පෝෂණීය දම් අල අයිස්ක්‍රීම්

මැයි 3, 2024

අවශ්‍ය ද්‍රව්‍ය-

රාජ අල ග්රූම් 250ක් පමණ (කැට කපා කෝප්ප 2ක් පමණ) අල අරගෙන සුද්ද කර තම්බන්න. එය ගෑරුප්පුවකින් පොඩි කරන්න.

සීත කරන ලද විපින් ක්‍රීම් කෝප්ප2ක්

ටින් කිරි කෝප්ප1යි

වැනිලා තේ හැඳි 1/2ක්

(ටින් කිරි සහ විපින් ක්‍රීම් එක ශීත කර භාවිතයට ගන්න.)

 

සාදන ක්‍රමය-

විපින් ක්‍රීම් කෝප්ප 2ක හොඳින් බීට් කරන්න ක්‍රීම් වන තුරු. ඉන්පසු ටින් කිරි එකතු කරන්න. එම මිශ්‍රණය වැඩිවේගයෙන් මිනිත්තු 1ක් පමණ බීට් කරන්න. එයට වැනිලා, සහ දම් අල එකතු කරන්න. මේ සියල්ල මිශ්‍ර කරගන්න. ඉන්පසු එය ද බීට් කරන්න. පදමට ආ පසු බෝල් එකකට දමා කවර් කර පැය පහක් පමණ ශීතකරණයේ තබන්න.

( ටින් කිරි ගෙදර හදා ගැනීම සඳහා එළ කිරි සහ සීනි ළිපේ ගබා උණු කරමින් හොඳින් බීට් කරන්න. උකු පදමට ආ පසු ළිපෙන් බා නිවෙන්නට තබා ප්‍රයෝජනයට ගන්න.) රාජඅල පොත්ත ඉවත් කරගෙන සෝදා කැබලිවලට කපා හොඳීන් තම්බාගෙන ( ස්ටීම් කර ගැනීමත් යෝග්‍යය) එය පොඩි කරගන්න. තම්බා පොඩි කරගත් අලවලට සීනි ස්වල්පයක් අවශ්‍ය නම් ගී හෝ බටර් ස්වල්පයක් පොල් කිරි එකතු කරගෙන ක්‍රීම් එකක් වෙනතුරු හොඳීන් මිශ්‍ර කරගෙන ළිපතියා නැවත හැඳී ගා පදමට උකුවට අර ගන්න. නිවෙන්නට තබන්න. ඉන්පසු විපින් ක්‍රීම් අයිස් කැට මත තබා හොඳින් බීට් කර ගන්න. එය පදමට පැමිණි විට නිවුණු දම් අල මිශ්‍රණය මෙයට එකතු කර කලව්ම් කර ගන්න. ඉන්පසු හොඳින් උකුවන තුරු පදමට එනතුරු බීට් කර ගන්න. එය ශීත කරණයේ තබා ප්‍රයෝජනයට ගන්න. දම් අල අයිස්ක්‍රීම් රස බලන්න.

දම් අල ගුණ

Ube හෙවත් දම් පාට අල එසේ නොමැති නම් කවුරුත් රාජ අල යනු වෙන් හඳුන්වන මේ අල වර්ගය ශ්‍රී ලංකාවේ ජනයා අතර ජනප්‍රිය අල වර්ගයකි. අල යනු සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අඩංගු ආහාරයකි. බොහෝ අය විශ්වාස කරන්නේ අල සහ බතල ඒවායේ අර්ථ වශයෙන් පමණක් වෙනස් බවයි. කෙසේ වෙතත්, මේ අල වර්ග දෙක එකම ශාක වර්ගයක් නොවන බව සැලකිල්ලට ගත යුතුය. රාජ අල Dioscoreae කුලයට අයත් වන අතර බතල යනු Convolbulaceae ලෙස හඳුන්වන කුලයට අයත් වේ. රාජ අල දම් අල, ජල අල ලෙසද හැඳීන්වේ. මෙය අග්නිදිග ආසියාවෙන් ආරම්භ වන අතර එය පිලිපීන ජනතාවගේ දේශීය ප්‍රධාන ආහාරය වේ. දැන්, මේ අල ලොව පුරා වගා කෙරේ. ලංකාවෙ අතීතයේ සිට අද දක්වාම භාවිත කරයි.

දම් පැහැති අලවල මතුපිට පොත්ත අළු-දුඹුරු පැහැ වන අතර දම් පැහැති පිටි සහිත මස අඩංගු වෙයි. මේවා පිසූ විට මෘදු ගතියක් ලැබේ. මේ අලවල මිහිරි සහ සාරවත් රසයක් ඇත. විටමින්, ඛනිජ ලවණ මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණය විශාල ප්‍රමාණයකින් පිරි ආකර්ෂණීය පෝෂණ පැතිකඩක් ඇති අතර අත්‍යවශ්‍ය ශාක සංයෝග අඩංගු වේ. කාබෝහයිඩ්‍රේට්, පොටෑසියම් සහ විටමින් සී වල විශිෂ්ට ප්‍රභවයකි. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය රුධිර පීඩනය අඩු කිරීමට මෙන්ම ශරීරයේ උෂ්ණය අඩු කිරීමට සහ දියවැඩියා සහ පිළිකා වැනි රෝගවලින් ආරක්ෂා කිරීමට ද ඉවහල් වේ. මේ අල ඔබගේ දෛනික ආහාර වේලට එක් කර ගත හැකි නම් මෙමඟින් ඔබට ඉතා සෞඛ්‍ය සම්පන්න ආහාරයක් හිමි වනු ඇත. සමස්තයක් වශයෙන්, දම් අල හෙවත් රාජාල යනු නිරපේක්ෂ සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍යය වන පිෂ්ඨමය මූල එළවළුවක් බව පැවසිය හැකිය.

 

උපදෙස්

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.