වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
මැයි මස 14 වැනි ඉරිදා - ලග්න සහ රාහු කාලය
මැයි 13, 2023
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 6.20
රාහු කාලය ප.ව. 04.46 සිට ප.ව. 06.20
අලුයම 04.27 සිට 05.54
ශුභ දිසාව - දකුණ
මේෂ
පහසුවෙන් මිත්‍රයන් ඇතිකරගත හැකි දිනයකි. එහෙත් එම මිතුරුකම කල්නොපවතියි. ආදායම ස්ථිර නොවීමටද ඉඩ තිබේ. කනේ අමාරුවක් හෝ එවැනි ආපදා තත්ත්වයක් ඇතිවනු ඇත.
වෘෂභ
ඉඩකඩම් දේපළ පිළිබඳ යම් කතාබහක් ඇතිවන අතර ගමන් බිමන්වල යෙදීමට කරුණක් ද ඇතිවනු ඇත. ස්ථානගත වෙනසක් ඇති වන අතර උත්සාහය උනන්දුව අඩුව යනු ඇත.
මිථුන
ක්‍රමානුකූලව තම කටයුතු කරගෙන යාමට හැකිවන දිනයක් වන අතර මවුපියන්ගේ කටයුතුවලට උදව් උපකාර කිරීමටද ඉදිරිපත්වේ. උත්සාහවන්තව කටයුතු කරයි. ගෙදර දොර කටයුතුවල වෙනසක් ද ඇති වන බවක් පෙන්නුමම් කරයි.
කටක
එතරම් යහපත් දිනයක් නොවන අතර තම කටයුතුවලට සෑම පැත්තෙන්ම බාධා කරදර ඇතිවේ. උත්සාහයේ තරමට ප්‍රතිපල නොලැබෙන අතර නිකරුනේ චෝදනාවන් එල්ලවන දිනයකි. ජලයෙන් පීඩා ඇතිවනු ඇත.
සිංහ
අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති වන අතර සහෝදරාදීන් සමඟ මතභේද ඇතිවීමටද ඉඩ ඇත. ආගමික ස්ථාන වැඳ පුදා ගැනීමටද හැකිවන දිනයකි. මුත්‍රා අමාරුවක්, බඩේ අමාරුවක් ඇති කරයි.
කන්‍යා
පපුවේ හෝ පෙනහලුවල අමාරු ඇතිවිය හැකි අතර ආහාර පාන ගැන එතරම් උනන්දුවකින් යුතුව කටයුතු නොකරනු ඇත. කම්මැළි අලස ගතියක් මෙන්ම නිදිමත ගතියකින් යුතුව කටයුතු කරන දිනයකි.
තුලා
ප්‍රේම සම්බන්ධතාවයක් නිසා හිතට චංචල බවක් ඇතිවන අතර සිතේ කනස්සලු ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. වැඩ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ගෙනදෙනු අතර සෙම් අමාරු, කැස්ස, උණ රෝග ඇතිවීමටද ඉඩ ඇති දිනයකි.
වෘශ්චික
තම වැඩකටයුතුවලට බාධා පැමිණෙන බැවින් ඉවසීමෙන් ප්‍රවේශමින් කටයුතු කළයුතු දිනයකි. ඥාතීන්ගෙන් පවා හොඳක් ඇසීමට නොහැකි වන අතර බලාපොරොත්තුව සිටි යම් කටයුත්තක් පමාවීමට කරුණු යෙදෙනු ඇත. මස්පිඬුවල ආබාධ ඇති කරයි.
ධනු
නව මිතුරු පිරිසක් ඇසුරට යොමු වන අතර, ඔවුන් හා එකතුව කටයුතු කිරීමටද හැකිවනු ඇත. කලකින් නොගිය ගමනක් යාමට හැකිවන අතර සුළු සුළු ලාබ ලැබෙන දිනයකි. මුදල් ලැබීමට යහපත් වුවත් වියදම් අධික වේ.
මකර
කම්මැළි, අලස ගති, නිදිමත ගති ඇතිවන අතර හුදකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද සිත්දෙන දිනයකි. මිතුරුව සිටි අයකු අමනාපවීමට හෝ තමාගෙන් ඈත්වීමටද කරුණක් යෙදෙනු ඇත.
කුම්භ
උත්සාහවන්තව කටයුතු කරන දිනයක් වුවත් එම උත්සාහයේ ප්‍රතිඵල එදිනම ලැබෙන්නේ නැත. ශරීරයට අධික වෙහෙසක් ද ඇතිවන අතර උණ රෝගයක් හෝ පීනස් අමාරු සෙම් අමාරුවක් නිසා පීඩා ගෙන දේ.
මීන
පහසුවෙන් අධෛර්යමත් වන දිනයක් වන අතර ස්ථානගත වෙනසක් හෝ නිදාගන්නා තැනවත් වෙනස්වනු ඇත. කතාවට මෙන්ම ලිවීමට කැමැත්තක් ඇතිවන අතර මත්පැන් වැනි සම්මතයට පටහැනි ක්‍රියාවන්වල නිරතවීමටද සිත් දෙන අතර ශරීරයේ සෙම වැඩි ගතියක් ද පෙන්නුම් කරයි.
ඡ්‍යොතිෂවේදිනී,
ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00
මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග...
2024-02-29 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න...
2024-02-22 18:30:00
පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණයපෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලාහරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල්...
2024-02-15 16:30:00
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම...
2024-02-15 18:30:00
රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි...
2024-02-09 01:30:00
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා මුළු දවසම සුබ කටයුතු සඳහා යොදාගත හැකි කේවල සිද්ධි යෝගයක් උදා වනු ඇත. එදින නවම් මස පුර තෙලෙස්වක තිථිය පස්වරු 1.02 න්...
2024-02-08 18:30:00
කලකට පසු යෙදෙන යම කාල සුබ මුහුර්තයක් මේ මස 10 වැනිදා සෙනසුරාදා පෙරවරු 8.06 සිට 8.42 දක්වා උදා වනු ඇත.දෙනට නැකත යෙදී ඇති එම සුබ මුහුර්තය උදා වන්නේ පංච...
2024-02-01 18:30:00
එළැඹෙන පෙබරවාරි මස 5 වෙනි සඳුදා රාත්‍රී 9.42 ග්‍රහලොව සෙන්පති අඟහරු තම උච්ච භවනය වන මකර රාශි ගත වී සතරදීප යෝගය උදා කිරීම ලග්න දොළසටම ශුභ ඵල ගෙන දීමට...
2024-02-01 18:30:00
ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරියහත නැකැත හා විශේනිය තිථිය ද සහිත දෝෂ භංග කරන සිද්ධි යෝගය ද ප්රබලව යෙදීමෙන් නව නිවාස ආරම්භයට ඉතා යහපත් නැකැතක් ජනවාරි 31...
2024-01-25 18:30:00
ප්‍රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චිඉතා ප්‍රබල ද්විත්ව යෝගයක් සිංහ ලග්නය මුල් කොටගෙන ජනවාරි 18 වැනිදා රාත්‍රී 8.56 සිට පෙබරවාරි 01 වැනිදා...
2024-01-18 18:30:00
ලග්න දොළහටම කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තියකාලගුණික බලපෑම් දැඩි වෙයිප්රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි දැනුමට...
2024-01-11 18:30:00
වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයෙන් ප්‍රශංසා ගරු බුහුමන්මේෂ, වෘෂභ,කටක, සිංහ. කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නවලට රජයෙන් වැඩි ප්...
2024-01-04 18:30:00