වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
“ධර්ම කර්මාධිපති” යෝගයේ බලය නියම ලෙසට ඵලදීම
අප්‍රේල් 19, 2019
“ධර්ම – කර්ම” යනු භාග්‍යස්ථානය හා කර්මස්ථානයට (9-10) හිමි ග්‍රහ එකතුවකි. තවත් ලෙසකට ප්‍රකාශ කළොත් උගත් බවේ හෝ දැනුවත් කමේ භාග්‍ය මත රැකියා දියුණුවට සම්බන්ධ බලයක් ලැබීමයි. එසේම ජීවිතයේ පැවැත්මට, කරන කර්මාංශ කටයුතුවලට එසේත් නොවේ නම් රැකියා බලයට කරන ශුභ /අශුභ බලපෑම් මෙම යෝගය තුළ ගැබ්ව පවතී.
ධර්ම හා කර්ම ස්ථාන එක් කොට තැනෙන බලයක්, ගමන් මගක් ශක්තිමත් පාලමක් මෙන් මෙම බලය ජන්මියාට ක්‍රියා වනු ඇත.
කාලීන වශයෙන් බලවත්වීමකට අවශ්‍යම වන යෝගයක් සේම, සංකීර්ණ අධ්‍යාපන ක්‍රමවේද, සංකීර්ණ රැකියාව හෝ කර්මාංශ බලය ට බෙහෙවින්ම බලපෑම්වලට ලක් කළ හැකි බලයක්ද වේ. අපට මතුපිටින් පෙනෙන මෙම ග්‍රහ බලය පෙනෙන ආකාරය හෝ ඵලදෙන ආකාරය කෙසේ දැයි යම් දෘෂ්ටියකට හේතු වුවත්, මෙම යෝගය ශුභඵල දෙන ආකාරයටම කෙනෙකුට පිහිටන්නේ පෙර භවයේ කරන ලද කුසලා කුසල කර්ම අනුව බොහෝ ජන්මීන්ට “ධර්ම – කර්ම” බලය ඇතිවිය හැකිය. එහෙත් නිරන්තර ලෙස ඵලදෙන ආකාරයට පිහිටන්නේ අතලොස්සක් දෙනාට පමණි. මන්ද, උපතේ දී ජන්මියාට 9-10 හිමිකම අනුව පවතින ග්‍රහ තත්ව මත වේ. සමස්තයෙන් බැලූවිට මෙම යෝගය ධනු ලග්න හිමි අයට රාශි 12 කුමන රාශියකට යෙදුනත් අශුභඵල අවම කර ශුභඵල අධිකව යෙදෙන බවට පෙන්වා දී ඇත. එසේ වන්නේ නව වැන්න වන ධර්මස්ථානයම එක ම දීප්ති ග්‍රහයා වන රවිට හිමිවීමත්, කර්මස්ථානය බුධට හිමිකමත් මතය. එසේ වූ විට 9 හා 10 වැන්නේම දෙදෙනා වෙත්නම් බලවත්ම ඵල නියත ලෙසටම යෙදේ. රවි – බුධ ග්‍රහ දෙපළ එකටම ගමන් ඇති ග්‍රහයෝය. එසේම රවි – බුධ යෝගය නිරන්තරයෙන්ම එක රාශියේම වේ. නිතරම බුධගේ වක්‍ර, අස්ත, නිවෘත වීම් ආදිය රවිගේ රශ්මියට අවනතව යෙදේ. සිංහ, කන්‍යා රාශිවලදීද බුධගේ බලයද අවම වීමක් නැත.
උපතට, ලග්නය, දෙර්කාණ බලය, බාධක බල ආදී සියල්ලම අදාළ කරගෙන බලන විට, මේෂ ලග්නයට දෙවැනි දෙර්කාණය, 22 වැනි දෙර්කාණ (බාධක) බලය ගුරුට හිමිවේ. ඔහු 9 අධිපතියාය. බාධක ග්‍රහයා චර රාශිවලදී බාධක බලය 11 අධිපති ශනිට හිමි වේ. මෙහිදී ධනු,මකර, 9-10 වුවත්. බාධක කම හිමියා ශනි වීම නිසා ද ධ්ධ් දෙර්කාණ බලය ගුරුට හිමිවීමත් අනුව “ධර්ම කර්මාධිපති” බලය යෙදුණද ඵලදීමක් ඇති නොවේ.
ඉහත යෝගය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට රැකියාව, බලවත්වීමට හේතුයි. සිතුවත්, මේෂ ලග්නයට ඵලදීමක් ඇති නොවේ. එහෙත් රවි – ගුරු ( 22 වැනි දෙර්කාණ බලට ගුරුට හිමි නොවුන විට ) එම යෝගය ඉතාම යහපත් ඵලදීමක් වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
එස්.එච්. වංසාද සිල්වා
මාදින්නාගොඩ
෴ සබැඳි ලිපි ෴
මෙලොව උපන් සෑම අයකුම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මිල මුදල් අතට ලැබෙන්නේ ද යන්න දැන ගැනීමටයි. වත්මන්හි සල්ලි සොයන ක්‍රමය ගැන සෑම මිනිත්තුවක්...
2024-04-18 18:30:00
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙතට ලිවීමට අදහසක් පහළ වූයේ මෑතකාලයේදී අසම්මත ලිංගික සම්බන්ධතාව ඉහළ ගොස් ඇති බවට ලොව පුරා පැතිර යන ප්රවෘත්ති සමඟය...
2024-04-18 18:30:00
රාශි චක්‍රයේ එකොළොස් වැන්න කුම්භ රාශියයි. තාරකා 108කින් සමන්විත වායු රාශියක් වන කුම්භ රාශියට හිමි ප්‍රදේශය රාශි චක්‍රයේ අංශක 300 - 330 දක්වා පැතිර...
2024-04-18 18:30:00
ළා නිල් පාට නවීන පන්නයට අයත් බෙන්ස් කාරයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව ඉදිරිපස නතර කෙරිණි. එය පදවාගෙන ආවේ වත්පොහොසත්කම් ඇති සුරූපී කාන්තාවකි....
2024-04-18 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින්...
2024-04-18 18:30:00
“ඇයි අපේ රටේ මිනිස්සු තවමත් ඔය යක්ෂ, භූත, දේව සංකල්ප එක්ක ඉන්නේ”?“කොහොමද දරුවෝ එහෙමම ඉන්නා වගක් කියන්නේ”?“නෑ ගුරුන්නාන්සේ සීයෙ අපි තවමත් ඒව අදහනවා නේ...
2024-04-11 18:30:00
අප්‍රේල් 05 වැනිදාමෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 5 වන අතර, එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ...
2024-04-11 18:30:00
සුර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම ඡ්යොතිෂවිද්යානුකූලව අලුත් අවුරුදු උදාව ලෙස විග්රහ කරන අතර එම රාශි මාරුව සිදුවන කාල...
2024-04-04 18:30:00
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ආයුබලය, ධනබලය, පිරිස්බලය ගෙන දෙන ආගමික අංශවලට ද නැඹුරු කරන පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය සහ මේෂ, මිථුන,...
2024-04-04 18:30:00
සිංහල - හින්දු අයට වසරක් ගෙවිලා වසරක් ලබන කොට ඒ අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරන්නේ නැකතට. නැකතට වැඩ ආරම්භ කිරීම සිංහල බුද්ධාගමේ අපිට විතරක් උරුම එකක්...
2024-04-04 18:30:00
ශකවර්ෂ 1945ක් වූ මීන රවි 23 භාග මැදින් අව එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 29 භාග බක් පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-04-04 18:30:00
සුර්ය සංක්‍රාන්තිය සිදුවන වෙලාවට වෘශ්චික ලග්නය උදාව පවති. ලග්නයෙන් 4 වැන්නේ ශනි,කුජ ද, 5 වැන්නේ සිකුරු,රාහු,බුධ,නෙප්චූන් ද, 6 වැන්නේ රවි,ගුරු,යුරේනස්...
2024-04-04 18:30:00
නව තාක්ෂණික දියුණුවඅපනයන වර්ධනයව්යාපාරික ක්ෂේත්රයේ නියුතු අයට වාසි එළැඹෙන අපේ‍්‍රල් 03 සිකුරු සමඟ නැප්චූන් ද අප්‍රේල් 11 ගුරු දින කුජ සමඟ ශනි...
2024-04-04 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ මීන රවි 16 භාග මැදින් අව ජලවක තිථිය ලත් කිවිදින සිට මීන රවි 22 භාග මැදින් අව දසවක තිථිය ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ...
2024-03-28 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්රහයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු 21න් පසු මේෂ රාශිගතව ගමන් කරන මුත් මේෂ රාශි අධිපති කුජ ග්‍රහයාගේ පුර්ණ...
2024-03-28 18:30:00
නීච භංග රාජ යෝගයක් උදා කරමින් අප්‍රේල් 09 කුජ දින රාත්‍රී 09.36ට බුධ මීනයට සංක්‍රමණය වන්නේ ය.ඊට පෙර අප්‍රේල් දෙවැනිදා බුධ ග්‍රහයා මේෂ රාශියේ...
2024-03-28 18:30:00