කාන්තාවන් බලගන්වමින් සිකුරු බලවත් වෙයි

පෙබරවාරි 16, 2024

 

ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම මෙන්ම නිර්මාණශීලීබව වර්ධනය කිරීමට හේතු වන බව ඡ්‍යොතිෂ මතයයි.

පෙබරවාරි 22දා දහවල් 12.45ට සිදුවන මේ වෙනස මඟින් කාන්තාවන් සඳහා එවන් බලයක් ලැබෙන අතරම සියලුම මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට මාර්තු 15 දක්වා රුචක යෝග බලය ප්‍රශස්තව යෙදෙයි. එමඟින් ජනප්‍රධානත්වය සමඟ ධනය, බලය ගලා එයි. දිගාසිරි සම්පත් ලබයි. පොලිස් හමුදා ක්ෂේත්‍රයන්හි නියුතු අයට සුබදායකයි. මේ යෝගබලයෙන් උපදින දරුවන් එම ක්ෂේත්‍රවල ප්‍රබලයන් වෙයි. නිරෝගී, ජවබල සම්පන්න බවක්ද එම ලග්න හිමියන්ගෙන් පෙන්නුම් කෙරෙයි.

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න සතරෙන් ජන්ම ලාභීන්ට සසයෝග බලය ප්‍රශස්ත වෙයි. දැසිදසුන් පිරිවරා සිටීමට වාසනාව යෙදෙයි. මේ යෝග සහිත උපදින දරුවන් නගරයක හෝ ගම්මානයක ජනප්‍රධානියෙකු වෙයි. බහුතරයක් අතර නාමය ප්‍රකට වෙයි. උසස් තනතුරු ගලා එයි.

සිංහ, කුම්භ ලග්න හිමියන්ට අතිශය දුර්ලභ ධර්මකර්මාධිපති නම්වූ දැවැන්ත යෝග බලය ක්‍රියාත්මක වෙයි. එය මානව හිතවාදී යෝග බලයකි. ජන සම්මතවාදී විචිත්‍ර ප්‍රකාශන, නිර්මාණ ආදිය කෙරෙමින් රාශි දොළසටම ප්‍රබුද්ධ බවක් බලපැවැත්වෙන සමයකි.

සිංහ ලග්නගත ශ්‍රී ලංකා ජනරජ රාශි සටහනෙහි 06 වැන්නටද නිදහස් ලංකාව හිමි කුම්භ රාශි සටහනෙහි 12 වැන්නටද මේ දැවැන්ත ධර්ම කර්මාධිපති යෝග බල පිහිටයි.

දුම්රිය, තැපැල්, විදුලිය, සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි නවතාවයකින් අනූන වෙයි. සංස්ථා, මණ්ඩල ආශි‍්‍රත වෙනස්කම් රැසක් මතුවෙයි. රාජ්‍යයන් අතර වාණිජ වෙළෙඳ සේවා ආශි‍්‍රත ධාරිතාවන් වර්ධනය වෙයි. භූගත ඉල්ලම්, වටිනා මැණික් පතල් නිධන් වස්තු ආදිය මතු වීමේ ප්‍රවණතාවක් ඇත.

 

මේෂ රාශිය

මේෂ රාශි ජන්මලාභිනට පංච මහා පුරුෂ යෝග අතරින් රුචක යෝගබලය 10 වැන්න වූ කර්මස්ථාන ගතව යෙදී ඇත. රැකියා ආදායම් මාර්ගයන්හි සුවිශේෂි ප්‍රගතියක් උදාවෙනු පෙනී යයි. එසේම නොසිත වෙනස්කමකට අභියෝග උදාවිය හැකිය. පදිංචි භූමිය, නිවාසය, ආශි‍්‍රතව ආලෝකවත් බවක් පෙනී යන්නේය.

 

වෘෂභ රාශිය

සිකුරු, හිමි වෘෂභ රාශියෙන් ජන්මලාභීනටද 10 වැන්න වූ කර්මස්ථානගතව සෙනසුරු පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන්ම විද්‍යමාන වෙයි. 12 -01 භාවස්ථානගත කුජ සිකුරු යෝගබලය 09 වැන්න වූ භාග්‍යස්ථානගතයි. ජීවිතයෙහි උසස්ම දියුණුවක් මතුවෙයි. 01, 05, 09 ධර්මකෝණයද බැබළෙමින් පවතිනු ඇත. අත්‍යවශ්‍ය කරුණු රැසක්ම සතුටුදායකයි.

 

මිථුන රාශිය

උදාරතම ග්‍රහ ගමන් චන්ද්‍රාකාරක බුධ 09 වැන්න වූ භාග්‍යස්ථානගතයි. අභියෝගයන් මෙන් අනතුරු දායක ශෝකජනක වැඩ කොටස් සාර්ථකත්වයට නැඹුරු වෙයි. පදිංචි නිවසෙහි ඉදිරිය, දෙසින් සොර සතුරු බලවේග මතු කළ හැකි වුවද සතුටුදායක බවක් ගෙන දෙන ග්‍රහ චක්‍රයෙකි. ඔබට ඥාණ හිතෛෂී සැමගේ අනුග්‍රහය ලැබෙනු ඇත. උදාරතම ජීවින ගමනකට ග්‍රහ ගමන්මඟ යෙදෙනු ඇත.

 

කටක රාශිය

ඉදිරි දිනයන්හිදී ප්‍රධානියකුගේ මුළාකිරීමකට අසුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. 07 වැන්නෙහි කුජ ශුක්‍ර බලය මෙන්ම පංචමහා පුරුෂයෝග අතරින් විශේෂ බවක් අඟහරු මුල්කොට රුචක යෝග බලය 07 වැන්න ආශි‍්‍රතව උදාවෙයි. හදිසි තීරණ ඉක්මන්කෝප නොගෙන සියලු කටයුතු ශුභවාදි කළමනාකරණය යහපත් වෙයි. විමර්ෂණාත්මකව අභියෝග මර්දනය කර ගනිමින් ක්‍රියාකාරකම්හි යෙදීම යහපත් වෙයි.

 

සිංහ රාශිය

පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය 07 වැන්නේද ධර්මකර්මාධිපති යෝග බලය 06 වැන්නේද උදාව පවතිනු ඇත. මේ ග්‍රහචාරයද සමඟ 06,08,12, 03 ග්‍රහ පිහිටීමද රවි හිමි සිංහ රාශි හිමියනට විශිෂ්ටතම වෙයි. එසේම චන්ද්‍ර කුජ ආලෝක ග්‍රහ ගමන් මඟද ප්‍රශංසනීය වෙයි. රැකියා, ආදායම් මාර්ග, නම්බුනාම කීර්ති ප්‍රශංසා ගලා එන බවක් විද්‍යමාන වෙයි. සතුටුදායකයි.

 

කන්‍යා රාශිය

පුවත්පත් ඇතුළුව මාධ්‍යය ආශි‍්‍රතව මෙන්ම වාණිජ ව්‍යාපාරයන්හි කළමනාකරණය, සංස්කරණය අර්ථවත් ක්‍රියාත්මක කරළීමෙහි ශක්තිය ධෛර්ය උදාව පවතිනු ඇත. බොහෝ දුරට දිගුකාලීන වූ සිතැඟියාවන් වර්ණවත්ව නිමාකොට ගැනීමෙහි භාග්‍යය උදාවෙනු ඇත. අන්‍ය ජනයා සහ ඒකරාශීව ව්‍යාපාරික සේවා උසස් ලෙස කළ හැකි බවක් පෙනී යයි.

තුලා රාශිය

පංච මහා පුරුෂ යෝග අතරින් රුචක යෝග බලය 04 වැනි භාවය තුළින් ක්‍රියාත්මක වෙයි. මෙතෙක් කරගෙන එනු ලැබූ ක්‍රියාකාරකම් ක්‍රමවත්ව කළ හැකි බවක් නිර්මාණය කෙරෙනු ඇත.

ජන ප්‍රධානත්වයද රැකියා, ආදායම් මාර්ග, ඇතුළුව සැලසුම්කරණ ඉතාම ක්‍රමවත් කොට ගනු ලබයි. බොහෝ දෙනා අතරද ප්‍රකට බවක් මතුකර ගනු ලබයි. උදාර මානුෂික හැඟීම් මල් ඵල ගනු ලබයි.

 

වෘශ්චික රාශිය

විවිධ ආදායම් මාර්ග, ඇතුළුව මැණික් පතල් ඉල්ලම්, නිදහන් වස්තු ආශි‍්‍රත ක්‍රියාකාරකම් දියුණූ මඟකට පාත්‍ර කරගනු ලබයි. උත්සාහය, උනන්දුවද තීව්‍ර කෙරෙනු ඇත. සංවිධානාත්මක ක්‍රියාකාරකම් තුළින් ඉමහත් සතුටුදායක බවක් මතු කොට ගනු ලබයි. ගොඩමඩ ගොවිතැන් කටයුතුවල උසස්ම ක්‍රියාකාරි බවක් දෘශ්‍යමාන වෙයි.

 

ධනු රාශිය

දෙවැන්න වූ ධනස්ථානගතව ප්ලූටෝ සතුරුව ආලෝක ග්‍රහබලයද 10 වැන්න වූ කර්ම ස්ථානගතව ආලෝක ග්‍රහබලයද නිවෘතව යෙදී ඇත. හදිසි තීරණ තීන්දු තුළින් දුරස්ථව ක්‍රමානුකූලව කළමනාකරණ පිළිවෙතක් අනුගමනය යහපත් වෙයි. බොහෝදුරට අපේක්ෂාවන් ශුභවාදි ලෙස ඉටු කරගෙන මානුෂික අයුරින් කටයුතුවල යෙදීම යහපත උදා කරනු ඇත.

 

මකර රාශිය

මකර රාශිගත රුචක යෝගබලය අසීමිත වෙයි. පවුලෙහි සමඟි සමාදානය, දියුණුව ගෙන දෙයි. බොහෝ දුරට සිතැඟියාවන් සාර්ථක කෙරෙනු ඇත. රැකියා ආදායම් මාර්ග මෙන්ම සමාරම්භක කටයුතුද ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම ශුභවාදි වෙයි. නිර්මාණශීලි ඔබහට ඉතා දුර්ලභව පිහිටාධාර වූ ශක්තිය ධෛර්ය රුචක යෝග මාර්ගය තුළින් ක්‍රමවත් වෙයි.

 

කුම්භ ලග්නය

ධර්මකර්මාධිපති යෝගය මෙන්ම ‘පංච මහා පුරුෂ යෝග අතරින් සසයෝග බලය ලග්නගතව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

උසස් දියුණුවකට උදාරතම යෝග බලයෙකි. එබැවින් ආරම්භක කටයුතුද මනාව කළමනාකරණය කළ යුතු වෙයි. පෞද්ගලික හෝ රාජ්‍යය ක්ෂේත්‍රයෙහි ක්‍රියාකාරකම් ඉතාම සූක්ෂ්ම අයුරකින් කර ගත හැකි බවක් පෙනෙයි. දිගුකාලීන දියුණුවේ ූ මාර්ග පෑදෙයි.

 

මීන රාශිය

උදාරතම ග්‍රහචාරය මීන රාශි ජන්මලාභිනට ඉතාම සුවිශේෂි දියුණු මඟකට පාත්‍රවෙනු ඇත. මෙකී විශිෂ්ට ග්‍රහචාරය නිසා සියලු කාර්යයන් සඵල කර ගැනීමෙහි භාග්‍යය ඇත.

සුවිශේෂි ගමන් මඟකට ඔබව ග්‍රහණය කෙරෙනු ඇත. සිතැඟියාවන් බොහෝදුරට සඵල වෙයි.

උසස් ආර්ථිකයකට දොරටු විවර වන භාග්‍යමත් කාල පරාසයකි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.