වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
සිව් සැට වැනි නවාංසකය
මැයි 10, 2019
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට මැ බලපානා බව පැරැණි ඉසිවරුන් පෙන්වා දී ඇත.
එය “ඛර” නවාංසකය යන නමින් ද හඳුන්වා ඇත. “ඛර” යනු සකුවෙහි,තද, දැඩි, කුරිරු යන අරුත් දෙන වදනකි. මේ කුරිරු නවාංසකය හිමියා ඇතිකරන කුරිරු පල විපාක ගැනද සැලැකිලිමත්වීම වැදගත් වෙයි. මීට ඉහත පළ කළ 35 වැනි පැටුමෙහි ලා, ‘ජිද්‍රගහ’ යන නමින් ඉසිවරුන් හඳුන්වා ඇති ගහයන් හත් දෙනකු ගැන සඳහන් කළෙමි. “ජිද්‍රා” යනු “සිදුරුකරන” යන අරුත ඇති සකු වදනකි. 64 වැනි නවාංසකය අදිපතියා ද ඒ හත් දෙනා ගෙන් එක් ගහයෙකි. ඒ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසා, අතුරු දසාවකදී කෙනකු ගේ මරණය සිදු වන බව ද ඉසිවරුන් පෙන්වා දී ඇත. එ පමණක් නො වැ ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 64 වැනි නවාංසකය යෙදෙන තැනින් රාහු ගමන් කරන අවස්ථාවක තමා ගේ හිතවත් නෑයකු ගේ මරණය සිදු වීමට ඉඩ ඇති බව බලභද්‍රයෝ පෙන්වා දෙති. රාහු මේ තැන ඉක්මවා යාමට මාස දෙකක පමණ කාලයක් ගන්නා බව ද කියා ඇත.
මේ 64 වැනි නවාංශකය අදිපතියා දුස්ට රාසියකට වැටී සෙනසුරු හා එක්වී ඇත්නම් ඒ තැනැත්තා ගේ මරණය සිදුවන්නේ වස ශරීරගත වීමෙන් බවත්, එම 64 වැනි නවාංසකය අදිපතියා දුස්ට රාසියක දී රාහු හෝ කේතු හෝ සමඟ එක් වී ඇත්නම් ගෙල හිරවීමෙන් මරණය සිදුවන බවත් “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතේ සඳහන් වී ඇත.
මෙ සේ මෙම 64 වැනි නවාංසකය මතින් පමණක් නොව, එහි අදිපතියා දුස්ට රාසියක තැන්පත් වී ඇත්නම් ඒ මතින් පාප ගහයකු ගමන් කරන කාලසීමාව ද අයහපත් කාලයක් බව දත යුතු වෙයි.
එ වැනි අවස්තාවක තමන් කෙරෙහි බලපාන මහ දසාව හෝ අතුරු දසාව හෝ පාපයකු ගේ වුව හොත් එයින් ඇතිකරන පලයද ඉතා මැ අයහපත් වනු ඇත. පලාපල කීමේදී එ බඳු තැන් ගැන ද සැලැකිලිමත් වීම වැදගත් වෙයි.
ජන්ම කේන්දරයක් අතට ගත් සැණින් 64 වැනි නවාංසකය සොයාගැනීමේ පහසු පිළිවෙළක්ද ඇත. 64 දොළහෙන් බෙදූ විට 4 ක් ඉතිරි වෙයි.
එ හෙයින් නවාංසක සටහනේ 4 වැනි කොටුව හිමියා 64 වන නවාංසකය අදිපතියා වෙයි. නිදසුනක් ගෙන බලමු.
මීන නවාංසකයේ සිට සිව් වැන්න මිතුනය යි. මිතුනය බුදට හිමියි. එ හෙයින් මේ කේන්දරයේ 64 වැනි නවාංසකය අදිපතියා බුද යි.නවාංසකය එකින් එක ගණන් කැර බැලූ විට එය නිවැරැදි බව පෙනෙයි. කන්‍යා රාසියේ මීන නවාංසකයේ සිට ඉදිරියට නවාංසක හතක් ඇත. එ තැන් සිට තුලා, වෘශ්චික , ධනු, මකර , කුම්භ, මීන යන රාසි හයෙහි නවාංසක පණස් හතරකි. (9ය6=54) යි.ඒ 54 ද කන්‍යා රාසියේ නවාංසක හතට එකතු කළ විට 61 ක් වෙයි. ඊළඟ මේෂ රාසියේ නවාංසක ඇරඹෙන්නේ මේෂයෙනි. එහෙයින් , මේස, වෘෂභ, මිතුන යන නවාංසක තුන ඉහත හැට එකට එක් කළ විට 64 වෙයි. එ හෙයින් ඉහත කී කෙටි ක්‍රමය නිවැරැදි බව පැහැදිලි වෙ යි.
මෙ සේ ඕනෑම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා පහසුවෙන් සොයා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හේමසිරි කුමාරණතුංග
෴ සබැඳි ලිපි ෴
කතුරු මුවාත් චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක් වූ රෙක්ස් කොඩිප්පිලි මහතා චිත්‍රපට දෙසිය පනහකටත් වඩා වැඩි සංඛ්‍යාවකට සහ ටෙලිනාට්‍ය 70කට පමණ...
2024-02-15 18:30:00
කතුරු මුවාත් චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක් වූ රෙක්ස් කොඩිප්පිලි මහතා චිත්‍රපට දෙසිය පනහකටත් වඩා වැඩි සංඛ්‍යාවකට සහ ටෙලිනාට්‍ය 70කට පමණ රංගනයෙන් දායක...
2024-02-15 18:30:00
පලාපල බැලීමේදී විවිධ ක්‍රම සමාජය තුළ තිබේ. උපන් වේලාව අනුව සඳු ග්‍රහයා කිසියම් කොටුවක ගමන් කරයි. දළ කේන්දරයේ අදාළ රාශියේ සඳු ග්‍රහයා සටහන් කළත්, මේ...
2024-02-15 18:30:00
ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 04 භාග නවම් පුර සතවක තිථිය ලත් කිවි දින සිට එම රවි 20 භාග නවම්පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-02-15 18:30:00
ඉභිනනාසු ඡ්‍යොතිෂ පලාපල විග්‍රහය සඳහා තවත් ඉඟියක් මේ ලිපිය සමඟ ඉදිරිපත් කරනු ලබනවා ඇත. හොඳට නරකට දෙකට කටමය කිව්වා සේ හොඳට නරකට දෙකටම පරිවර්තන, යෝගය...
2024-02-15 18:30:00
පෙබරවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර, ඔබ සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.මේ දිනවල උපන්...
2024-02-15 18:30:00
පසුගිය සතියේ අත්ලක පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජිවන රේඛාවේ ස්වභාවය අනුව පුද්ගලයකුගේ ස්වභාවය ක්‍රියාකාරිත්වය සහ ඔහුට මුහුණ දීමට සිදුවන තත්ත්වයන්...
2024-02-08 18:30:00
අප ජීවත් වන ලෝකයේ දවසින් දවසට කිසියම් හෝ අලුත් දෙයක් සොයා ගන්නවා. ඒක යහපත් ක්‍රියාවක්. මේ ඕනෑම සොයා ගැනීමක ඉතා භයානක නරක පැත්තකුත් තිබෙනවා. අපි හැම...
2024-02-08 18:30:00
ස්ත්රීන්ගේ පලාපල කථනයට ඡ්‍යොතිෂයෙහි විශේෂ වූ පැතිකඩක් වෙන් වී ඇත. පුරුෂයන්ට ජන්ම කේන්ද්‍රය අනුසාරයෙන් පමණක් පලාපල පවසන අතර ඡ්‍යොතිෂයෙහි ස්ත්රීන්ට...
2024-02-08 18:30:00
ශකවර්ෂ 1945 ක්වූ මකර රවි 26 භාග දුරුතු අව අමාවක ලත් කිවි දින සිට කුම්භ රවි 03 භාග නවම් පුර සැටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි – මකර...
2024-02-08 18:30:00
යම්කිසි ජන්මියකුගේ ජන්ම පත්‍රය බලා විවාහය සිදුවනු ලබන කාලවකවානුව දැන ගැනීම පිණිස සුබසෙත පුවත්පත පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරමි.යම්කිසි...
2024-02-08 18:30:00
පසුගිය ඉභිනනාසු හතරවන කොටසේදී පලාපල විචාරයක් ලබා දීමට උත්පත්ති දක්ෂිණාවෘත රාශි කුණ්ඩලියක් පරීක්ෂා කිරීම පිළිබඳව දළ අවබෝධයක් ලබා දෙන ලදී.එහිදී...
2024-02-08 18:30:00
ගවයකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා විසිතුනකින් සමන්විතය. කැති නැකතේ පාද තුනක්ද, ඝටාකාර තරු පහකින් ද සැදුම් ලත් රෙහෙණ නැකතද, මුව හිසකට සමානව...
2024-02-08 18:30:00
ඉදිරි ඉන්දීය භිර්ගු නන්දන නාඩි ඡ්‍යොතිෂ පලාපල විග්‍රහයන්වලදී ග්‍රහයින් පෙළ ගැස්වීමට ප්‍රධාන ස්ථානයක් දෙනු ලබනවා ඇත. එනම් නවග්‍රහ මණ්ඩලය ජන්මියා උපන්...
2024-02-01 18:30:00
හැඩරුව, රැකියාව, විවාහය, රෝගාබාධ මෙන්ම අවසානය මෙසේ විය හැකියි.රාශි චක්‍රයේ ලග්න දොළසකි. මෙලොව ඉපදුණ සියලුම අයට ලග්නයක් හිමිය. ලෝකයේ කොතැනක කුමන...
2024-02-01 18:30:00
හස්ත රේඛා පරික්ෂාවේදි හස්ත ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමි වන්නේ පුද්ගලයකුගේ බුද්ධි මහිමය, ශරීර ශක්තිය, සංවිධාන ශක්තිය...
2024-01-25 18:30:00