වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ජීවන රේඛාව කැඩී ඇත්නම් එය මාරක අනතුරක පෙරනිමිත්තක්
මැයි 3, 2019
අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජීවන රේඛාව ප්‍රධාන තැනක් ගනී. මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වූවත් මෙම රේඛාවෙන් කෙනෙකුගේ ආයුෂ පමණක් නොව තවත් බොහෝ කරුණු ද හෙළිදරව් වන බව කිව හැකිය. පීතෘ රේඛාව කියන්නේත් ජීවන රේඛාවටමයි.
අත්ල හිමියාගේ සෞඛ්‍ය තත්ත්වය,රෝග පීඩා ඒවා ඇතිවන කාල වකවානු ජීවිතයේ ජයග්‍රහණ සහ පරාජයන් ආදී ජීවිතයේ සුවිශේෂ සිදුවීම් යනාදී දේවල් ජීවන රේඛාවේ පිහිටීම තුළින් අනාවරණය වෙයි.
වම් අතේ ජීවන රේඛාවෙන් පරම්පරා ගතව පැවත එන රෝගපීඩා ගතිගුණ, සිතුම් පැතුම් ,ශරීර ශක්තිය ආදිය ප්‍රකාශ කළ හැකි අතර දකුණු අතේ ජීවන රේඛාවෙන් හදිසි ධනලාභ කලින් කල ඇතිවන රෝගපීඩා ,ජීවනෝපාය මාර්ග සැපදුක් ආදිය ප්‍රකාශ කළ හැකිය. තමන්ගේ උත්සාහය,හා උදාසීනභාවය අනුව මෙම රේඛාවන් ප්‍රබල හෝ දුබල විය හැකිය. අත්ලේ දබරගිල්ලත්. මහපටගිල්ලත් අතර ගුරු මණ්ඩලයෙන් ආරම්භ වී සිකුරු මණ්ඩලය වටකරමින් මැණික් කටුව ප්‍රදේශය දෙසට විහිදයන්නේ එම ජීවන රේඛාවයි. අත්ලේ ජී ජී වශයෙන් සලකුණු කර ඇත්තේ එම රේඛාවයි. අනිත් රේඛාද අකුරුවලින් ඔබට හඳුනාගත හැකිවෙයි.
1.ගුරු මණ්ඩලයෙන් මෙම රේඛාව පටන් ගැනීම වඩාත් සුබදායක ලෙස සැලකේ. ඒ අනුව ජීවිතයේ මුල් අවදිය (ළමා කාලය) පෙන්නුම් කරන්නේ ගුරු මණ්ඩලයේ පහළ කොටසිනි. මෙම කොටස ඇතැම් අයගේ අපැහැදිලි ආකාරයෙන් ( දම්වැල්) ආකාර දූපත් සලකුණු ඇතිව) දැකගත හැකිය. ඒ අනුව එම අය කුඩා කාලයේ ගතකල කටුක දිවිය , රෝග පීඩාදියෙන් දුකට පත්ව සිටි බැව් කියැවේ. රේඛාව මුලදී පැහැදිලි ආකාරයෙන් තිබීම, සුබ වේ. ඇතැම් අයගේ ජීවන රේඛාව හා ඒ ළඟම ඇති ශීර්ෂ රේඛාව ( ගි ශි) එක තැනකින් පටන් ගනී. එවැනි අය බොහෝවිට තර්කානුකූලව කතාකරන තීක්ෂණ බුද්ධියක් ඇති සංවේදී පුද්ගලයෝ වෙති. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව අතර සුළු පරතරයක් පිහිටි අත්ලක්ද සමහරුන්ට හිමිවිය හැකිය. ඔවුන් සාධාරණ අදහස් දරන අයවන අතර ඔවුන් තමන්ගේ ක්‍රියා කලාපයන් නිහඬවම ඉදිරියට ගෙන යති. තමන්ගේ මතයටම ක්‍රියා කිරීමත්, ක්ෂණික කෝප සහගත බවත් ඔවුන් තුළින් කැපී පෙනෙන ලක්ෂණයකි. එම රේඛා දෙක අතර ලොකු පරතරයක් ඇත්නම් එම අය ඉතා ඉක්මන්කාරි මෙන්ම අන් අය සමඟ දබර කිරීම ආදියටද යොමු වෙයි. ස්වාධීන අදහස් ඇති ඔවුන් හදිසි තීරණ ගැනීමද කැපී පෙනෙයි.
ජීවන රේඛාවේ දිගින් පමණක් කෙනෙකුගේ ආයුෂ ප්‍රමාණය නිශ්චය කළ නොහැකිය. එහෙත් ශරීර ශක්තිය රේඛාවේ පුළුල් බව තුළින් පහසුවෙන් දැනගත හැකිය. පැහැදිලිව , ඝනව, කාවැද්දුණු රේඛාවෙන් ප්‍රබල ශරීර ශක්තියකින් යුක්ත බව ප්‍රකට වෙයි. ඔවුනට දැඩි වෙහෙසකට වුවත් මුහුණ දිය හැකිය. මෙවැනි අය රෝගී වූවත් වැඩි කලක් යාමට පෙර සුවය ලබයි. එමෙන්ම රෝගයන්ට මුහුණදීමේ ශක්තිය වැඩිය.ජීවන රේඛාව අඳුරු පැහැයෙන් යුක්තව අපැහැදිලි ලෙස වැටී ඇත්නම් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන අතර එවැන්නන්ට යම් දෙයකට ඉදිරිපත් වීමට ඇති කායික හා මානසික තත්ත්වයද දුර්වලය. ඇතැම් අයගේ මෙම රේඛාව චන්ද්‍රමණ්ඩලය (5) දක්වා පිහිටයි. එවැනි අයට වැඩුණු දේහයක් හිමිවන අතර ඔවුන් උසින් වැඩි බවක්ද පෙන්නුම් කරයි. බෝහෝවිට ජීවන රේඛාව කුඩාවට දුර්වලව පිහිටීම අසුබ ය. ඔවුන් නිතර නිතර අසනීපවලට ලක්වෙන අතර අන්‍යයන්ද අපි‍්‍රය කරයි. ජීවන රේඛාවේ කලු ලපයක් ඇත්නම් එය ශරීරයේ කොතනක හෝ අසනීපයක් පෙන්නුම් කරයි. ජීවන රේඛාව කැඩීම්, බිඳීම් කැපීම් නොමැතිව පැහැදිලිව දීර්ඝව පිහිටියේ නම් ඔහුට හෝ ඇයට සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකිවේ. රත් පැහැයෙන් යුතු ජීවන රේඛාව ශරීරයේ ඇති වේගවත් බව මෙන්ම ශක්ති සම්පන්න බවද ප්‍රකට කරන අතර රෝස පැහැයෙන් යුතුව ජීවන රේඛාව මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයක් පෙන්වයි. කහ පැහැයෙන් යුතුවූ ජීවන රේඛාව දක්වන්නේ අලස බවින් යුතු ජීවිතයකි. සියුමැලිවූද දුර්වර්ණවූද ජීවන රේඛාව රෝගී තත්ත්වයක් ඇති බවට ලකුණකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හිඹුටානේ
පියතිලක
ද අල්විස්
෴ සබැඳි ලිපි ෴
ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපට බලපාන කරුණු කාරණා රැසක් තිබේ. විවාහය, ව්‍යාපාර, රැකියා, සෞඛ්‍යය, අධ්‍යාපනය ඉන් කිහිපයකි. එම නිසා ජීවිතයේ...
2024-04-25 18:30:00
අස්ලිස නැකතින් උපන්නේ නම් තර්ක විතර්ක ආදියට බෙහෙවින්ම පි‍්‍රය කරන මිථ්‍යා මතවාද, දර්ශන න්‍යාය හා ආගමික අංශය කෙරෙහි මනස මෙහෙය වන සමාජයේ කැපී පෙනෙන තමා...
2024-04-25 18:30:00
හස්ත රේඛා ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමිවේ. එනම් පුද්ගලයෙකුගේ බුද්ධි මහිමය,ශරිර ශක්තිය,සංවිධාන ශක්තිය, මානසික ක්...
2024-04-18 18:30:00
පුෂ නැකතින් උපන්නේ නම් කුඩා අවධියේ සිටම ඉගෙනීමට දක්ෂ අයෙක් වේ. උසස් ඉගෙනීමක් ලබා සමාජයේ ඉහළ තනතුරු දරයි. උපදේශකයන්, විද්‍යාඥයන්, තාරකා විද්‍යාව වැනි...
2024-04-18 18:30:00
දියණියගේ මල්වර උත්සවය සමරන දෙමාපියන්ට තම ඇයගේ මල්වර කේන්ද්‍රය නිවැරැදිව සාදා දීම ඡ්‍යොතීර්වේදී අප සැමගේ යුතුකමකි. මේ සඳහා මල්වර වීමට ආසන්න කාලය වන...
2024-04-18 18:30:00
අද දිනයේ දී ද ප්‍රසිද්ධ උදාහරණයක් සහ පෞද්ගලික උදාහරණයක් ඇසුරින් ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවල ඇති කළ සුබ පල කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු...
2024-04-18 18:30:00
වර්තමාන සමාජය තුළ නොයෙක් ආකාරයේ අපරාධ වැඩි වශයෙන් සිදු වන බව පෙනෙන්නට තිබේ. මෙසේ සිදුවන අපරාධයන් නොයෙක් ආකාරයෙන් අපට විග්රහ කරගත හැකි සේම...
2024-04-11 18:30:00
ඕනෑම පුද්ගලයකුගේ ආයු ප්‍රමාණය හා වසනාවන්ත භාවය ප්‍රකාශ කරන මැණික් කටු රේඛා හෙවත් මණිබන්ධන රේඛා හස්ත රේඛා පරික්ෂාවේදි ඉතාම වැදගත් වේ. අත්ලක...
2024-04-11 18:30:00
කෙනකු පුනාවස නැකතින් උපත ලද්දේ නම් ඔහු මිහිරි වදන් පවසන සංගීතය, චිත්‍ර, නාට්‍ය වැනි අංශයන්ට සමත් මෙන්ම ආදායම් මාර්ගයන්ට ද කලාව යොදා ගනී....
2024-04-11 18:30:00
ශක වර්ෂ 1946 හෙවත් ව්‍යවහාර වර්ෂ 2024ක් වූ අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපරභාග 09.05ට නව වසර උදාවේ.උදාවන්නාවූ සූර්ය මංගල්‍ය හෙවත් සිංහල අලුත්...
2024-04-11 18:30:00
රාශි චක්‍රයේ දසවැනි රාශිය මකරය. මකර රාශිය දුකට අධිපති ශනි ග්‍රහයාට අයත් වේ. සාමාන්‍ය ස්වරූපය අනුව සිහින් සිරුර සිහින් මුහුණ හා මහත් දත් ඇති...
2024-04-11 18:30:00
මේෂ ලග්නයභාග්යයය ඉස්මතු වේමේෂ ලග්න හිමියන්ගේ සියලු කටයුතු හා අරමුණු සඵල වන වාසනාව ගෙනෙන වසරක් ලෙස නම් කළ හැකිය. ඔබේ සිතට හැඟෙන සිතිවිලි ක්...
2024-04-04 18:30:00
ලොව ජීවත්වන අප සියලුම දෙනාටම අදරය අත්‍යවශ්‍ය කාරණයකි. එය මිනිසාට පමණක් උරුම වු කාරණයක් නොවන බව අප සතා සිවුපාවුන් හැසිරෙන ආකාරයෙන් අපට තහවුරු වේ. ආදරය...
2024-03-28 18:30:00
අග්නි යනු ගින්නයි. මාරුතය වේගයෙන් හමන සුළඟයි. ඒ අනුව අග්නිය හෙවත් ගින්න කුජ නිවේදනය කරන අතර මාරුතය හෙවත් වේගයෙන් හමන සුළඟ සෙනසුරු නිවේදනය කරයි. ඒ...
2024-03-28 18:30:00
සල්මන් ඛාන් ලෝකයේ ප්‍රසිද්ධ නළුවකු බවට පත් වන්නේ ඔහුගේ නමේත්, දෛව අංකයේත්, පෞද්ගලික අංකයේත් ඇති ගැළපීම නිසාය. ඔහුගේ නමේ අකුරුවල එකතුව 3කි. දෛව අංකය...
2024-03-28 18:30:00
පිළිතුරුප්රශ්නය -වාහන හා ඉඩම් ලාභ තිබේද?ඩබ්.බී. කොස්සින්න, ලෙව්ල පිළිතුර -ඔබට වාහන ඉඩම් ලාභ ඇත. ගත කරන කාලය ඒ සඳහා හොඳයි. 2025 අප්‍රේල්...
2024-03-28 18:30:00