වයස්ගත ජනගහණය වැඩි රටක් බවට පත්වන ශ්‍රී ලංකාව

ඔක්තෝබර් 11, 2019

ශ්‍රී ලංකාව ඉක්මණින් වයස් ගතවන ජනගහණයක් සිටින රටක් බවට වාර්තාගත වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට දහයක් පමණ අවුුරුදු හැටට වැඩි වයස් ගතවූවන් ගෙන් සමන්විත වී ඇත. ඒ අනුව දෙදහස් විසි පහ වන විට ජනගහනයෙන් වයස් ගත වූවන් වැඩිහිටි ජනගහණය සියයට විසි දෙක දක්වා වැඩිවිය හැකි බවට ද වාර්තා වේ. එමෙන්ම මේ වන විට රටේ ජනගහණයෙන් පුද්ගලයින් අට දෙනෙකුගෙන් එක් අයකු වයස අවුරුදු හැටට වැඩි වැඩිහිටියකු බවට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වාදී ඇත. දැනට පෙන්වා දී ඇති. පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විසිහයක් පමණ ඇත්තේ නව යෞවන හා තරුණ පරපුරයි.

වැඩිහිටි ජනතාව වැඩිම රටක් බවට පත්වන අප රටේ වයස්ගතවූවන් පිළිබඳව වැඩි සැළකිල්ලක් හා වගකීමකින් කටයුතු කළ යුතු කාලයක් බවට පත්වේ.

වැඩිහිටියකු බවට පත්වීම නැතහොත් වියපත්වීම වයස්ගතවීම වයෝවෘද්ධ වීම නිසා ශාරිරික හා මානසික වශයෙන් යම් යම් අවදානම් තත්වයන්ට පත්වෙයි. එබැවින් සෑම වැඩිහිටියකුම සෞඛ්‍ය සම්පන්නව සිටිමින් වයස්ගතවීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් වයස්ගත වීමේදී ඇතිවන රෝගාබාධ ගැන අනෙකුත් වැඩිහිටියන් මෙන්ම දූ දරුවන්ද අවබෝධයකින් කටයුතු කළ යුතුය. වියපත් භාවයට පත්වීමේදී ඇතිවන ශාරීරික හා මානසික වෙනස්කම් බොහෝය. සිහිකල්පනාව අඩුවීම, තදින්ම කේන්තියෑම, සුළුදේට පවා නුරුස්සන ගතිය, හිතුවක්කාර ලෙස හැසිරීමට පෙළඹිමත් එපා කියන දේම කිරීමට යෑමක් වේ.

වැඩිහිටිවියේදී බෙහෙවින්ම ඇතිවන ශාරිරික රෝගාබාධ අතර අධිරුධිර පීඩනය දියවැඩියාව නොහොත් මධුමේහය, අංශභාගය ,ආඝාතය, ස්වසන ආබාධ .ඇදුම, වකුගඩුරෝග, පිළිකා මෙන්ම පීනස් රෝගයද වේ. ඇසේ සුද හටගැනීම ග්ලූකෝමාව, කඳුළු ගැලීම, එළිය ආලෝකය බැලීමේ අපහසුතාවය , මුත්‍රාපිටකිරීමේ අපහසුතාවය, මළබද්ධය මෙන්ම සමබරතාවය පවත්වාගෙන යෑමට නොහැකිතාවය, හන්දිපත් වේදනාව, කොන්දේ අමාරුව, ආදි රෝග රැසකටම ලක්විය හැකිය. හන්දි දුර්වලවීම නිසා ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් රෝගයද නින්ද නොයෑමෙන් ඇතිවන මානසික වෙනස්වීම් මෙන්ම ස්නායු හා මොළයේ දුර්වලතාවයන් ද ඇතිවේ. අත්පා හිරිවැටීම් පමණක් නොව අපස්මාර රෝගී තත්ත්වයකට පවා පත්විය හැකිය. විශේෂයෙන් වයස්ගතවීමේදී බෙහෙවින් බෝ නොවන රෝගවලට ලක්වීමේ ප්‍රවනතාවය වැඩිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත්.එම්.පී. රාජපුර

සටහන – එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.