ජුලි 10 සිට ජුලි 17දක්වා

ජූලි 10, 2020

අධ්‍යාපනික ජයග්‍රහණයක් 

ගතට සිතට සාමය සතුට ඇතිකරමින්  ආරම්භවන මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3,4 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නිතර ශාරීරික අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. ගේ දොර කටයුතු කෙරෙහිද වෙනදාට වඩා සොයාබැලීමක් සිදුකරයි. අමතර වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. මෙතෙක් මතභේදයක් ගෙන දුන් ඉඩම් ආරවුලක් සමතයකට පත්කර ගැනීමට හැකිවේ. දරුවෙකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් අසන්න ලැබෙන කාලයකි. නිතර සමාජ සේවා කටයුතුවලට දුර බැහැර ගමන් යෙදෙන බවක් පෙනේ. සති අන්තයේ දී අඹුසැමි සුහදතාවය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. 

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස -   බ්‍රහස්පතින්දා

 

වාහන ගනුදෙනුවක් 

ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. හිතුවක්කාරී කටයුතු කීපයක් හේතුවෙන් වැඩිහිටියෙකුගේ දෝෂාරෝපණයට ලක්කරයි. එමෙන්ම සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන කාලයකි. පැරණි හිතවතෙකු තමා සොයාගෙන එන අතර, පවුලේ කටයුතුවලින් ඈත්වී සිටීමටද හේතු සැලසේ. සතිය මැද කාලයේ දී දරුවෙකුගේ අධ්‍යාපනික කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසකට මුහුණපෑම සිදුවෙයි. වාහන ගමන්වලින් පරිස්සම් විය යුතු කාලයක් වන අතර, වාහන ගනුදෙනුවකට ද හේතු යෙදෙන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වීම වැදගත් වේ. 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස -  බදාදා

 

දේපල ගනුදෙනුවක් 

අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. යොදාගත් වැඩපිළිවෙලක් වෙනස් කිරීමට ද කටයුතු සැලසේ. නොසැලකිලිමත්කම හේතුවෙන් තමා නොසිතූ ලෙස පාඩු විඳීමට සිදුවේ. යන එන ගමන් පිළිබඳ විමසිලිමත් වන්න. තරග විභාගයක් නිසා වෙහෙසීමට සිදුවේ. එමෙන්ම පැරණි හිතවතෙකු තමා සොයාගෙන එන කාලයකි. සතිය මැද කාලයේ දී දරුවෙකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවෙයි. උගුරේ ආබාධයක් හටගැනීමට ඉඩ ඇති හෙයින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. දේපල ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුට මඟ සැලසේ. 

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස -  බදාදා

 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.