සුවය සදන ඔසු පැන්

අගෝස්තු 16, 2019

කොත්තමල්ලි වතුර මුවේ නිතර තුවාල සෑදෙන අයට ගුණදායකය.

ත්‍රිපලා, ෆ්ලූ, උණ සෙම්ප්‍රතිශ්‍යාව පැතිරෙන කාලයට පානය කරනවා නම් ප්‍රතිශක්තිය ඉහළ නැංවී ඒ රෝගවලින් බේරී සිටීමට පුළුවන.

මේ උණුසුම් කාලගුණයක් පවතින විට කදිම පානයකි. පිපිඤ්ඤා පෙති 11, මිංචි කොළ ඉත්තක්, රෝස වතුර තේ හැඳි භාගයක්, සහිඳ ලුණු සහ සීනි ස්වල්පයක් බ්ලෙන්ඩ් කර ජලය සමඟ පානය කරන්න. සිරුර සිසිල් වෙයි.

සොබා දම අපට නීරෝගි සුවය පවත්වාගෙන යාමට අවශ්‍ය බොහෝ දෑ සම්පාදනය කර තිබේ. එහෙත් අප ඉන් නිසි පල නෙලා ගන්නේ නැත. ඔසු ගුණයෙන් පිරී ඇති තුරුලිය මල්වල කොටස් බොහොමයක් අමුවෙන් මෙන්ම තම්බා ද ආහාරයට ගැනීමට පුළුවන. ආයුර්වේදයේ තම්බා පෙරා පානය කළ හැකි ඖෂධීය පාන ගණනාවක් ඇති අතර මේවා පානය කරනවා නම් ආයුෂ බොහෝ වන බව නම් නිසැකයි. ඒ නීරෝගි සුවය ද ජීවිතයට එක් කරමිනි.

විජලනය ජලය හා විවිධ පාන වර්ග ගැනීමේ ප්‍රධාන අරමුණකි. ඊට අමතරව ඒවා නින්ද නොයාම, බර අඩුකර ගැනීම වැනි බොහෝ කාරණා ඉටු කර දෙයි.

බර අඩු කරන පාන

සූදුරු ඇට තේ හැඳි භාගයක්, කොත්තමල්ලි ඇට තේ හැඳි භාගයක්, මහදුරු තේ හැඳි භාගයක්, වතුර කෝප්ප 1 ක ජලයේ තම්බා පානය කරන්න. මඳ උණුසුම තිබියදී පානය කිරීමෙන් හා දවස පුරා බිඳෙන් බිඳ පානය කිරීමෙන් හොඳ ප්‍රතිඵල නෙලා ගත හැකියි.

නෙල්ලි යුෂ කෝප්ප භාගයක් නැවුම් කෝමාරිකා ජෙල් මේස හැඳි 2 ක් මිශ්‍රකර අවශ්‍ය තරම් ජලය ගෙන තම්බා පානය කරන්න.

ත්‍රිපලා පානය බර අඩු කිරීමට පමණක් නොව තවත් බොහෝ දේට ගුණදායකය. එහි විස නාශක ගුණය නිසා රුධිර සංසරණය වැඩි දියුණු කරයි. ප්‍රදාහයන් වළක්වයි. හෘදයේ සුවතාව සුරකී. මලබද්ධය වළක්වයි. ජීර්ණය වැඩි දියුණු කරයි. දිනකට ජලය සමඟ මිශ්‍ර කර දෙවරක් ත්‍රිපලා මිලි ලීටර් 30 ක් පානය කරන්න. ගර්භණී මවුවරුන්ට හැර අන් හැම දෙනාටම ගුණදායකය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.