ලග්න දොළසටම බලවත් යෝග රැසක් උදාකරමින් සිකුරු මකරයට එයි

පෙබරවාරි 9, 2024

 

රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි කටයුතුවලට හේතු වන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.

පෙබරවාරි 12 වැනිදා සඳුදා අලුයම 4.35ට සිකුරුගේ මේ සංක්‍රමණය නිසා ගුරු දීප්ත, ශුල, ගුරු චන්ද්‍ර, ෂඩ් කෝණ දෘෂ්ටිය සමඟ ඇති වන යෝග බල ලග්න දොළසටම සුබවාදී බලපෑම් ඇති කරයි.

මකර රාශිගතව ඇතිවන ධර්මකර්මාධිපති යෝගය මකර සහ සිංහ ලග්න හිමියන්ට මෙන්ම අනෙකුත් ලග්නවලට ද තම තමන්ගේ ක්ෂේත්‍රවල ප්‍රගතිශීලී පසුබිමක් නිර්මාණය කරගැනීමට හේතු වෙයි.

මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට පංච මහා පුරුෂ යෝග අතරින් රුචක යෝගය උදා වන අතර ප්‍රබෝධමත් මානසික ශක්තියක් උදා කිරීමට හේතු වෙයි. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝගය උදා වීමෙන් ධනය, බලය, කීර්තිය, සහ වාසනාව ගලා එන සුබ කාල පරාසයක් උදා කරයි.

මීට අමතරව පොදුවේ ලග්න දොළසටම ගුරු දීප්ත යෝග බලයෙන් තම තමන්ගේ කුසලතා සහ නිපුණතා වඩාත් දියුණු කර ගැනීමට මෙන්ම ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියා ආදායම් මාර්ගවල නවතාවක් ඇති කිරීමට හේතු සාධක සැපයෙයි.

සිංහ ලග්න හිමි ජනරජ කේන්ද්‍රයට අනුව මේ සිකුරු සංක්‍රමණය හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන් හට ධනය, බලය, තේජස, වික්‍රමය ඇති වීමට කරුණු යෙදෙනු ඇත. රටේ සංවර්ධන සැලසුම් නව මඟකට යොමු වන්නට නියමිත කාලයකි. සංචාරක ව්‍යාපාරය, ලලිතකලා භාණ්ඩ අපනයනය වැනි කටයුතු සඳහා යෝග්‍ය පරිසරයක් ගොඩ නැඟෙනු ඇත.

 

මේෂ රාශිය

අඟහරු හිමි මේෂ රාශියට මෙහි සටහන් කෙරුණු යෝග බල පොකුරෙන් 10 වැන්නට වූ කර්මස්ථානගත අඟහරු බුධ, සිකුරු, සංයෝග බලයටද අතිරේකව අඟහරුගෙන් රුචක යෝග බලය ප්‍රබලව යෙදී ඇත. උත්සාහය, උනන්දුව දැන උගත්කම සහජ කුසලතා නිපුණතා සහ මනුෂ්‍ය මානසිකත්වය මත පදනම් විය යුතු සාරධර්මතාවන් මේෂ රාශි ජන්මලාභීන් තුළින් පිළිබිඹු වන කාල පරාසයකි. ධනය, බලය, කීර්තිය, ප්‍රසිද්ධිය, ගලා එන සමෘද්ධිමත් කාලයකි.

 

වෘෂභ රාශිය

සිකුරු හිමි වෘෂභ රාශිය කෙරෙහි ද ඉහත යෝග රැල්ල ප්‍රබලව බලපානු ඇත. එසේම 10 වැන්නෙහි කර්මස්ථානගත සස යෝග බලය, ආරක්ෂාව, රැකවරණය උසස්වීම්, විජයග්‍රහණ සමාරම්භක කටයුතු සාර්ථකත්වය, නිදුක් නීරෝගි බව ලබාදෙයි. පංච මහා පුරුෂ යෝග අතරින් පළමුවෙනි යෝගය වන රුචක යෝග බලය යෙදීම සතුටු දායක බවක් ජන්මියා කෙරෙහි ඇති කරයි.

 

මිථුන රාශිය

08 වැන්නවූ මෘත්‍යු ස්ථානගතව ප්‍රබල බලයක් බුධ හිමි මිථුන ජන්මරාශී හිමියන්ට ඒකාන්ත වශයෙන්ම උදාවෙනු ඇත. 08 අධිපති සෙනසුරු 09 වැන්න වූ භාග්‍යස්ථානගතවීමද 01, 05, 09 ධර්ම කෝණය ම ශක්තිමත් වී යෑමද බොහෝදුරට මේ ජන්මීන්ගේ අවහිර බාධක දුෂ්කරතා දුරුවනු පෙනී යයි. අප්‍රතිහත ධෛර්යය, උනන්දුව ඇත්තන්ගේ රැකියා ආදායම් මාර්ග සමාරම්භක කාර්යභාරයන් සාර්ථක වන කාලසීමාවෙකි.

 

කටක රාශිය

රැකියා ආදායම් මාර්ග කෙරෙහි අවහිර බාධක දුෂ්කරතා පැවැති මුත් 07 වැන්නෙහි රුචක යෝග බලය පූර්ණ ලෙස ක්‍රියාත්මක වෙයි. එසේම 08 වැන්නෙහි ජන්ම අෂ්ටම ඒරාෂ්ටක දෙකක් පෙබරවාරි මැද සිට ක්‍රියාත්මක වනු බැවින් සිතා මතා කල්පනා කොට කටයුතු කරළීම යහපත් වෙයි. පංචමහා පුරුෂ යෝග අතරින් රුචක යෝග බලය ශුභවාදීව හිතවාදිව ප්‍රබලව ක්‍රියාත්මක වෙයි.

 

සිංහ රාශිය

රෝග සතුරු ස්ථානය 06 වැන්න වන අතර ධර්මකර්මාධිපති යෝග බලය සහ 07 වැන්නෙහි සස යෝග බලය මත බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කිරීමෙන් ඉදිරි කාලසීමාව අතිශය යහපත් වෙනු ඇත. රැකියා ආදායම් මාර්ග සමාරම්භක ක්‍රියාකාරකම් සහ පවුලේ දියුණුව මතු කෙරෙනු ඇත. එසේම ගුණාත්මක ලෙස ප්‍රශ්න, ගැටලු රැසක්ම විසඳා ගැනීමේ හැකියාව උදා වනු ඇත.

 

කන්‍යා රාශිය

යටපත්ව අමතකව ගිය ක්‍රියාකාරකම් රැසක් ආරම්භ කිරීමෙහි හැකියාව ලබනු ඇත. ප්‍රබලතම යෝග පොකුරක බැල්මෙන් අභියෝග මැඬගෙන ඉදිරියටම යා හැකි වන අතර විජයග්‍රහණයම අත්පත්වනු ඇත. සුහදශීලි ඥාති හිතෛෂීන්ගේ ඇල්ම බැල්ම ළඟාවෙයි. තිරසර ක්‍රියාකාරකම් බාධක අවහිරතාවලින් දුරස්ථව ඉටුකර ගත හැකිය. හදිසි තීරණ තීන්දුවලින් දූරස්ථව ක්‍රියාකාරිවීම ඉතාම යහපත් වෙයි.

 

තුලා රාශිය

සිකුරු හිමි තුලා රාශි ජන්මලාභීනට පංච මහා පුරුෂ යෝග අතරින් රුචක යෝග බලය 04 වැන්නෙහි යෙදී ඇත. පදිංචි ස්ථානය භූමිය ආශි‍්‍රතව මෙන්ම උසස් වීම්, රැකියා ආදායම් මාර්ග අතිශය යහපත් වෙයි. දෙස් විදෙස් සංචාරක කටයුතු ද, ව්‍යාපාරික කටයුතු දියුණුව, ප්‍රභූජනයා ඇසුර ද සාර්ථකත්වයට පාත්‍රවෙයි. ඥාති හිතෛෂීන්ගේ අනුග්‍රහය ද ලැබෙනු ඇත.

 

වෘශ්චික රාශිය

වෘශ්චික රාශිය හිමි ජන්මලාභීනට 04 වැන්නෙහි සස යෝග ප්‍රබලව ක්‍රියාතමක කෙරෙනු ඇත. එසේම වික්‍රමස්ථානගත ග්‍රහබලය සමාරම්භක කටයුතු නිමාවටද රැකියා ආදායම් මාර්ග ව්‍යාපාරික සේවා සතුටුදායක බවටද තුඩුදෙනු ඇත. අවහිර බාධක දුෂ්කරතා මඟ හැරෙයි. ජීවිතයෙහි අතිශය වැදගත්ම කාල පරාසයකි. ඇසුරු කරන්නන්ගෙන් ආධාර උපකාර ඉහළින්ම ලැබෙයි.

 

ධනු රාශිය

යෝග පොකුරකින් සන්නද්ධ ධනු රාශි හිමියන් මානුෂික වශයෙන් ඉහළ තලයකට පත් වන අතර මේ ජන්මලාභින් අභියෝග අභිබවායමින් ඉදිරියටම යන කාල පරාසයකි. එබැවින් 02 වැන්නවූ භාග්‍යස්ථානගත සුවිශේෂී බලය 05 වැන්නෙහි 01, 05, 09 ධර්ම කෝණයෙහි යෙදී ඇති බැවින් ඔවුන් සතු අසීමිත ශක්තිය තීව්‍ර කෙරෙමින් පවතිනු ඇත. උත්සාහය, උනන්දුව දෙගුණ කරමින් ආරක්ෂාව, දියුණුව, උසස්වීම්, විජයග්‍රහණ අත්වනු ඇත.

 

මකර රාශිය

ආරම්භ කරන ලද කටයුතු බොහෝ දුරට සාර්ථක කෙරෙයි. ලග්නගත ධර්ම කර්මාධිපති යෝග බලය ප්‍රබලව ක්‍රියාත්මක වන අතර රුචක යෝග බලයද යෙදී ඇත. මේ අනුව ජීවිතයෙහි රුවන් දොරටුව විවර වන නොසිතූ විජයග්‍රහණයක් ළඟා වන කාලීන ප්‍රශස්ත ග්‍රහචාරයකි. දැනුම අවබෝධය සහ අපේක්ෂාවන් මුදුන් පත් වන ස්වර්ණමය කාල පරාසයකි. සතුටුදායක බවක් ඉස්මතු වනු ඇත.

 

කුම්භ රාශිය

ලග්න ගත සස යෝග බලය ද අනෙකුත් යෝග ආශි‍්‍රතවද උසස් දියුණුවක් උදා වනු ඇත. රැකියා ආදායම් මාර්ග උසස්වීම්, විජයග්‍රහණ ළඟා කරවමින් වර්තමාන ග්‍රහචාරය ක්‍රියාත්මක වනු ඇත. අවහිර, බාධක, දුෂ්කරතා මර්දනය කෙරෙමින් අභියෝග අබිබවා ක්‍රියාත්මක වීම් යහපත් වෙයි. උදාරතර මානුෂික අපේක්ෂාවන් මල්පල ගැන්වෙනු ඇත.

 

මීන රාශිය

කලාතුරකින් යෙදෙන ග්‍රහ පොකුරක් මේ ජන්මීන් හට යෙදී ඇත. ඒ අනුව රැකියා ආදායම් මාර්ග ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් උසස් බවට පාත්‍රවෙයි. දිගුකාලීනව පැවති අරමුණු සාර්ථකත්වයට පැමිණෙයි. අසීමිත ජවයකින් ක්‍රියාකරනු ලබන කාලයකි. තම අපේක්ෂාවන් බොහොමයක් ඉටු වෙයි. හදිසි තීරණ, තීන්දු නොමැතිව බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කළ යුතුවෙයි. බ්‍රහස්පති හිමි මීන රාශි ජන්මීන්ට අතිශය සුබවාදී කාල පරාසයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.