සුබසෙත ආශිර්වාද ග්‍රහ පූජාව කතරගම දේවාලයේ දී දෙසැම්බර් 07 දා

දෙසැම්බර් 6, 2019

සුබසෙත 50 වැනි විය සැමරුමත් සමග රටට ජාතියට ආගමට ජනතාවට සෙත් පතා සුවිශේෂී ආශිර්වාද පූජාවක් සිදු කිරීම යුහුසුළුව ආරම්භ කෙරිණි. ඒ සඳහා සුබසෙත ලේඛක ගුප්ත විද්‍යා විශාරද ආචාර්ය චන්දන සතරසිංහ මහතා අප හා අත්වැල් බැඳ ගත්තේ ය.

පසුගිය වසර කීපයක සිට රටට ජනතාවට ආගමට සිදුවෙමින් පැවති ව්‍යසනයන්ගෙන් හා විශේෂයෙන් පාරිසරිකව සිදුවන උවදුරු හමුවේ බෞද්ධාගමේ තිබෙන මහානුභාව සම්පන්න බව උපයෝගී කරගනිමින් සිදුවෙමින් පැවති ව්‍යසනයෙන් මිදීමට අප ඒ අදහස මුදුන්පත් කරවාගෙන මෙම පූජා මාලාව ආරම්භ කෙරිණි.

නුවර දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයෙන් ඇරඹි මෙම පූජා මාලාව අනතුරුව කඩුවෙල රංකඩු පත්තිනි දේවාලය, කැලණිය රජ මහා විහාරස්ථානය, බෙල්ලන්විල රජ මහා විහාරය, වැනි ප්‍රබල ස්ථාන කීපයක මෙම ග්‍රහ පූජාමය කටයුත්ත ඉතා සාර්ථකව සිදු කෙරිණි. සැබවින්ම මිනිසුන් තුළ අසමගිය රජ කරවීම සොරකම, බොරුව මෙන්ම විවිධ වංචනික අභිලාසයන් මුදුන්පත් කර ගැනීමෙන් සමාජයට සිදුවූ අතවර හැරෙන්නට ජල ගැලීම්, නායයාම් වැනි කටයුතු පිළිබඳ ඉතා අප්‍රසන්න අත්දැකීම් සමුදායකට මුහුණදී සිටි අපට එවැන්නකින් අත් මිදීමට මෙම ග්‍රහ පූජාවන් හේතු වූවා යයි කීවොත් නිවැරදි ය. තිස් අවුරුදු යුද්ධයක් පැවති රටක එම අවස්ථාව උච්චතම උණුසුම්ව අවස්ථාවකට පත්ව තිබූ මොහොතක එම යුද ජයග්‍රහණය අප වෙතට හරවා ගැනීමට එවකට අප මහා සංඝරත්නය ඇතුළු පිනට කැමති සියලු රට වැසියන් කළ විවිධ බෝධි පූජා පිරිත් සජ්ඣායනා හා තව ආගමික වශයෙන් දෙවි දේවතාවුන්ට කන්නලව් කිරීම් බහුලව අපි අතිවින්දාහ. ඒ නිසාම යුද ජයග්‍රහණයේ සතුට බුක්ති විඳින්නට අපට හැකි විය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.