවිය හැකි සතියකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලටද භාජනයවීමට සිදුවන බවක් පෙනේ. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා විඳින කාලයකි.

 

අය 06 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබදවස – සිකුරාදා

 

තුලා

ව්‍යාපෘති ලාභ

 

ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ගැටලුකාරි බවක් දුර දිග යන කාලයකි. පවුලේ වැඩිහිටියකු සමඟ බහින්බස්වීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර ඇවිදිලි වැඩි කරන සතියකි. එදිනෙදා කටයුතුª සම්බන්ධ උදාසීන බවක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ හදිසි සැලසුමක් ඇතිකර ගනී. එමෙන්ම ව්‍යාපාර කටයුතුවලින් අතමිට සරුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන සතියකි. නිතර තැන තැන ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතුª කීපයක් යෙදේ. පර්යේෂණාත්මක වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

වෙනදාට වඩා සිතේ අසහනයෙන් කටයුතු කරන සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට සහභාගි වීමට අවස්ථාව සැලසෙන කාලයකි. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

 

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

වෘශ්චික

විභාග ජයග්‍රහණයක්

 

අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අලුත් ඥාතියකු පවුලට සම්බන්ධවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වරින්වර ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන කාලයකි.

රැකියාව

රැකියාවේ ඉදිරි කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. එමෙන්ම තාක්ෂණික අංශයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවන්න.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි ප්‍රබෝධයකින් කරන බවක් පෙන්නුම් කරයි. තරග විභාගවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. පරම්පරාගත ශාස්ත්‍රයක් ඉගෙනීමට අවස්ථාව සැලසෙන සතියකි.

සෞඛ්‍යය

වරින්වර සෞඛ්‍යය ගැටලු කීපයකට මුහුණදීමට සිදුවන සතියකි. මුහුණේ ඇතිවන කුරුලෑ, ලප, කැලැල්, ආදිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය 09

ජය වර්ණය - ළා දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

ධනු

අමතර ආදායම් මාර්ග

පවුලේ අය අතර නොසන්සුන් අයුරින් කටයුතුª කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවන සතියකි. මවුපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. මෙතෙක් අතහැර දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස් වීමට කටයුතු සැලසේ. අමතර ආදායම් මාර්ග හිමිවන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ හිමි කරයි. පොත්පත් කටයුතු කෙරෙහි වෙනදාට වඩා කැප වී කටයුතු කරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වීම වැදගත් වේ. මුඛය ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පැවැති ශරීරාබාධ කීපයක් මඟහැරී යයි.

 

අය 07 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

මකර

පවුලේ උත්සවයක්

පවුලේ අය අතර ප්‍රසිද්ධියට කරුණු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟහැරී යයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග කීපයකට මඟ සැලසේ. පදිංචියෙන් පිට යෙදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සිතේ පී‍්‍රතියෙන් රැකියාවේ කටයුතු සිදු කරයි.

අධ්‍යාපනය

අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. එමෙන්ම පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන්ද අමතර මුදල් වැය කරන බවක් පෙන්වයි.

සෞඛ්‍යය

නිතර ඇතිවන පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි වැටීම් තැලීම් ආදියට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

වෙනදාට තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 07 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කුම්භ

ජනප්‍රිය වීමට අවස්ථා

සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අන්සතු වස්තු ලාබයකට හිමිකම් ඇති බවක් පෙනේ. එහෙත් නිතර දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීම් සිදු කරයි. සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන සතියකි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. ස්වයං රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. විදෙස් රැකියා බලාපොරොත්තුවන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනික ප්‍රදර්ශනයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නිතර වැඩසටහන්වල මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි. ගණිත අංශයෙන් ඉගෙනුම ලබන අයට සුබදායක ලෙස ගැටලු කීපයක් විසඳී යන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධා ගෙන දෙන සතියති. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 06 වැය 04

ජය අංකය – 06

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

 

මීන

පවුලේ කටයුතුවලට විශේෂ උනන්දුවක්

නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වෙමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි. වැඩිහිටියකු වෙනුවෙන් වෙනදාට වඩා ඇප කැපවී කටයුතු කිරීමට සිදුවේ. දවසින් වැඩි කාලයක් පදිංචියෙන් පිට වාසය කිරීමට සිදුවන සතියකි.

රැකියාව

ව්‍යාපාර ලාභ හිමිකම් ඇති සතියක් වන අතර, නිතර උනන්දුවෙන් රැකියාවේ කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරයි. උගත් දෙයට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියා මාර්ගයකට සිත යොමු කරන කාලයකි.

අධ්‍යාපනය

විශේෂ සැලසුම් කීපයක් අනුව කටයුතු කිරීමට සිදුවන සතියකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හිතවතකුට උපකාර කිරීමට අවස්ථාව උදා කරයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධ තෑගිබෝග හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙසීම් වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වරින්වර ඇති කරන මුත්‍රා අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද ලක්වීමට සිදුවන සතියකි.

 

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.