මැයි 10දා කටකයට පැමිණි කුජ ඔබට ගෙනෙන පලාපල

මැයි 12, 2023

 

උත්තරායනය ගී‍්‍රෂ්ම ඍතුවෙහි මේෂ රවි 27 භාග වෙසක් මහේ අව විශේනිය තිථිය ලත් බුධ දින කටක රාශිය කටක නවාංශකය ගුරු හිමි පුනාවස 04 ශනි හිමි පුෂ 01,02,03,04 බුධ හිමි අස්ලිස 01,02,03,04 පාද නවයක් ආශි‍්‍රතව ජූලි 01 තෙක් සෙන්පති භූමි පුත්‍ර අඟහරු කටක රාශියෙහි නීචව ග්‍රහණය වී මෙහිලා මැයි 10 පස්වරු 01.47ට සංක්‍රමණය සමාරම්භය සිද්ධ වෙන්නේය.

 

නැඟෙනහිර උදා රාශිය රවි හිමි සිංහය වන අතර, ශ්‍රී ලාංකේය ජනරජ රාශි සටහනද සිංහය වෙන්නේය.

කේතු සතුරුව 03 වැන්නවූ වික්‍රමස්ථානගතවද චන්ද්‍රයා 05 වැන්නේ සමවද ප්ලූටෝ සතුරුව රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව සෙනසුරු 07 වැන්නේ ද නැප්චූන් ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව 08 වැන්නවූ මෘත්‍යු ස්ථානගතවද බ්‍රහස්පති මිත්‍රශීලිව රවි උච්චව රාහු සතුරුව බුධ සහ යුරේනස් සමව 09 වැන්න වූ භාග්‍යස්ථානගතවද සිකුරු සමව අයස්ථානය වූ 11 වැන්නේද අඟහරු නීචව 12 වැන්නවූ වැය ස්ථානගතව ද චන්ද්‍රයා මාන්දි ග්‍රහයා මෙන්ම චන්ද්‍රයා 22 වෙනි මාරක දෙර්කාණාධිපතියාද වෙයි. බාධක ග්‍රහයාද අඟහරුද නිර්මාණය වෙන්නේය.

රවි හිමි සිංහ උදා රාශිය මෙන්ම ශ්‍රී ලාංකේය ජනරජ කේන්ද්‍රය ද වෙන්නේය. එසේම කුජ හිමි මේෂ රාශි සටහන සිංහයට 09 වැන්නාධිපති මෙන්ම බාධක ග්‍රහයාද වෙයි. කටක, සීත ජල රාශියෙකි. කුජ උෂ්ණාධික ග්‍රහයා වෙයි. කුජ නීච වීම 12 වැන්නේය. ත්‍රිකෝණ දෘෂ්ටිගතව නීච භංග රාජයෝග උදා වෙයි. චන්ද්‍රයා සමඟ මිත්‍ර ග්‍රහයා මෙන්ම කටකයට ශුභම ග්‍රහයා ද කුජ වෙයි. බ්‍රහස්පති කේන්ද්‍රගතව හෝ 2,5,9 ස්ථානගත සිටීම අතිශය ප්‍රශස්ත පිහිටීමකි.

පාරිභෝගික භාණ්ඩ මිල අවරෝහණය වෙයි. ජනතා ආරක්ෂිත නීතිරීති ජනතාවගේ ආරක්ෂාව රැකවරණය ප්‍රශස්ත වෙන්නෙකි. රැකී රක්ෂා , ආදායම් මාර්ග සතුටුදායක බවක් පෙන්නුම් කරයි. කුජ නීචය තුළින් ශ්‍රී ලංකා රාජ්‍යය සුරක්ෂිත බවද වැදගත් වෙයි. ගිලා බැසීම්, නායයෑම්, භූ චලන බහුල කෙරෙයි.

රාජ්‍යය යන්ත්‍රණයන් කෙරෙහි විද්‍යමාන වෙන අශුභදායක බව දුරස්ථ කෙරෙයි. ප්‍රජාතාන්ත්‍රික ස්ථිර බව යළිදු ප්‍රබලව ස්ථාපනය කෙරෙයි. අන්තර්ජාතික මට්ටමේ විශ්ව සංවිධාන මඟින් ශ්‍රී ලාංකේය ආර්ථිකය ද රැකියා ආදායම් මාර්ග ස්ථාවර බවද තරවෙයි. ජල විදුලි, කර්මාන්ත අතුළුව ස්ථාවර සහනදායක බවක් පිළිබිඹු කෙරෙයි. උතුරු, නැඟෙනහිර, වයඔ, ප්‍රදේශගතව අවනදානම් බව ඉහළ යයි. අවදානම් ප්‍රදේශයන්හි ප්‍රතිසංස්කරණ ක්‍රම වේද ඉහළ යයි.

 

මේෂ රාශිය

 

දහසක් දෝෂ භංගවෙමින් රැකියා ආදායම් මාර්ග, සියලු කටයුතු සිතැඟියාවන් විලස, සතුටුදායක වෙයි. සානුකම්පිතව අන්‍යතර මානව හිතවාදීන් දෙස බැලීමෙන් බොහෝ දුරට බාධක, මාරක අවහිරතා දුරුවෙනු ඇත. උසස් ප්‍රභූ ජනයා ඇසුරට ලැබෙයි.

වෘෂභ රාශිය

 

“සස” යෝගය අයස්ථාන ගතවීමෙන් බොහෝදුරට අභිමානනීය උදාරතර හැඟීම් සතුටුදායක බවට පරිවර්තනය කෙරෙනු ඇත.

මේ වසරෙහි කළමනාකරණය මත ඵලදායි සැලසුම්කරණයක් ක්‍රියාත්මක වෙනු ඇත. නව ජීවන ගමන් රටාවකට කරුණු කාරණා යොදයි.

 

මිථුන රාශිය

 

සබඳතා – විවාහ කටයුතු සාර්ථක කෙරෙයි. නිර්නාමික සොර සතුරු බලවේග ඇවිස්සෙයි. අන්‍යයනට ආධාර උපකාර කිරීමෙහිලා දැඩි සිතකින් ක්‍රියාත්මක කෙරෙයි. රැකියා ආදායම් මාර්ග කරුණුූ කාරණාවන් බහුතරයක් සාර්ථක බවට පත් වෙයි. ගුණාත්මක නව වසරක් උදාවෙයි.

 

කටක රාශිය

 

රැකියා ආදායම් මාර්ග කාර්යයන් කෙරෙහි ආශි‍්‍රත වැදගත් පිරිස් සහයෝගය ලබාදෙයි. කෙබඳු ප්‍රමාණයක ආර්ථිකයක් වුවද සම්පූර්ණ සාර්ථක බවක් පෙනී යයි. අප්‍රතිහත ධෛර්යය නොපසුබට උත්සාහය , උනන්දුව, තීව්‍ර කෙරෙයි. ළඟින් ඇසුරු කරන්නන් දියුණුවට බාධා කරයි.

සිංහ රාශිය

 

පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය 07 වැන්නෙහි උදාවි 11 වැන්නෙහි සිකුරුගේ ශුභවාදි බැල්මක්ද යොදයි. මෙහිදී සස යෝග බලය උසස් ලෙස ක්‍රියාත්මක කෙරෙයි. විවාහ මංගල කටයුතු සබඳතා රැකියා ආදායම් මාර්ග සතුටුදායක කෙරෙනු ඇත.

 

කන්‍යා රාශිය

 

පදිංචි ස්ථානගතව යෙදී ඇති හැල හැප්පිලි දුරුවී ජීවිතයෙහි ද නවතාවයක් උදා වෙයි.දිගුකාලීනව රැකියා ආදායම් මාර්ග කටයුතු බොහෝදුරට සාර්ථකත්වයට නැඹුරු වෙයි. අධ්‍යාපන , සොර සතුරු බලවේග ආරෝහණය වෙනු පෙනෙයි. උසස් දියුණුවක් ගෙන දෙයි.

 

තුලා රාශිය

 

කවර බාධක මාරක හමුවේ වුවද සබඳතා විවාහ මංගල කටයුතු සතුටුදායක වෙයි. රැකියා ආදායම් මාර්ග , ප්‍රශ්න ඉස්මතු වෙයි. අප්‍රතිහත ධෛර්යය නොපසුබට උත්සාහය , උනන්දුව දියුණු වෙයි. වරින්වර උත්සව පින්කම් වැනි කටයුතු කෙරෙනු සුළු වෙයි.

 

වෘශ්චික රාශිය

 

පදිංචි ස්ථානගතව තිරසර දියුණුවකට මාර්ගය සැලසෙයි. නිර්නාමික සොර සතුරු බලවේග භංග වී යයි. දිගුකාලීනව වූ සිතැඟියාවන් රැසක්ම විජයග්‍රාහී කරුණ බවට පත්ව ඇත. අධ්‍යාපනික ක්ෂේත්‍රයන්ද සතුටුදායක බවක් උසුලනු ලබයි.

 

ධනු රාශිය

 

සබඳතා, විවාහය,රැකියා ආදායම් මාර්ග, සමාජගත අරමුණූ, අතිශය ප්‍රශස්ත අරමුණූු බවට පාත්‍ර කෙරෙනු ඇත. උදාරතර වූ ස්වකීය අභිමතාර්ථයන් තුටුපහටු අයුරින් සාර්ථක කෙරෙනු ඇත. උත්සාහය, උනන්දුව වඩාත්ම දියුණුවට පත්කර ගැනීම යහපත් වෙයි.

 

මකර රාශිය

 

නිර්මාණශීලි වූ ඔබ හට රැකියා ආදායම් මාර්ග,දේපළ වස්තු, ගොඩමඩ ඉඩකඩම් ලාභ මතු කෙරෙනු ඇත. එසේම සමාරම්භක කටයුතු ඉතාම සතුටුදායක ලෙස සාර්ථක කෙරෙනු ඇත. ඇවිදින සුලුවූද දෙස් විදෙස් සේවාවන්හි ඉමහත් විජයග්‍රාහී බවක් දිවි පෙවෙතෙහි යෙදී ඇති බවක් ද පෙනී යන්නේය.

කුම්භ රාශිය

 

යුගකාලීනව බාධක, අවහිර දුෂ්කරතා දුරුවී විවාහ සබඳතා, රැකියා ආදායම් මාර්ග,කටයුතු බොහෝදුරට සාර්ථක වෙයි. ව්‍යාපාරික සේවා සුළුවෙන් ආරම්භ කළත් උසස්ම දියුණූුවකට පාත්‍ර කර ගත හැකිය. වංචනික ප්‍රයෝගකාරි බවක් නොමැත.

මීන රශිය

 

පදිංචිය ආශි‍්‍රතව ආලෝකමත් බවක් පෙන්නුම් කෙරෙයි. උසස් මානසික දියුණුවකට මාර්ගය සැලසෙයි. පාපතරයන් ආශ්‍රයෙන් දුරු වෙයි. අවස්ථාවාදී වංචා සහගත අය ඇසුරුකට නොගනි .

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.