වෙදගෙදර නොමිලයේ ආයුර්වේද සායනයක්

ජූලි 19, 2019

උතුවම්බෝගහවත්ත වෙද පරම්පරාවේ “උතුවම් බෝගහවත්ත වෙද ගෙදර” විවෘත කිරීම හා සමගාමීව නොමිලයේ ආයුර්වේද වෛද්‍ය සායනයක් පසුගියදා (2019.06.23 දවස පුරා) කුරුණෑගල පාර, අලව්ව කොහොලානේ දී පවත්වන ලදී. ගිහි පැවිදි විශාල පිරිසක් මෙම සායනය සඳහා සහභාගි වූ අතර වෛද්‍ය සායනයට අමතරව වාස්තු විද්‍යා පරික්ෂාවන් , හස්ත පරික්ෂාවන් හා කේන්ද්‍ර පරික්ෂාවන්ද නොමිලයේ සිදු කරන ලදී.

උතුවම්බෝගහවත්ත වෙද පරම්පරාවේ වෛද්‍ය ආර්. ජයනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සායනය අලව්ව පරගහමුණවත්ත ශ්‍රී ජය වෛද්‍ය නිකේතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම සායනය සංවිධානය කළ අතර තෙල් ,බෙහෙත් , කල්ක, කෂාය ආදිය ඔවුන් විසින් සකස්කර රෝගීන් වෙත නොමිලයේ ලබා දෙන ලදී.

ඩී.ආර්. කළුආරච්චි – මිනුවන්ගොඩ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.