පෙර අපර දෙදිග ඒකාබද්ධ වෛද්‍ය සත්කාර ක්‍රමයකට මුලපිරේ

ජනවාරි 26, 2024

ආයුර්වේද හා බටහිර වෛද්‍ය ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවා අරඹන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන් මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පැවති 2024 වර්ෂයේ ප්‍රාග්ධන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන්, දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන තිලකරත්න, එස්.දෙනාවත්ත, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් ද දිවයිනේ සියලු පළාත් කොමසාරිස්වරුන්, ආයුර්වේද වෛද්‍ය සභාව, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඇතුළු සියලු ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් මේ විශේෂ සාකච්ඡාව පැවැත්විණ. එහිදී පාරම්පරික ආයුර්වේද, සිද්ධ, යුනානි, දේශීය වෛද්‍ය සේවාවන් එක් ජාතික වැඩපිළිවෙළක් ලෙස දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම උදෙසා 2023 අංක 19 දරන ආයුර්වේද සංශෝධිත පනත අදාළ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක් සැකසීම මෙන්ම ආයුර්වේද පර්යේෂණ, ශික්ෂණ රෝහල් මෙන්ම පළාත් දිස්ත්‍රික් රෝහල්, ග්‍රාමීය රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා, නිදහස් බෙහෙත් ශාලාවන් හි ප්‍රතිකාර සහ සේවා සංවර්ධනය කිරීම ඇතුළු දේශීය වෛද්‍ය සේවය ගුණාත්මක කිරීම උදෙසා වන ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.