ජනවාරි 12 පැතුම් ඉටුවන සුබ නැකතක්

ජනවාරි 5, 2024

යහපත් චින්තන රටාව දියුණ සවිය ගෙනෙනු ඇත. යහපත් චින්තනය හොඳ පුරවැසියෙකු බිහිකරයි. මෙම චින්තන ධාරාව අඩු වැඩි වෙමින් පැමිණ 5 -ඉ (ජ්ඪමඥ - ඵ) සංකල්පය නමින්ද විය.

ධනාත්මක චින්තනය ආකර්ෂණ නීතිය මේ සියල්ලම එකම ගසේ පුෂ්පයෝය. මේවායෙහි මූලය හෝ ඉතිහාසය සොයා යන්නන්ට ඒ පිළිබඳ සකාච්ඡා කළ විද්වතුන් සහ කෘති හමුවනු ඇත. අපේ කුඩා කාලයේ වඩාත් අවධානය දුන් “සිරිත් මල්දම” අද අපෙන් අතුරුදන්ව ඇතත් පුද්ගල පෞරුෂය හදන්නට පෙර වදනක් වූ ග්‍රන්ථයක් සේ එය හඳුන්වාදිය හැකිය.

ඔබත් මමත් නොයෙකුත් ආශාවන්ගෙන් යුතුව ජීවතය සොයා යන්නෝ වෙමු. මනෝ විද්‍යාවට අනුව මිනිසාට අවශ්‍යතා ධූරාවලියක් වේ. ආහාර පාන ඉඳුම් හිටුම් ආදියේ පටන් ආත්ම විමුක්තිය දක්වා වූ ඒ අවශ්‍යතාවයන් මනෝ විද්‍යාඥ මාෂ්ලෝ ඇතුළු බොහෝ දෙනෙකු විවිධ සංස්කරණයන් සහිතව ඉදිරිපත් කර ඇත.

අවශ්‍යතාවය, හැඟීම්, වදන්, ක්‍රියා යන චතුර්විධ ක්‍රියාදාමයන් පිළිබඳ අවධානය දීමයි. එහි පළමුව ඉගැන්වෙනුයේ. මෙහි පළමු කාරණය පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. ඒ ඔබේ අවශ්‍යතාවයයි.

වදනට නැගිය යුතුය. එය පරිසරය, භාවිතය සහ වෙනස ගැන ඔබට තේරුම් ගැනීමට හැකිවිය යුතුය. අවසානයේ දී එම හැඟීම් සහ වදන්ම අවශ්‍යතා පූරණය සඳහා හේතුවේ.

ඉදින් ඔබට මෙය වර්ධනය කර ගැනීම සඳහා සමහර ග්‍රන්ථයන්හි මානසික අභ්‍යාස හඳුන්වාදී තිබේ. ‘ලිවීම’ එක් අභ්‍යාසයකි. ඔබේ අවශ්‍යතාවය දැනටමත් සපුරා ඇති ආකාරයෙන් ලියන්න. ධනාත්මකව ලියන්න. එපඪබඪදඨ ඪඵ ට්ධතඤඥද ඕපඪඤඨඥ යැයි පවසා ඇත. ඔබ සහ ඔබේ අරමුණ ඉටු වීම අතර සම්බන්ධය සදනුයේ ලිවීමෙනි.

මේ ලිවීමේ විවිධ ගණිතමය හැඩතලයන් ගැන අන්තර් ජාලය පරිශීලනය කරන ඔබට සොයා ගැනීමට අපහසු වන්නේ නැත. 555 ක්‍රමය 666 ක්‍රමය 888 ක්‍රමය ආදී වශයෙන් දිවිපංගනා සංඛතය යනුවෙන් පුරෝකතනයක් ද ඒ සඳහා ලබා දී ඇත. මේවා මෙසේ භාවිත කළ සමහරුනට ඒ අවශ්‍යතාවය ඉටුවේ. සමහරු වඩා හොඳින් එය සිදුකළත් එය එසේ වන්නේ ද නොවේ. එනම් එය ඉටු නොවේ. මේ සඳහා විවිධ පිළිතුරු විවිධ විෂයන් අනුසාරයෙන් ලබාදිය හැකිය. මෙහි කළවර ඇත්තේ මානසික දියුණුවෙහිය. ඒ සඳහා “බුදු දහමට” පෙර තිබූ විෂයන් අපට උපයෝගී කර ගැනීම පහසුය. මන්ද බුදු දහමේදී ස්වල්ප සම්පත් අගය කොට ඇති නිසාය. ධනාත්මක චින්තනයේ මුල් ඉගැන්වීම් කෙහේ තිබේදැයි සොයා බලන විට ඒවා වෛදික දර්ශනය තුළ වේ. යෝග, ඡ්‍යොතිෂ, සංඛ්‍යා දර්ශනය ආදී නොයෙකුත් වෛදික විෂයන්හි මනකොට මේවා විස්තර කොට තිබේ. අවසානයේ දී මෙය කාලය සහ අවකාශය කියන සංකල්පය නැතහොත් ශිව හෝ නාථ යන කියන සංකල්පයෙන් නැවතී ඇත.

දැන් අප මේ කතාවේ ශාස්ත්‍රීය පදනමද තරමක් පසෙකින් තබා 2024 අරමුණු මොනවාද යැයි සිතන්න. එය වසරට සාපේක්ෂව කෙටි කාලීන, මධ්‍ය කාලීන හෝ වර්ෂාවසානයට සාපේක්ෂව දිගු කාලීන විය හැකියි. අරමුණු අවශ්‍යතා සිය ගණනක් වුවත් ප්‍රධාන අවශ්‍යතා තුනකට මුල්තැන දෙන්න. හරි හතරැස් කොළය ගන්න. එය ඉරි නැති, රූල් රහිත කොළයක් වීම වඩා සුදුසු ය.

ඔබේ අවශ්‍යතාවය දැනටමත් ඉටුවී තිබෙන ආකාරයෙන් ලියන්නා එය ලිපි කවරයක දමා වසන්න, ගම් ගා අලවන්න. ඔබ ලියූ දෙය පාඩමේ තිබෙනවා විය යුතුය. ඒ අවශ්‍යතාව ඔබේ හැඟීම් බවට පත්ව තිබෙන නිසාවෙනි.

ඕනෑම වැඩක් කිරීමට හොඳ වේලාවක් ගැනීම හොඳ යැයි සිතන සංකල්පය පමණක් දැනට මෙහෙයවා ජනවාරි මස 12 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 07.10ට පමණ බටහිර බලා ලිවීම අරඹා ඉහත කී සම්පූර්ණ ක්‍රියාවලියම නිමාකර එය ලියා දැමූ කවරය ආරක්ෂිත තැනකින් තබන්න. මෙය ලියන ඔබගේ විශ්වාසය කර්මය මෙන්ම ඉහත මුලින්ම කී කරුණු සතර ද මෙහි ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වේ. මේ වේලාව මිනිත්තු 48 න් 48ට යෙදෙන ක්‍රමයක් අලලා සකස්කර ඇති බැවින් පොදුවේ ලංකාව තුළ මෙය භාවිත කළ හැකිය. දිශාවද එසේම නියම කොට තිබේ. ඔබේ ධනාත්මක චින්තනයේ මානසික ශක්තිය උද්දීපනය කරන හැටි ඉදිරි සුබසෙත පුවත්පතකින් ගෙන එනතුරා ඔබ සැමට පැතුම් ඉටුවන වසරක් වේවායි පතමි.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.