ලිංගාශ්‍රිත ආසාදන වළක්වන රුධිර පීඩනය පාලනය කරන සියඹලා කොළ සම්බෝලය

මාර්තු 29, 2024

 

සියඹලා යනු අප්‍රිකානු සම්භවයක් ඇති ශාකයකි. සියඹලා සියවස් ගණනාවක සිට ශ්‍රී ලාංකික හා ඉන්දියානු ආහාර සඳහා භාවිත කර ඇත. පලතුරක් ලෙස පමණක් නොව, සියඹලා කොළ ද ආහාර සඳහා මෙන්ම ආයුර්වේදයේ ප්‍රතිකාර සඳහා යුග ගණනාවක සිටම ප්‍රයෝජනයට ගෙන ඇත.

සියඹලා කොළ කොළ පැහැයෙන් යුක්ත වන අතර ආහාර පිසීමේදී එය නැවුම් සහ වියළි ආකාරයෙන් භාවිත වේ.

සියඹලා කොළවල ඇති කහට සහ විෂබීජ නාශක ගුණ ආයුර්වේදයේ වැදගත් අංගයක් බවට පත්ව ඇත. එහි ඖෂධීය වටිනාකමක් පෙන්නුම් කරයි. සියඹලා ඈත අතීතයේදී නාවිකයන්ගේ ආහාර වෙලේ වැදගත් අංගයක් ලෙස පැවතුණි. ඔවුන්ගේ පිෂ්ඨය සහිත ආහාරය සමතුලිත වීම එයින් සිදුවුණි. සියඹලා බීජ දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර ඉතා දීප්තිමත් වේ.විචිත්‍රවත් රතු කහ පැහැති මල් සහිත සියඹලා දුඹුරු පැහැති පලතුරකි. සියඹලා ඖෂධ නිෂ්පාදනය සඳහාද ප්‍රයෝජනවත් වෙයි. සියඹලා කොළවල මිනිස් සිරුරට ලද හැකි ප්‍රතිලාභ රාශියක් ඇත. ඒවායින් ප්‍රධාන වන්නේ මැලේරියා රෝගයට සහනයක් ලබා දීමයි. සෙංගමාලය සහ දියවැඩියා රෝග සුව කිරීමටත්, වණවලට ප්‍රතිකාර කිරීමටත්, ලිංගාශ්‍රිත ආසාදන වැලැක්වීමටත්, මුළු ශරීරයම ආසාදනවලින් ආරක්ෂා කිරීමටත්, අධි රුධිර පීඩනයෙන් සහනයක් ලබා දීමටත් එය සමත් වේ. සියඹලා කොළවල අග්නීය ගුණ ඇති අතර ඔසප් කැක්කුම සඳහා සහනයක් ලබා දීමට ද භාවිත කළ හැකිය. ආමය සම්බන්ධ බොහෝ රෝගවලදී අප තැම්බුම් හොදි ලෙස සාදාගන්නා සුප් වර්ගයට සියඹලා නැතුවම බැරිය. හෘදයට සියලුම වර්ගයේ ඇඹුල් පලතුරු සහ එළවළු ගුණදායක බැවින් සියඹලාද හෘදයට ගුණ දායක පළතුරකි. සියඹලා පත්‍ර අව්වේ වේලා කුඩුකර කෝඳුරු තෙල්වලට මිශ්‍ර කර තුවාල මත ආලේප කිරීමෙන් දින කීපයකින් පිළිස්සුම් සුවවේ. එමෙන්ම තුවාලය තෙතමනය හා විසබීජවලින් ආරක්ෂා කරයි. මේ අගනා පත්‍ර මඟිින් සම නීරෝගීව පැහැපත්ව පවත්වා ගත හැකිය. උගුරේ අමාරුවට සියඹලා වතුර හෝ වියළි කොළ කුඩු කර හෝ ගසේ පොතුවලින් සාදා පෙරණ ලද ජලයෙන් සේදීමෙන් උගුරේ අමාරුව සමනය කිරීමට හැකිය. සියඹලා කොළ ආහාරය පිණිස සකසා ගන්නා විවිධ ක්‍රමවේදයන් ඇත. මේ අතර සම්බෝලය, බැදුම, මැල්ලුම, ව්‍යාංජනය ආදී ලෙස විවිධ ක්‍රම මඟිින් අපට ආහාරයට ලබාගත හැකිය. අතීතයේ දේශීය ආහාර රටාව තුළ සියඹලා කොළ භාවිතය ඉතා ඉහළින් තිබුණත් අද වන විට එය අභාවිතයට ලක්වී ඇත. බුරුමය, නේපාලය, තායිවානය වැනි රටවල අදටත් සියඹලා කොළ ඔවුන්ගේ ආහාර සකසා ගැනීම සඳහා යොදා ගන්නා අතර තායි සුප් වර්ග, මස් වර්ග සෑදීමේදී ද විශේෂත්වයෙන් යුතුව යොදන ප්‍රධාන අමු ද්‍රව්‍යයකි සියඹලාය. සියඹලා වලින් අධි රුධිරපීඩනය වලක්වාලන්නට සමත් රසවත් ගුණදායක සම්බෝලයක් ඔබට පහත පරිදි පිළයෙල කරගත හැකිය.

සියඹලා කොළ සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍යය-

ළපටි සියඹලා කොළ ස්වල්පයක්

රතු ළුණු

දෙහි

අමුමිරිස්

ගාගත් පොල් ස්වල්පයක්

රස අනුව ලුණු

කුඩාවට කපා ගත් රතු මිරිස් කරල්

ගම්බිරිස්

සොයා සෝස්

හීනියට කපා ගත් ළපටි සියඹලා කොළ ඉහත සඳහන් අනෙකුත් ද්‍රව්‍යයන් සමග මිශ්‍ර කර සම්බෝලයක් සාදාගත හැකිය. උම්බලකඩ ස්වල්පයක්ද එකතු කරන්න.

සියඹලා දලුු සම්බෝලය සඳහා ඔබට තවත් එකතු කර හැකි අමුද්‍රව්‍ය ලෙස තම්බාගත් බිත්තර, තක්කාලි, අවශ්‍ය නම් බාගෙට ඉදවා ගත් අඹ ආදිය එකතු කර ගත හැකිය.

සියඹලා දලු සම්බෝලය සඳහා බිත්තර සහ අඹ යොදා ගැනීමේදී එයට ඔබට පොල් එකතු කිරීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තෙල් ස්වල්පයක් හෝ ඔලිව් ඔයිල් නැතිනම් තල තෙල් ස්වල්පයක් එකතු කර ගැනීම පමණි.

උපදෙස්

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.