වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
පංච ග්‍රහ යෝග
ජුනි 7, 2019
කේන්දරයක එක රාශියක් තුළ ග්‍රහයන් පස් දෙනෙකු සිටීම පංච ග්‍රහ යෝග වශයෙන් හඳුන්වයි. මෙම යෝග පිළිබඳව විමසා බලමු.
රවි සඳු කුජ බුධ ගුරු යෝගය
මෙම යෝගයෙන් උපන් තැනැත්තා දර්ශන ශාස්ත්‍රයන්හි නිපුණ අය වේ. විවාහ ජීවිතයට ඇතුළත් නොවේ. දුක් විඳින ජීවිතයක් ගත කරයි. ධන ධාන්‍ය රැස් කිරීමක් නොකරයි. ගේ දොර ඉඩකඩම් පාලනය කරන්නේ නැත. ඔවුන්ගේ ගති ලක්ෂණ මේවාය.
රවි සඳු කුජ බුධ සිකුරු
මෙම යෝගයෙන් උපන් අය නෑදෑයන්ගෙන් වෙන්වී පරාර්ථචර්යාවේ යෙදුණි. ස්ත්‍රීන් ඇසුර නොකරන නපුංශකයන් සමඟ ඇසුරු කරන පුද්ගලයන්ය. යෝගය නරකට පිහිටියහොත් මුසාවාද කියන්නන් ලෙස ප්‍රසිද්ධ වේ.
රවි සඳු කුජ බුධ ශනි යෝගය
මෙම යෝගයෙන් උපන් අය භාර්යාවන්ගෙන් දරුවන්ගෙන් තොර සැප සම්පත් නොලබන දුකයයි සම්මත දේ විඳින අය වේ. දුක් විඳීම නිසා වැඩි කලක් ජීවත් නොවේ. රටේ නීති කඩකිරීමෙන් බන්ධනාගාර ගත වේ.
රවි සඳු කුජ ගුරු සිකුරු යෝගය
මෙම යෝගයෙන් උපන් අය බොහෝවිට අන්ධ වේ. දැඩි ලෙස දුක් විඳින්නන් වේ. දෙමාපිය නෑදෑයන්ගෙන් වෙන් වේ. වීනා වයමින් රට පුරා ඇවිදිමින් ජීවත්වන්නන් වේ.
රවි සඳු , කුජ සිකුරු ශනි
මෙම යෝගයෙන් උපන් අය මෙම ලෝකයේ ඇති කිසිම දෙයක් තමාට එපා කියයි. අනුන්ගේ දේවල් ඇල්ලීමට පවා මැලිවේ. එම ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරයි. එයට විරුද්ධ වූ අයට ද්‍රෝහිකම් කරයි.
රවි සඳු කුජ සිකුරු ශනි යෝගය
මේ පංච ග්‍රහ යෝගය ඇතිව උපන් තැනැත්තා නියාලු පුද්ගලයෙකි. නම්බුවක් මාන්නයක් ධනයක් නැති පර ස්ත්‍රීන් පස්සේ යන කෙනෙකි. යෝගය බලවත්වන්නේ කලාතුරකිනි.
රවි සඳු බුධ ගුරු සිකුරු යෝගය
පංච ග්‍රහ යෝග අතරින් ලෞකික වශයෙන් පල දිය හැක්කේ මෙම යෝගයෙන් උපන් අයටය. මෙහි ඇති සියලු ග්‍රහයන් එක්වී රවිගේ බලය ලබාගනී. එබැවින් නොමග යවන හෝ කලකිරවන ග්‍රහයෙක් නැත. මේ යෝගයෙන් උපන් අය බොහෝ වස්තුව ඇති විශාල ව්‍යාපාරවල හෝ කර්මාන්තශාලාවල අයිතිය ඇති ධනවන්තයෝ වේ. සෑම දෙයින්ම සම්පූර්ණ අය වේ. වටිනා යාන වාහන, ගෙවල් විශාල ඉඩම් හිමිකරුවෝ වෙයි. රජයේ උසස් නිලතල දරන අය මැති ඇමැතිවරු මේ ගණයට අයත් වේ.
රවි සඳු බුධ ගුරු ශනි යෝගය
මෙම යෝගයේ සියල්ල සෙනසුරු වෙනස් කරයි. අන් අයගෙන් ලබන ආහාරපානවලින් ජීවත්වන්නෙක් වෙයි.තම පිරිසට දුක් උපදින අන්දමේ ජීවිතයක් ගත කරන්නෙක් වෙයි. අන් අයට භය උපදවන අන්දමේ ජීවත්වන්නෙක් වේ.
රවි චන්ද්‍ර සඳු බුධ සිකුරු
ශනි යෝගය
මෙම යෝගයෙන් උපන් අය ධන ධාන්‍ය ආදියෙන්ද දරුවන් සහ නෑදෑයන්ගෙන්ද වෙන්වූ ඔවුන්ගෙන් සැප නොලබන ඉක්මනින් මැරේවා කියා ප්‍රාර්ථනා කරන ජීවිතයක් ගත කරන්නෙකි. රෝම වැඩි උස්වූ ශරීරයක් ඇති කෙනෙක් වීමට පුළුවන.
රවි සඳු ගුරු සිකුරු
සෙනසුරු යෝගය
මෙම පංච ග්‍රහයෝගයෙන් උපන් අය මන්ත්‍ර ශාස්ත්‍ර ඉන්ද්‍රජාල අංජනම් වැනි දේ දන්නා කථාවට දක්ෂ චංචල සිතක් ඇති සොර සතුරන්ට නිතර භයෙන් කාලය ගෙවන ස්ත්‍රීන් පි‍්‍රය කරන කෙනෙකි.
රවි කුජ බුධ ගුරු සිකුරු යෝගය
මෙම යෝගයද මෙලොව වශයෙන් බලපවත්වන එකකි. බොහෝ සමෘද්ධිමත් සමාධිමත් වස්තු ඇත්තාවූ සියලු සැප සම්පත් ලබන දුක් කරදර නැති කෙනෙකි. වටිනා භාර්යාවක් සහ දූපුතුන් පිරිසක් ඇත්තෙකි. රජයෙන් තනතුරු ගරු බුහුමන් ලබන්නෙති. සේනාපතියෙක් හෝ මන්ත්‍රීවරයෙක් විය හැකිය.
රවි කුජ බුධ ගුරු ශනි යෝගය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී
වාස්තු විද්‍යා උපදේශක,
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
සූර්යයා වටේ ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වෙනවා. අපට නොතේරුණාට...
2024-04-25 18:30:00
රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන්...
2024-04-25 18:30:00
ජලයාත්‍රා පෙරළීම, ගිලා බැසීම්, කඩා හැළීම් වැනි අාපදා බහුල විය හැකිය අප්‍රේල් 29 සඳු දින (03) පෙරවරු 10.03ට සෙන්පති අඟහරු සමඟ නැප්චූන් අතර...
2024-04-25 18:30:00
1952 පෙබරවාරි මස 07 වැනි බ්‍රහස්පතින්දා උදේ 07.36ට ආසන්න කාලය තුළ පූර්ණ සූර්යග්‍රහණයක් මිනිත්තු 7කට වැඩි කාලයක් තුළ පැවතිණි. සතුන් කලබල විය....
2024-04-18 18:30:00
දිනූ තත්ත්වය ශක වර්ෂ 1946ක් වූ මේෂ රවි 06 භාග බක් පුර එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 12 භාග බක් අව දියවක ලත් ගුරු දින දක්වායි.ග්...
2024-04-18 18:30:00
මෙලොව උපන් සෑම අයකුම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මිල මුදල් අතට ලැබෙන්නේ ද යන්න දැන ගැනීමටයි. වත්මන්හි සල්ලි සොයන ක්‍රමය ගැන සෑම මිනිත්තුවක්...
2024-04-18 18:30:00
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙතට ලිවීමට අදහසක් පහළ වූයේ මෑතකාලයේදී අසම්මත ලිංගික සම්බන්ධතාව ඉහළ ගොස් ඇති බවට ලොව පුරා පැතිර යන ප්රවෘත්ති සමඟය...
2024-04-18 18:30:00
රාශි චක්‍රයේ එකොළොස් වැන්න කුම්භ රාශියයි. තාරකා 108කින් සමන්විත වායු රාශියක් වන කුම්භ රාශියට හිමි ප්‍රදේශය රාශි චක්‍රයේ අංශක 300 - 330 දක්වා පැතිර...
2024-04-18 18:30:00
ළා නිල් පාට නවීන පන්නයට අයත් බෙන්ස් කාරයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව ඉදිරිපස නතර කෙරිණි. එය පදවාගෙන ආවේ වත්පොහොසත්කම් ඇති සුරූපී කාන්තාවකි....
2024-04-18 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින්...
2024-04-18 18:30:00
“ඇයි අපේ රටේ මිනිස්සු තවමත් ඔය යක්ෂ, භූත, දේව සංකල්ප එක්ක ඉන්නේ”?“කොහොමද දරුවෝ එහෙමම ඉන්නා වගක් කියන්නේ”?“නෑ ගුරුන්නාන්සේ සීයෙ අපි තවමත් ඒව අදහනවා නේ...
2024-04-11 18:30:00
අප්‍රේල් 05 වැනිදාමෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 5 වන අතර, එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ...
2024-04-11 18:30:00
සුර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම ඡ්යොතිෂවිද්යානුකූලව අලුත් අවුරුදු උදාව ලෙස විග්රහ කරන අතර එම රාශි මාරුව සිදුවන කාල...
2024-04-04 18:30:00
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ආයුබලය, ධනබලය, පිරිස්බලය ගෙන දෙන ආගමික අංශවලට ද නැඹුරු කරන පංච මහා පුරුෂ යෝගයක් වන සස යෝගය සහ මේෂ, මිථුන,...
2024-04-04 18:30:00
සිංහල - හින්දු අයට වසරක් ගෙවිලා වසරක් ලබන කොට ඒ අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරන්නේ නැකතට. නැකතට වැඩ ආරම්භ කිරීම සිංහල බුද්ධාගමේ අපිට විතරක් උරුම එකක්...
2024-04-04 18:30:00
ශකවර්ෂ 1945ක් වූ මීන රවි 23 භාග මැදින් අව එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 29 භාග බක් පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-04-04 18:30:00