ආහාර ආසාත්මිකතාවකට ඔබත් ගොදුරු විය හැකියි

ජූලි 24, 2020

ඔබගේ කුඩා දරුවන් සමහර අවස්ථාවන්හිදී ආහාර ගත් පසුව වෙනදා නොදුටු හැසිරීමක් පෙන්නුම් කරයි නම් එය සමහර විට දරුවා කෑමට ගත් කිසියම් ආහාරයක් හේතුවෙන් සිදු වූ ආසාත්මිකතාවයක් (Allergy)  විය හැකියි. 

ඔබ පිළියෙල කළ ආහාර වර්ගයක් හෝ ඉතා සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කොට ඇතැයි සිතෙන වෙළෙඳපොළේ ඇති කිසියම් ආහාරයක් ගැනීමෙන් පසුව එමඟින් ඔබගේ ශරීරය කැසීමක්, රත්පැහැ පැල්ලම් ඇතිවීමක් හෝ තැන තැන ඉදිමුණ ස්වභාවයක් ඇති වේ නම් එය ඔබ ගත් කිසියම් ආහාරයක් අසාත්මික වීමක් හේතුවෙන් සිදුවූවක් බවට නිගමනය කළ හැකියි. ඔබ ලබාගත් ආහාරය ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීමේ එක් ප්‍රතිඵලයක් ලෙස මේ අවස්ථාව සැලකිය හැකියි. 

මිනිස් ශරීරයේ ආසාත්මිකතා ඇති කරන ආහාර වර්ග ලෙස වැඩි වශයෙන් හඳුනාගෙන ඇති ආහාර සමහර පර්යේෂණ අනුව කියැවෙන්නේ කිරි, බිත්තර, රටකජු, තිරිඟු, සෝයා, මාලු, ඉස්සන්, කකුළුවන්, බෙල්ලන් ආදි ආහාර වර්ග ආසාත්මිකතා ඇති කරවීමේ ඉහළ අගයකින් යුක්ත ආහාර වර්ග බවයි. සමහරුන්ට පාන්පිටි ආහාරද ආසාත්මික වන අවස්ථාද පවතී. 

ආහාර වර්ග මෙන්ම වෙනත් දේ මඟින් ද සමහර පුද්ගලයන් ආසාත්මිකතාවන්ට ගොදුරු වනවා. විශේෂයෙන්ම සුවඳ විලවුල් වර්ග, මල්වල පරාග, සම වර්ණවත් කිරීමට ගන්නා කෘත්‍රිම ආලේපන වර්ග මගින්ද සමහර පුද්ගලයන් මේ තත්ත්වයට ගොදුරු වන බවයි වෛද්‍ය මතය වන්නේ. එපමණක් නොව විවිධ රෝගී තත්ත්වයන් සඳහා ගනු ලබන ඖෂධ හේතුවෙන් ද විවිධ පුද්ගලයන්ට ආසාත්මිකතාවන් ඇති විය හැකියි. නිවසේ ඇති කරන සුරතල් සතුන්, ක්‍රීඩා භාණ්ඩ මෙන්ම සතුන් වෙනුවෙන් නිපදවා ඇති ආහාර වර්ග අතපත ගෑමේදී සමහර පුද්ගලයන් ආසාත්මිකතාවන්ට ගොදුරු වීමට වැඩි නැඹුරුතාවක් පවතිනවා. 

වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ නියමිත මාත්‍රාව ඉක්මවා ගැනීමෙන් ද මිනිසාට විවිධ ආසාත්මිකතා ඇති වන බවයි පර්යේෂකයන්ගේ නිගමනය වන්නේ. 

අසාත්මිකතා ප්‍රභේදයන් දෙකක්. 

පළමු අවස්ථාව Immunoglobulin (lgE)   යනුවෙන් ද දෙවන අවස්ථාව  Non Immunoglobulin  යනුවෙන් ද හඳුන්වනු ලබනවා. (lgE) නම් වූ පළමු අවස්ථාව බොහෝ විට ළදරුවන් හා පාසල් වියේ දරුවන් කෙරෙහි දක්නට ලැබෙන බවයි සොයාගෙන තිබෙන්නේ. 

මෙම ආසාත්මිකතාවයන් බිත්තර, කිරි, රටකජු, සෝයා ආදිය ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස දරුවන්ගේ සම, මුඛය, දෑස්, පෙනහළු, හෘදය, බඩවැල් සහ මොළයට හානි විය හැකියි. මෙසේ ඇතිවන අසාත්මිකතා හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ වන්නේ, 

සම මතුපිට පලු හෝ කරප්පන් වැනි ස්වභාවයක් ඇතිවීම 

දෙතොල්, දිව හෝ උගුරු දණ්ඩ ඉදිමුම 

වේගවත්ව එකපිට එක හුස්ම ඉහළට පහළට හෙළීම. හුස්ම ගැනීමේ අපහසුතාව, ඇදුම වැනි රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම 

වමනය, බඩඑළිය යාම, කුසේ වේදනාව නොසන්සුන්තාවයෙන් හැසිරීම, 

අසාත්මිකතාව වැලඳීම හේතුවෙන් පැය කිහිපයක් ඇතුළත සමහර රෝගීන් මිය යා හැකි බැවින් එවැනි අසාත්මිකතාවයක් ඇති වූ සැනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන්න 

Non lgE  රෝගී තත්ත්වය 

මෙම රෝගී තත්ත්වය ඇති වූ විට එය ආහාර ජීර්ණය පිළිබඳව විවිධ සංකූලතා ඇති කරනු ලබනවා. බොහෝ විට වමනය යාම හා බඩඑළිය යාම දක්නට ලැබෙනවා. මේ තත්ත්වය ඇති වීමට සමහර පුද්ගලයන්ට දින 2 ක් 3 ක් පමණ ගත.වන අවස්ථාවන්ද දක්නට ලැබෙනවා. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.