වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
කිසිම හෙළ ගෝත්‍රිකයෙක් පණ පිටින් යවන්නට එපා...
දෙසැම්බර් 14, 2018
සතුරු සේනාවේ සෙබළුන්ගේ වේගය එක වරම අඩු වූයේ මුළු පොල් රුප්පාව සිසාරා දුව ආ හෙළ බළ සේනාවේ සෙබළුන් දැකීමෙනි. කිසිදු රණ ඝෝෂාවක් නොමැතිව දුව ආ සන්නාහ සන්නද්ධ අයෝමය පුරුෂයන් ගේ නිහඬ සේනාවක් වැනි වූ එම සේනාව දැකීමෙන් සතුරු සෙනග වික්ෂිප්ත වූහ. ඒ අතරතුර දී හර්ෂදේවයන් විසින් පහර දී බිම හෙලූ සතුරු සෙබළා නැගිට, අසිපත පවා හැර දමා වේගයෙන් යළිත් තම නෞකාව වෙත දිව්වේ ය. මෙහිදී හරේරා එම සෙබළා හට අඬ ගැසී ය.
“මෙහෙ වර නීචයා.....”
සෙබළා බියෙන් ගැහෙමින්, යටහත් පහත් ලෙස තම නායකයා වූ හරේරා වෙත ගියේ ය. තමා හට කුමන ආකාරයේ දඬුවමක් ලැබේද යන්න අසරණ සෙබළා දැන සිටියේ නැත. සිම්ජා ඇතුළු සගයින්ද, අනෙක් සෙබළුන් ද මේ දෙස බලාගත් බැල්මෙන් බලා සිටියහ.
“අනික් උන් එකා පිට එකා වැටිලා මැරිලා යද්දී උඹ පණ බේරාගෙන ගෑනියෙක් වගේ දිව්වා. කියාපිය...... අර මිනිහා උඹට මොනවද රහසින් කිව්වේ?”
හරේරාගේ කෝපය ඉහ වහා ගොස් තිබිණ. ඔහුගේ දෙනෙත කෝපයෙන් හැකිළී තිබූ අතර, දෑත් මිට මෙළවී තිබිණ.
“අවසරයි කුමාරෝත්තමයාණෙනි.... සාම දූතයා මට කිව්වෙ නැවත වරක් ඔහුට විරුද්ධව යුද්ධයට ආවොත් බෙල්ල කඩලා මරලා දානවා කියලා. ඒ වගේම ඔහු කිව්වා සේනාධිපතියන්ට කියන්න කියලා මේ භූමියෙ වැළලෙන්නෙ නැතිව ආපසු තමන්ගේ ගම් රටවල් බලාගෙන යන්න කියලා. ඔහු කිව්වේ.....”
සෙබළාට සිය කතාව අවසන් කිරීමට ලැබුණේ නැත. සිය බඳ පටියේ දැළි පිහි තලයක් මෙන් තියුණු කාන්තාර පිහිය අතට ගත් හරේරා, එයින් වේගවත් පහරක් දුන්නෙන්, වැළමිටට මඳක් ඉහළින් සෙබළාගේ වම් අත වෙන් වන්නට කැපී ගියේ ය. මර හඬ නගමින් සෙබළා දණ ගැසීය. උල්පතකින් මෙන් උඩු බාහුවෙන් රුධිරය විදින්නට විය.අසරණ මිනිසා වෙත ගිය හරේරා, උපහාසයෙන් යුතුව සිනාසුණේ ය. ‘බල්ලා.... නුඹ උන්ගෙන් පණිවිඩ අරන් ආවෙ මටද? අප ආවෙ මේ හෙළ බිම අප සතු කර ගන්න මිසක් ආපසු යන්න නෙවෙයි. ඇයි නුඹට ඒක කියාගන්න බැරි වුණේ.... නුඹලා වගේ ගෑනු ගති තියෙන නීචයෝ මගේ සේනාවෙ ඉන්න එක මටම අවදානමක්. ඒ නිසා.....”
මෙසේ කියූ හරේරා යළිත් වරක් වේගවත් පිහි පහරක් සෙබළාගේ ගෙලට එල්ල කළෙන් රුධිරය වර්ෂාවක් මෙන් අහසට විහිදෙන්නට විය. තුන්වන පිහි පහරෙන් සෙබළාගේ හිස් මොළ කැබලි පිටතට පැමිණ, ඇස් ගුළි දෙක කෙවෙණි වළවල් වලින් පිටතට ආවේ ය. අසරණ මිනිසා, සිහින් කෙඳිරියක් නගාගෙන තම නායකයා පාමුල මැරී වැටුණේ ය. කට කොණකට නගාගත් සිනාවෙන් යුතු හරේරා, පිහියේ තැවරුණු රුධිරය ගසා දමා, එය යළිත් කොපුවේ රුවා ගත්තේ ය.
සිම්ජා දෙනෙත් මහත් කර මේ අමානුෂික ඝාතනය දෙස බලා සිටි අතර, ජාගෙන් මේ අධම, මිලේච්ඡ ක්‍රියාව දෙස බලා සිහින් හඬින් අවලාදයක් නැගීය. ඔහු මෙවන් ක්‍රියා කිසි විටෙකත් අනුමත නොකළ බැවිනි. ඉග්ලීස් රජු ද දෙනෙත් මහත් කර බලා සිට, සුසුමක් හෙළා බිම බලා ගත්තේ ය.
මෙහිදී හරේරා, සිය සෙබළුන් ඇමතීය.
“අපි හෙළ බිම ආක්‍රමණය කළේ ආපසු හිස් අතින් යන්න නොවෙයි. ඒ වගේම නුඹලාගේ අතට අහුවන කිසිම හෙළ ගෝත්‍රිකයෙක් පණ පිටින් යවන්නට එපා. කීතු කීතු කරලා මරලා දාපියවු. එහෙම නොවුණොත්, මං මගේම අත් දෙකෙන් ඌව මරලා දානවා, අර බල්ලා වගේ.”
මෙසේ කියා හරේරා ලේ විලක් මැද, බිම වැටී තිබූ සුන් බුන් වූ මළ සිරුර දෙසට අත දිගු කළේ ය. මෙහිදී එම ක්‍රියාව අනුමත නොකරන ආකාරයෙන්, සෙබළුන් අතර කිසියම් කසු කුසුවක් පැතිර ගිය නමුත්, එය ඉක්මණින්ම සිඳී ගියේ ය. පොල් රුප්පාව අතරින් ඔවුන් දෙසට පැමිණෙමින් තිබූ දහස් ගණනක හෙළ බළ සේනාව ද එයට හේතුවක් විය. මෙහිදී සිම්ජා මෙන්ම අනෙක් සෙබළුන් ද සිය අසිපත් සහ හෙලි අමෝරා ගත්හ. වේගයෙන් දිව ආ හෙළ බල සේනාව, හර්ෂදේවයන් සිටි ස්ථානය ආසන්නයේදී නතර වූහ. මෙහිදී හර්ෂදේවයන් හට ආචාර කළ ප්‍රධාන සෙබළෙක් යැයි සිතිය හැකි ගාම්භීර තැනැත්තෙක්, තියුණු නැමි කඩුපත් දෙකක් හර්ෂදේවයන් හට පිරිනැමීය. සතුරු සෙබළුන් හට පෙනෙන්නටම එම අසිපත් යුවළට සිය ගුරුකුලයේ ආචාරයෙන් නමස්කාර කළ හර්ෂදේවයෝ, එම අසිපත් යුවළ, තම බඳ පටියේ රඳවා ගත්තෝ ය. ඉන්පසුව තේජාන්විතව හර්ෂදේවයෝ සිය සෙබළුන් දෙස බැලූහ.
“හෙළයේ වීර සෙබළුනි.... මොවුන් පැමිණ තිබෙන්නේ අපගේ හෙළ දෙරණ අල්ලා ගන්නටයි. මේ එකෙකු හට වත් රට තුළට පය තබන්නට ඉඩ දෙන්න එපා......”
මෙසේ කියූ හර්ෂදේවයන් අසිපත කොපුවෙන් ඇද ඔසවා,
“අන්තිම ලේ බිඳුව තෙක්”
යනුවෙන් ප්‍රදේශය පුරා දෝංකාරය දෙන ලෙස ඝෝෂා කරත්ම,
“හෙළ දෙරණට ජය වේවා..”
යනුවෙන් සෙබළුන් නැගූ රණ ඝෝෂාවෙන් අවට තිබූ ගස් ගල් පවා කම්පා වී ගියේ ය. මෙවිට සිම්ජා ද, සිය සෙබළුන්ට ආක්‍රමණයට සංඥාවක් දුන්නෙන්, සිය තියුණු අසිපත් ඇදගත් දැවැන්ත ප්‍රමාණයේ සෙබළුන් මහ හඬින් කෑ ගසමින් පෙරමුණට දුවන්නට වූහ.
මෙහිදී යුද්ධයේ ආරම්භය සිදු වීය. හෙළ ගෝත්‍රික සෙබළුන් සහ සතුරු සෙබළුන් එකිනෙකා මිශ්‍ර වී ගිය අතර, මාරාන්තික යුධ කෝලාහලය ආරම්භ වීය. වෙරළේ රැඳී සිටි සිම්ජා සහ සගයින් හට මෙම සටන තීරණාත්මක එකක් බව පෙනී ගියේ හෙළ ගෝත්‍රික සෙබළුන් ගේ සටන් දක්ෂතාවය දුටු විට ය. දුරාතීතයේ පටන් හෙළ ගෝත්‍රයට අභියෝග කරන්නට අන්‍ය ජාතීන් පසුබට වූයේ ඇයිද යන්න මෙහිදී ඔවුන් හට පැහැදිලිවම පෙනී ගියේ ය. එයට සාක්ෂි වූයේ හෙළ බල සේනාවේ සෙබළුන් තුවාල ලබා හෝ සටන් බිම පය ගසා සිටීමත්, හෙළ සෙබළුන් කිහිප දෙනෙකුගේ සතුරු සෙබළුන් සිය ගණනක ගේ මළ සිරුරු වෙරළේ සහ පොල් රුප්පාව තුළ අතන මෙතන වැටී තිබීමත් කරණ කොට ගෙනය. මේ සටනට දෙපක්ෂයේම සෙබළුන් පමණක් සහභාගී වූ නිසා, ද්වන්ද සටන් සහ සමූහ සටන් වශයෙන් අතන මෙතන කෝලාහල රාශියක් එක විටම හට ගෙන තිබුණි.
මෙවිටම එක් අහඹු සිදුවීමක් සිදු වීය. මුහුණට මුහුණ ලා කෙරුණු ද්වන්ද සටනක් අතරතුර දී සතුරු සෙබළෙක්, සතුරෙක් හා සටනේ යෙදි සිටි හෙළ බල සේනාවේ සෙබළෙකු ගේ පිටුපසට අසිපතකින් ඇන මරා දමනු ලැබීය. ද්වන්ද සටනේ යෙදී සිටි සෙබළෙකු හට තවත් අයෙක් පිටුපසින් පහර දීම, සටන් නීති උල්ලංඝනය වීමක් ලෙස සැලකුණු අතර, ඉතාමත්ම පහත් ක්‍රියාවක් ලෙසද එකල සෑම ජාතියකම සෙබළුන් විසින් සලකනු ලැබීය. එම සිද්ධිය දුටු හර්ෂදේවයන් ගේ මුවින් නැගුණු තියුණු සිවුරුහන් හඬකට අනුව, හෙළ බළ සේනාවේ සෙබළුන් සටන් ක්‍රමවේදය ක්ෂණිකව වෙනස් කළ අතර, හෙළයින්ගේ තියුණු අසිපත් පහරවල් අස්වාභාවික වේගයෙන් යොමු වූයේ සතුරන් හට සිතා ගැනීමට පවා නොහැකි මර්මස්ථාන වලටය. මෙහිදී එකිනෙකා බැගින් සතුරු සේනාවේ සෙබළුන් සමූහ වශයෙන් ශීඝ්‍ර ලෙස මැරී වැටෙන්නට වූහ. ඒ සමගම සිම්ජා, සිය සගයින් දෙස බැලීය.
“බලා සිටීමෙන් පළක් නෑ මිත්‍රවරුනි..... අපිත් සටනට එක් වෙමු....”
මෙසේ කියූ සිම්ජා, කඩතොළු සහිත බර වූත්, තියුණු වූත් සිය දැවැන්ත අසිපත ගෙන ගැටුම මැදට දුවන්නට වීය. හරේරාත්, ඉග්ලීස් සහ ජාගෙත් ඔහු අනුගමනය කළහ. සෙබළුන් එකිනෙකා සටන් කරමින් තිබූ ඒ යුද්ධ භූමියෙහි, මේ සේනාධිපතිවරුන් ද මිශ්‍ර වී සටනට වන්හ.
මතු සම්බන්ධයි.
කතාව හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත
෴ සබැඳි ලිපි ෴
සබරගමු අඩවියේ සිද්ධීන් සියල්ල, හෙළයේ රණශූර ගෝරාවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ අසමසම හැකියාවන් හමුවේ, හෙළ ජාතියට වාසි සහගත ආකාරයෙන් එසේ විසඳී යද්දී,...
2019-05-30 18:30:00
සීතල අරුණෝදයේ පළමු හිරු රැස් දහර ඒ මහා සමනළ පව්ව සිප ගන්නටත් පෙරාතුව ජයමාලී දේවිය මෙන්ම, ධූරා ගේ ගම්මානයේ සිටි සියලුම දෙනා පිබිදී සිටියහ. බ්...
2019-05-16 18:30:00
සිය මහරජතුමන්, එලෙසින් භද්‍රජෝති ආශ්රමයේ කෙමෙන් කෙමන් සුව අතට පත් වෙද්දී, සබරගමුවේ ගෝරාවරුන්ගේ ගම්මානයේ ඉහළ කොටසේ වූ ධූරාගේ නිවසේ සිටි ජයමාලී දේවිය...
2019-05-09 18:30:00
සිය මහරජතුමන් සුරක්ෂිතව නිසි වේලාවට තමා වෙත ගෙන ඒම පිළිබඳව භද්‍රජෝති මහසෘෂිතුමෝ, ජයබුද්ධි හට මුව නොසෑහෙන සේ ප්‍රශංසා කළහ. මන්ද යත්, ඉර අස්තගත වන්නට...
2019-04-25 18:30:00
සුදු පැහැති තිමිර පටලයෙන් ඒ ගම්මානයේ සියලුම නිවාස වෙළී පැටලී ගොස් තිබුණි. හාත්පස වූ අන්ධකාරය හරහා, නිවාසවල කුඩා කවුළුවලින් පිටතට විහිදුණු පහන් ආලෝකය...
2019-04-18 18:30:00
මිහිදුමෙන් මතු වූ රණශූරයා...සූර්යයා ක්‍රමයෙන් අස්තයට ඇදෙත්ම, රාස්සිගේ අව් රශ්මියෙන් මුළු ප්‍රදේශයම නැහැවී යන්නට පටන් ගත්තේය. නැගෙනහිර බලනගිර බළකොටුවේ...
2019-03-21 18:30:00
සතුරු සේනාව නැගෙනහිර ඉරුගල්තැන්න සූර්ය දේවාලය වට කොට තිබියදී, හෙළ යක් සෙනෙවියන් විසින් වහාම මහරජතුමන් ඇතුළු පිරිස ජවාධික අශ්වයන් දෙදෙනෙක් විසින්...
2019-03-14 18:30:00
රෝග වැලඳීම සොබා දහම යි. ඒත් ඒවා වැලදෙන පිළිවෙල අනුවැ බලන විට, සමහර රෝග කම්පල (කර්ම විපාක) අනු වැ වැලදෙන ඒවා බව ද පිළිගන්නට කරුණු තිබේ. නෙත් අඳවීම,...
2019-03-07 18:30:00
සටන් ශූර හර්ෂදේවයන් ඇතුළු නැගෙනහිර හෙළ බළ සේනාව ඒ මහා සූර්ය දේවාලය හාත්පසින් රැකවල් කරද්දී, ජයමාලී බිසවත්, වැඩිමහල් පුත් කුමරුවන් ඇතුළු නැගෙනහිර...
2019-03-07 18:30:00
සිය වමතේ වැළමිට ආසන්නයේ දැණුනු දැඩි වේදනාව නිසා අත හරවා බැලූ මහාසිද්ධ මහරජතුමන් දුටුවේ, සිහින් ඉත්තෑ කූරක් වැනි සිහින් කූරක් තමාගේ සන්නාහයෙන්...
2019-02-28 18:30:00
සිය අසිපත තරයේ සුරතට ගත් සිම්ජා, මහාසිද්ධ මහරජතුමන් හට මුහුණ දී සිටි අතර, හිටි පියවරෙහිම නිසලව සිටි හෙළයේ මහා සූර්ය පුත්‍රයා වූ මහාසිද්ධ මහරජතුමෝ,...
2019-02-21 18:30:00
සිය මහරජතුමන් තමා පසුකර ද්වන්ද්ව සටන සඳහා ඉදිරියට යනු හර්ෂදේවයෝ, කඳුළින් නැහැවුණු දෙනෙතින්, බලාගත් බැල්මෙන් බලා සිටියහ. තමාට කිසිදාක නොදැනුණු අන්දමේ...
2019-02-14 18:30:00
සිය සෙබළුන් බොහෝ දෙනෙකු හර්ෂදේවයන් ගේ තියුණු අසිපත් පහරින් විනාශ වනු දුටු හරේරා ත්‍රස්ත වී ගියේය. නොදැනුවත්වම ඔහුගේ අවධානය හුදෙකලාවම ලුන්ඩා යෝධයන්ට...
2019-01-31 18:30:00
සිය සෙබළුන් බොහෝ දෙනෙකු හර්ෂදේවයන් ගේ තියුණු අසිපත් පහරින් විනාශ වනු දුටු හරේරා ත්‍රස්ත වී ගියේය. නොදැනුවත්වම ඔහුගේ අවධානය හුදෙකලාවම ලුන්ඩා යෝධයන්ට...
2019-01-24 18:30:00
සිය දැවැන්ත අසිපත් අමෝරාගෙන මහාසිද්ධ මහ රජතුමන් මරා දැමීමට ඉදිරියට ආ අමානුෂික ලුන්ඩා ගෝත්‍රිකයින් හට හර්ෂදේවයන් පෙනී ගියේ තමාගේ මග අවුරා ලන...
2019-01-17 18:30:00
සතුරු සේනාවේ සියලුම සෙබළුන් එම හඬ ඇසුණු සැණින් සිටි සිටි තැන් වලම ගල් ගැසී ගියහ. එවන් වූ දෝංකාර දෙමින් විනිවිද යන සුළු කට හඬක් ඒ දක්වා ඔවුන් අසා...
2019-01-10 18:30:00