අප්‍රේල් 21 අසුබ දවසක්ද?

මැයි 3, 2024

 

පිටකොටුවේ බස්නැවතුම් පොළෙහි 1987 සිදුවූ බෝම්බ පිපිරීමත් 2019 සිදුවූ පාස්කු ප්‍රහාරයත්, මේ වසරේ දියතලාවේ මෝටර් රථ ධාවන තරගය පවතින අවස්ථාවේ දී සිදු වූ වාහන අනතුරත් යන ඛේදවාචක 3ම අප්‍රේල් මස 21 වෙනිදා සිදුවීමට හේතු ඡ්‍යොතිෂමය කරුණු පිළිබඳ කෙරෙන කෙටි විග්‍රහයක්.

පළමුවෙන් අපි 1987 පිටකොටුවේ බස් නැවතුම් පොළෙහි සිදුවීමට හේතු වූ කරුණු පිළිබඳ ඡ්‍යොතිෂමය දෘෂ්ටි කෝණයකින් කරුණු විමසා බලමු. ඒ අනුව එදින පිහිටි තත්කාල ග්‍රහ පිහිටීම ලංකා කුම්භ ලග්න කේන්දරයට අනුව පිහිටා ඇති ආකාරය පහත දැක්වේ.

ඉහත කේන්දර සටහනේ රතු පාටින් රවුම් කරන ලද අක්ෂරවලින් 1987.04.21 දින ගෝචරයෙන් ලංකා කේන්දරයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය දක්වා ඇත. ඒ අනුව එම කේන්දරයේ මහජනයා නිවේදනය කෙරෙන 4 වැන්නේ හදිසි මරණවලට කාරක අඟහරු තැන්පත්ව ඇති අතර 10 වැන්න වූ වෘශ්චික රැසේ සෙනසුරු සතුරුව ජන්ම ඒරාෂ්ටක අපලයක් උදා කරමින් ගෝචරය වෙමින් සිටින අතර මේ කුජ, ශනි දෙදෙනා ගේ පාප බලපෑමද, ආයුෂ මෙන්ම මරණයේ ස්වභාවය ගැන කියැවෙන භාවයක් 8 වැන්නෙහි පතිත කේතුගේ පාපි බලපෑම (කේතුගේ පූර්ණ දෘෂ්ටිය) සිව්වැන්නට ලැබී ඇති අතර සිව්වැන්නාධිපති සිකුරු ලග්නයේ සිටිමින් කුජ, ශනි ගේ කේන්ද්‍රීය දෘෂ්ටියට ලක්වෙමින් කුජ ශනිගේ පාපි බලය පවරා ගෙන ඇත. ඒ අනුව හදිසි අනතුරුවලට සහ මරණයට කාරක වන කුජ, ශනි, කේතු ගේ පාපී බලපෑම සිව්වැන්න වූ වෘෂභ රැසටත් ලැබීම හේතුකොට ගෙන සහ සිව්වැන්නාධිපති සිකුරු, රවි, සඳු, සෙනසුරු යන ග්‍රහයන් ගෝචරයෙන් අනතුරුදායක රාශිවල ගමන් ගැනීම නිසා 1987 අප්‍රේල් 21 වැනි දින පිටකොටුව, මධ්‍යම බස් නැවතුම් පොළෙහි සිදුවූ, මෝටර් රථ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර පුද්ගලයින් 200කට තුවාල සිදුවිය.

පහත දැක්වෙන රතු පාටින් රවුම් කරන ලද අක්ෂරවලින් දැක්වෙන්නේ 2019.04.21 දින පාස්කුª ප්‍රහාරය සිදුවන විට ග්‍රහයන් ගෝචරය වෙමින් සිටි ආකාරයට එම ගෝචර ග්‍රහයන් දැක්වෙන කේන්දර සටහනේ හදිසි මරණවලට කාරක අඟහරු සිව්වැන්න වෘෂභයේ පතිතව සිටින්නේ 11 වැන්න වූ ධනුවේ පතිත ජන්ම ඒරාෂ්ටකයකට සම්බන්ධ මරණයට කාරක සහ අභිරහස් මරණවලට කාරක සෙනසුරු සහ කේතු සමඟ අෂ්ටාංශක දෝෂයකට සම්බන්ධවය. සිව්වැන්නාධිපති සිකුරු දෙවැන්නේ උච්චව සිටින්නේ නීච භංග රාජ යෝගයකට සම්බන්ධ බුධ සමඟය. එම සිකුරු සහ බුධ, ශනි, කේතු, රාහු යන ග්‍රහයන්ගේ කේන්ද්‍රීය දෘෂ්ටියෙන් පීඩාදී ඇත. ඒ අනුව එතැනදී සිව්වැන්නාධිපති මෙන්ම ආගමික සිද්ධස්ථාන ගැන කියැවෙන 9 වැන්නාධිපති සිකුරු පීඩා වී ඇත. ඒවායේ ආගමික සිද්ධස්ථානවලට කාරක ගුරු ග්‍රහයාද 11 වැන්නේ ඒරාෂ්ටකයකට සම්බන්ධ සෙනසුරු සහ අභිරහස් මරණවලට කාරක කේතුගෙන් සහ හදිසි මරණවලට කාරක අඟහරුගෙන් පීඩා වී ඇත. ඒ අනුව එකී ග්‍රහ ගෝචරයෙහිදී මහජනයා නිවේදන කෙරෙන සිව්වැන්නත් එහි අධිපතිත්, ආගමික ස්ථාන නිවේදනය කෙරෙන සිකුරුත් ආගමික සිද්ධස්ථානවලට කාරක ගුරුත් පීඩාවීම හේතුකොට ගෙන 2019 අප්‍රේල් මස 21 වෙනි පාස්කු ඉරුදින කතෝලික පල්ලිවලට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර 500කට වැඩි පිරිසකට තුවාල සිදුවිය.

මේවසරේ අප්‍රේල් මස 21 දින දියතලාවේ මෝටර් රථ ධාවන තරගයේදී තරගය නරඹමින් සිටින පිරිසකට තරග කළ මෝටර් රථයක් පාලනය කරගැනීමට නොහැකිව කඩා වැටීම නිසා 7 දෙනෙකු මරු කැඳවමින් 20 දෙනෙකුට තුවාල සිදු කළ රිය අනතුර සිදුවූ තත්කාල ග්‍රහචාරය ලංකා කුම්භ ලග්න කේන්දරයට අනුව රතුපාටින් රවුම් කරන ලද අක්ෂරවලින් පහත දක්වා ඇත.

ඉහත තත්කාල කාල ග්‍රහචාරය ඇතුළත් කුම්භ ලග්න කේන්දර සටහනේ මහජනයා නිවේදනය කෙරෙන සිව්වැනි භාවය ලග්නයේ ගෝචරය වෙමින් සිටින ඒරාෂ්ටක සෙනසුරු සහ හදිසි මරණවලට කාරක 3 - 10 අධිපති අඟහරුගේ කේන්ද්‍ර දෘෂ්ටියෙන් පීඩා වී ඇත. සිව්වැන්නාධිපති සිකුරු දෙවැන්නේ උච්චව නීච භංග යෝගයක් උදා කල බුධ සමඟ යෝගව සිටින අතර එම ග්‍රහයන්ගෙන් සිව්වැන්නට සම්බන්ධ එනම් 4 වැන්නාධිපති සිකුරු රාහු සමඟ යෝගව කේතුගේ සප්තම දෘෂ්ටියෙන්ද සිකුරුගෙන් 12 වැන්නේ සිටින කුජ සමඟ යෝගවූ ශනිගේ පූර්ණ දෘෂ්ටි සිකුරුගෙන් 2 වැන්නට වැටීමෙන් පැන නැඟුණු පාප කර්තරිත යෝගයෙන්ද පීඩා වී ඇත. මෙහිදී ජනතාව මෙන් වාහන නිවේදනය කෙරෙන වෘෂභ රාශියත් එහි අධිපති සිකුරුත් පීඩාවීම හේතු කොටගෙන මෝටර් රථ අනතුර සිදුවිය.

මෙම තත්කාලීන ගෝචර කේන්දර සටහන් 3 නේම හදිසි අනතුරුවල කාරක ග්‍රහයන් දෙදෙනෙක් වන කුජ, ශනි යන ග්‍රහයන් මහජනයාට නිවේදන කෙරෙන 4 වැන්න වූ වෘෂභ රැසත් එහි අධිපති සිකුරුව පීඩා කිරීමත්, කේන්දර 3නේම සඳුගෙන් ඒරාෂ්ඨක අපල යෙදී තිබීමත් සිදුවූ අනතුරුවලින් පිරිසක් මිය යෑමටත් තවත් පිරිසකට තුවාල සිදුවීමටත් හේතු විය. මේ අනතුරු තුනම මේෂ රවියේ සිදුවීම, රවි, ලංකා කේන්දරයේ ජන්ම රාහු මතින් ගෝචරය වීම ගැන සලකා බලන කල අනතුරුවලට භාජන වූ පිරිස සහ මිය ගිය පිරිස පෙර ආත්මවලදී කරන ලද අකුසල් කර්ම ඵලදීමක් නිසා යන්න තත්කාල කේන්දරය පෙන්වාදෙන අතර, එම තත්කාල කේන්දරවල සිව්වැන්න සිකුරු, බුධ යන ග්‍රහයන් පීඩා වුවද ක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටීම මුළු ජන ගහණය අනුව ගත් කල සුළු පිරිසක් මිය යෑමට, සුළු පිරිසකට තුවාල සිදුවීමක් හේතු වී ඇත. එසේ සිදුවීමට හේතු වූ අනෙක් කරුණ නම් බුධ, සිකුරු දෙදෙනා කුම්භ ලග්න කේන්දරයට පිළිවෙළින් අර්ධ යෝග කාරක සහ යෝග කාරක ග්‍රහයන් වීම නිසා ය.

අංක විද්‍යාව අනුව බලන කල අප්‍රේල් 21 එනම් 2 + 1 = 3 එකතු කළ විට ලැබෙන අංක 3 හදිසි අනතුරුවලට කාරක ලේ වැගිරීම්වලට කාරක අඟහරුට හිමි නිසා අප්‍රේල් 21 වෙනිදින අනතුරු සිදුවීමට හේතු වූ ඔබ මම මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.