වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
කුම්භ රැසට රවි පැමිණේ
2020 පෙබරවාරි මස 13 ගුරුදින පැය 15.03 න් ලෝක පාලක සූර්ය දිව්‍ය රාජ තෙම ශ්‍රී ලංකා කේන්ද්‍රය වන කුම්භ රැසට පැමිණීම සිදුවේ. මෙතැන් සිට පුරා මසක් 2020.03.14 දින තෙක් රවි එහි ගමන් කරනු ඇත.
කුම්භ රාශියට ගැනෙන නැකැත් ලෙස කුජ හිමි දෙනට නැකතේ 3-4 පාදත් සියාවස නැකතේ පාද 4 ත් හා පුවපුටුප නැකතේ 1,2,3 පාදත් යන නැකැත් පාද 9 තුළ රවි ගමන් කරනු ඇත. රවි කුම්භයට පැමිණෙන විට බුධ හිමි මිථුන රැසත් ගුරු හිමි මීන නවාංශකයත් තත්කාල වේලාවේ විද්‍යාමාන වේ. තත්කාල ග්‍රහ පිහිටීම් මෙසේය. මිථුනයේ උච්ච රාහුද 4 වැන්නේ දිග්බල සඳුද 7 වැන්නේ මූලත්රිකෝණ බල සහිතව ධනු රැසෙහි අධිපති ගුරු හා කේතු සමඟ අඟහරුද 8 වැන්නේ විපරීත යෝග බල සහිත සෙනසුරු ද 9 වැන්නේ රවි, බුධ හා නෙප්චූන්ද 10 වැන්නේ සිකුරුද 11 වැන්නේ යුරේනස්ද සිටී. 11 වැන්නේ යුරේනස් සිටීම පාර්ලිමේන්තුවේ බලය හීන කරන තත්වයට පත්වේ. ඒ අනුව කුම්භ රවිය වැදගත්වන බවට ප්‍රකාශ කළ යුතු වේ. මේ නිසාම රවි කුම්භයේ හැසිරෙන කාලය මන්ත්‍රීවරුන්ගේ බලතල ශූන්‍ය වන බවක් පෙනේ. ඒ සමඟම පාර්ලිමේන්තුවේ බලයද නැතිව යනවා ඇත. එසේම ප්‍රභූ තත්වයෙන් පසුවන අයට මෙන්ම දේශපාලකයින්ගේ අභාවයන් සිදුවීමටද ඉඩ තිබේ. සඳුගේ පිහිටීම සැලකිල්ලට ගත් කල කෘෂිකර්මාන්තයේ විශේෂිත දියුණුවක් ඇති කෙරේ.
07 පිටුවට.......
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>