2024.04.29 සඳුදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 29, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 07.29 - 09.03
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

පැවැති වගකීමකින් නිදහස උදා කරයි. ගේ දොර කටයුතු පිළිවළකට තබා ගැනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. දරුවන් සමඟ පී‍්‍රතියෙන් ගත කරන දිනයකි.

වෘෂභ

නොසන්සුන්කාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා බවක් පෙන්නුම් කරයි. නොසිතු පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

මිථුන

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නැති වූ දෙයක් නැවත හිමි කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

කටක

අමතර වාසි සැලසෙන බවක් පෙනේ. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිවන දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

සිංහ

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි.

කන්‍යා

ආගමික භක්තිය දනවන කටයුතු කීපයක් සිදුකිරීමට අවස්ථාව සැලසේ. දරුවකු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

අවිවේකී ලෙස දවස උදා කරයි. පොත්පත් ලිපි ලේ්ඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරන දිනයකි.

වෘශ්චික

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. පෙම් සබඳතාවයකට පැටලීමට ඉඩ ඇති දිනයකි.

ධනු

පවුලේ වගකීම් වැඩි කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරයි.

මීන

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.