අගෝස්තු 07 සිට අගෝස්තු 13 දක්වා

අගෝස්තු 7, 2020

විශේෂ ගමනක් 

නිතර සිත් කලකිරීමකට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ගමනකට මඟ සැලසෙන කාලයකි. එමෙන්ම ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සැලසේ. නොසිතු ගැටලුවකට නීති පිහිට පැතීමට සිදුවන කාලයකි. මව ගැන හෝ මව්පස ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන බව පෙනේ. රැකියාවට අමතර වැඩකටයුතු කීපයක් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 05

ජය අංකය - 08

ජය වර්ූණය - කොළ

සුබ දවස -  සඳුදා

දරුවෙකු වෙනුවෙන් වෙහෙසීම් 

දුරගමන් යෙදෙන කාලයක් වන අතර කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරනු ඇත. පවුලේ කටයුතු  කීපයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම නිතර හිතවතුන් වෙනුවෙන් වියපැහැදම් කිරීමට මූලික වෙයි. නිතර තමාට අවාසි සහගත ලෙස කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. වාහනවල ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න.

 ගේ දොර බඩු කීපයක් අලුත් කිරීමට කටයුතු සැලසේ. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි. අසල්වැසියෙකු සමඟ සිත් නොහදකමක් ඇතිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස -  සිකුරාදා

අඹුසැමි ගැටලුවක් 

මිශ්‍රඵලදායක සතියක් වන අතර මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. මානසික ආතතිය ඇති කරන කාලයකි. අඹුසැමි මතගැටුමක් දුරදිග යා හැකි බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති විවාහ ගිවිස ගැනීමක් ස්ථිර වන ලකුණු පෙනේ. පවුලේ ළඟම ඥාතියෙකුට අපල සහගත බවක් ඇති කරයි. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයකි. දරුවෙකු සම්බන්ධ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. විදෙස් ඥාතියෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේදී වාහන හුවමාරුවක් හේතුවෙන් ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇත. 

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස -  සඳුදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.