උපන් ලග්න කේන්දරයට අනුව පිහිට වන ඉටු දෙවියෝ

අප්‍රේල් 23, 2021

මීට වසර හැට හැත්තෑවකට ඉහත දී මෙරට ජීවත්වූ ජනතාව ආධ්‍යාත්මික අතින් ඉතා උසස් අයවලුන් වූහ. එයට හේතුව නම් ඔවුන් ලෞකික ජීවිතයට වඩා අධ්‍යාත්මික ජීවිතයට මුල් තැන් දෙමින් උදේ හවා බැති සිතින් බුදුන් වඳිමින් දෙවියන්ට පින්දෙමින් යහපත් ජීවිතයක් ගත කිරීමයි. එහෙයින් එකළ වර්තමානයේ මෙත් සිත් කම්පා කරන ශෝචනීය සිද්ධීන් ඇති නොවීය. ඒ අනුව ඒ යුගයේ ජීවත් වූ සෑම මාපියෙක් ගේ අරමුණ වූයේ තම දරුවා සමාජයට වැඩදායක ගුණ යහපත් පුද්ගලයෙක් කිරීම මිස වර්තමානයේදී මෙන් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගණකාධිකාරිවරයෙක් ලොකු ව්‍යාපාරිකයෙක් කිරීම නොවේ.

 

අතීත සමාජයේ ජීවත් වූ ජනතාවට වඩා වර්තමානයේ මෙරට ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉතා සංකීර්ණය. එහෙයින් මූල්‍ය අවශ්‍යතාවයන් ද එදාට වඩා අද ඉහළය. ඒ හේතු කොට ගෙන අද මෙරට ජනතාවට මෙකී මූල්‍ය අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීමට කාර්යබහුල ජීවිතයක් ගත කිරීමට සිදුවී ඇත.

 

මෙලෙස මෙරට ජනතාව ලෞකික ජීවන රටාවකට නැඹුරුවීම හේතු කොට ගෙන අධ්‍යාත්මික වශයෙන් පිරිහී යයි. එනිසා මත්ද්‍රව්‍ය භාවිතය, සොරකම්, ලිංගික අපචාරයන්, මිනිස් ඝාතන, හදිසි අනතුරු මෙන්ම මානසික රෝගීන් වීමට ද එය හේතුවක් වේ.

නමුත් මීට වසර හැට හැත්තෑවකට ඉහත දී මෙරට ජීවත්වූ ජනතාව ආධ්‍යාත්මික අතින් ඉතා උසස් අයවලුන් වූහ. එයට හේතුව නම් ඔවුන් ලෞකික ජීවිතයට වඩා අධ්‍යාත්මික ජීවිතයට මුල් තැන් දෙමින් උදේ හවා බැති සිතින් බුදුන් වඳිමින් දෙවියන්ට පින්දෙමින් යහපත් ජීවිතයක් ගත කිරීමයි. එහෙයින් එකල වර්තමානයේ මෙත් සිත් කම්පා කරන ශෝචනීය සිද්ධීන් ඇති නොවීය. ඒ අනුව ඒ යුගයේ ජීවත් වූ සෑම මාපියෙක් ගේ අරමුණ වූයේ තම දරුවා සමාජයට වැඩදායක ගුණ යහපත් පුද්ගලයෙක් කිරීම මිස වර්තමානයේදී මෙන් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගණකාධිකාරිවරයෙක් ලොකු ව්‍යාපාරිකයෙක් කිරීම නොවේ. අතීත ශ්‍රී ලාංකීක සමාජය තුළ සාමය, සමගිය සංහිඳියාව පැවතුණි.

එහෙයින් වර්තමාන සමාජය තුළ පවතින මෙකී ලෞකිකත්වයට බරවූ අයහපත් සමාජ රටාව වෙනස් කළ යුතුය. ඒ සඳහා අප පැරැන්ණන් මෙන් ආධ්‍යාත්මික ගුණ වගාවන්ට මුල් තැන දෙන සමාජ ක්‍රමයක් ස්ථාපිත කළ යුතුය. ඒ සඳහා ප්‍රථමයෙන් උදේ, සවස බුදුන් වැඳිය යුතුය. ඉන්පසු විශේෂයෙන් රැකවරණය, ආරක්ෂාව යහපත සලසන ඉටුදෙවියන් හඳුනා ගෙන එම ඉටු දෙවියන්ට පහනක් දල්වා ඉටුදෙවියන් ගේ පිහිට ලබා ගත යුතුය. මෙහිදී තමාට පිහිට වන ඉටු දෙවියන් සොයා ගැනීමට ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය අපට මහෝපකාරි වන්නේය. ඒ අනුව ප්‍රථමයෙන් ග්‍රහයන් මගින් නිවේදනය කෙරෙන දෙවි දේවතාවන් හඳුනාගත යුතුය. නව ග්‍රහයන් මගින් නිවේදනය කෙරෙන දෙවි දේවතාවන් මෙසේය. රවි ශිව සහ ඊශ්වර දෙවියන්, සඳු පත්තිනි මෑණියන්, අඟහරු කතරගම දෙවියන්, බුධ ගණ දෙවියන් සහ සරස්වතී දෙවියන්. ගුරු විභීෂණ දැඩිමුණ්ඩ සහ සමන් දෙවියන්, සිකුරු ලක්ෂ්මී ඉන්ද්‍රාණි යන දෙවතාවන් . සෙනසුරු විෂ්ණු සහ උපුල්වන් දෙවියන්, රාහුගෙන් ඊශ්වර කේතු කතරගම දෙවියන් යන දෙවිවරුන්ය .

ඒ අනුව ඔබ ගේ උපන් ලග්නය අනුව ඉටු දෙවියන් සොයා ගන්නේ මෙසේය. ඔබගේ කේන්දර සටහනේ අමෘතය කාරක ග්‍රහයා එනම්. නව ග්‍රහයන් අතරින් දෙවනුවට වැඩීම අංශක ගණනක් ඉදිරියට ගමන් කර ඇති ග්‍රහයා නවාංශක කේන්දරයේ තැන්පත් නවාංශක රාශියේ සිට රාශි 6 ක් ඉදිරිය පැන්න විට හමුවන නවාංශක රැසෙහි තැන්පත් ග්‍රහයා ඔබගේ කේන්දර සටහනට අනුව ඔබේ ඉටු දෙවියාගේ දේවතාවා වන්නේය. මෙහිදී යටකී ලෙස අමාත්‍යකාරක ග්‍රහයා තැන්පත් නවාංශකයේ සිට නවාංශක 6 ක් ඉදිරියට පැන්න කල හමුවන නවාංශකයේ ග්‍රහයන් කිහිප දෙනෙක් තැන්පත්ව ඇත්නම් එහි ග්‍රහයන් අතරින් බලවත්වම ග්‍රහයා ඔබගේ ඉටුදෙවියා වන්නේය. මෙලෙස අමාත්‍ය කාරක ග්‍රහයාගේ සිටි නවාංශක 6 ක් ඉදිරිය පැන්න විට හමුවන නවාංශකයේ කිසිදු ග්‍රහයෙක් තැන්පත්ව නැත්නම් එම නවාංශකාධිපතියා ඔබගේ ඉටු දෙවියා වන්නේය.

ඉහත විග්‍රහ කර ඇති කරුණුවලට අනුව සොයා ගත් ඉටු දෙවියා නිවේදනය කරන ග්‍රහයාගෙන් නියම ශුභ බලයක් ලැබෙන්නේ එකී ඉටු දෙවියා නිවේදනය කරන ග්‍රහයා ලග්න කේන්දරයට අනුව 6,8,12 යන දෘෂ්ට ස්ථානාධිපතියෙක් හෝ බාධක ස්ථානාධිපතියෙක් හෝ 22 වෙනි දෙර්කාණාධිපති 64 වෙනි නවාංශකාධිපති ග්‍රහයෙක් නොවී ලග්න කේන්දරයට ශුභ ඵල දෙන කේන්ද්‍ර ත්‍රිකෝණ හෝ යෝගකාරක ග්‍රහයෙක් වී ලග්න කේන්දරයේ 1.2,4,5,7,9,10,11 යන ශුභ භාවයක පාප පීඩිත නොවී ශුභ දෘෂ්ටි සංයෝගව යනාදි වශයෙන් පෝෂිතව මිත්‍ර ස්වක්ෂේත්‍ර , මූල ත්‍රිකෝණ උච්ච යනාදි බලයකින් යුතු සිටිනවා නම් පමණි. එසේ නොමැති මෙකී ඉටු දෙවියන් නිවේදනය කරන ග්‍රහයා ලග්න කේන්දරයේ දුෂ්ට ත්‍රිකයට අයත් 6,8,12 යන භාවයන් ගෙන් යම් භාවයක පතිත වන ඇත්නම්, ඉටු දෙවියන් ගෙන් කිසිදු ශුභ බලයක් ලැබෙන්නේ නැත. එනමුත් එලෙස දුෂ්ට භාවයක පතිත ඉටු දෙවියා නිවේදනය කරන ග්‍රහයාට ලග්න කේන්දරයට ශුභඵල දෙන ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියට භාජනය වී ඇත්නම්, නව ග්‍රහයන් නිවේදනය කරන යක්ෂයන්, භූතයන්, පේ‍්‍රතයන් ගෙන් උදව් උපකාර ලබා ගත හැක. මෙයට උදාහරණයක් වශයෙන් ලංකාවේ සහ ඉන්දියාවේ ඇතැම්හු ‘ලේ කාලි ,සොහොන් කාලි, භද්‍රකාලී වැනි කාලි අවතාරයන්ට පුද පූජා පවත්වා තැබීමෙන් උපකාර ලබා ගනිති. නමුත් කලක් ගතවූ පසු එම අවතාරයන් තමාගෙන් පිහිට උපකාර ලබා ගත් පුද්ගලයන්ගේ ජීවිතය උදුරා ගනිති. නැතිනම් එම පුද්ගලයන්ව හදිසි අනතුරුවලට ලක් කොට ඔවුන් ආබාධිත පුද්ගලයන් බවට පත් කරති. එහෙයින් නව ග්‍රහයන් නිවේදනය කරන අමනුෂ්‍යයින්ගේ පිහිට පැතීම ඉතා අවදානම් සහිත ක්‍රියාවකි.

ඒ අනුව මා අවසාන වශයෙන් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ මාගේ උපන් ලග්නයට අනුව මා ඉටු දෙවියන් සොයා ගත් ආකාරයත් එම ඉටු දෙවියන් මට පිහිටවූ ආකාරය පිළිබඳ විස්තරය කි. මාගේ උපන් ලග්නය කන්‍යාව වන අතර නවාංශකය සිංහය වේ. මාගේ ලග්න කේන්දරයට අනුව අමාත්‍ය කරක ග්‍රහයා කුජ වන අතර ඔහු නාවංශක කේන්දරයේ වෘණ නවාංශකයේ පතිතවන හෙයින් ඉන් නවාංශක 6 ක් ඉදිරියට පැන්න විට තුලා නවාංශකය හිමිවේ. ඒ අනුව තුලා නවාංශකයේය එහි අධිපති සතුරු එහිම ස්වක්ෂේත්‍රව පතිතව ඇති හෙයින් මාගේ ලග්න කේන්දරයට අනුව ඉටුදෙවියා නිවේදනය කරන ග්‍රහයා වන්නේ සිකුරුය.

මෙම සිකුරු මා උපන් කන්‍යා ලග්නට අනුව ධර්ම ස්ථානය හෙවත් 9 වැන්නාධිති වන්නේය. මෙකී සිකුරු ලග්න කේන්දරයේ සිව්වැන්නේ සිටින්නේ දිග් බලව සිකුරුට හිමි පුවසල නැකතේ පතිත වෙයි. එහෙයින් ඉටු දෙවියා නිවේදනය කරන ග්‍රහයා බලවත්ය. එහෙයින් එහි ඉටු දෙවියා නිවේදනය කරන ග්‍රහයාට හිමි දේවතාවට (මිතුරු ස්ත්‍රී ග්‍රහයෙක් වන හෙයින්) වන්දනාමාන කිරීමෙන් බොහෝ පිහිට උපකාර මෙන්ම ආරක්ෂාව ද සලසා ගත හැක.

ඉහත විග්‍රහ කළ කරුණුවලට අනුව මාගේ ඉටුදේවතාවා විය යුත්තේ, ලක්ෂ්මි හෝ ඉන්ද්‍රානිය නමුත් කතෝලිකයෙක් නිසා (ක්‍රිස්තු භක්තිකයෙක්) මා වන්දනාමාන කරන්නේ දේව මෑණියන්ට ය. දේව මෑණියන් කෙරෙහි මා තුළ විශ්වාසයක් භක්තියක් ඇති වූයේ ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය හැදෑරීමට පෙරය. ඒ අනුව එතැනදී මාගේ විශ්වාසය ඇදහිල්ල නිවැරදි බව ඡ්‍යෝතිෂ ශාස්ත්‍ර මගින් තහවුරු කොට ඇත. මීට වසර දහයකට උඩදී එනම් ජීවිතයේ ඉතා දුෂ්කර කාලසීමාවක මා දේවමාතාවට වඩාත් ළංව දිනපතා ජපමාලය උච්චාරණය කරමින් යාච්ඥා කළ අතර එලෙස එතුමියට යාච්ඥා කිරීමෙන් මාගේ සියලු ප්‍රශ්න විසඳුණි.

ඒ අනුව මාගේ ඉටු දේවතාවා හෝ දේවමාතාවන්ට අද දක්වාම දිනපතාම ජපමාලය උච්චාරණය කරමින් යාච්ඥා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අතීතයට වඩා වර්තමානයේදී අපල උපද්‍රව වලින් තොරව, සාමකාමී සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමටත් මා සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා දැහැමි වීමටත් හේතුවී ඇත. එහෙයින් ඔබගේ ලග්න කේන්දරයට අනුව ඉටු දෙවියන් සොයා ගෙන එම ඉටුදෙවියන්ට වන්දනාමාන කර ඔබගේ ජීවිතය වඩා අර්ථවත් කර ගන්න.

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.