මේ අයගෙන් පරෙස්සම් වන්න

අප්‍රේල් 12, 2024

 වර්තමාන සමාජය තුළ නොයෙක් ආකාරයේ අපරාධ වැඩි වශයෙන් සිදු වන බව පෙනෙන්නට තිබේ. මෙසේ සිදුවන අපරාධයන් නොයෙක් ආකාරයෙන් අපට විග්‍රහ කරගත හැකි සේම මිනිස් ඝාතන සිදුවන අපරාධයන් අතරින් ප්‍රධාන බව අපට අවබෝධ කරගත හැකි වේ. මිනිස් ඝාතනයන් සැලකීමේදි එම ඝාතනයන් සිදුකරන ආකාරයන් විවිධාකාර වේ. එසේම ඒ සඳහා විවිධ හේතු සාධක පාදක වන අතර, නමුත් එම හේතුන් ද සමස්තයක් ලෙස ආසන්නව සමාන වේ. කෙසේ වෙතත් එම ඝාතනයන් කිසිසේත්ම අනුමත කළ නොහැකි ශෝචනීය තත්ත්වයන් වන අතර මිනිස් ඝාතනයන් සැලකීමේදි ඒවා සිදු කරන ආකාරයන් මත වර්ග කිහිපයක් අපට දැකගත හැකි වේ. එයින් ප්‍රධානම තත්ත්වය වන්නේ වෛරය, සාරාගිකභාවය හෝ හදිසි කෝපය පදනම් කරගත් ආවේගශීලි මිනීමැරුම් වේ. මෙහිදී ඝාතකයා සැලසුම් නොකරන අතර අවස්ථාව විසින් පුද්ගලයා ඒ සඳහා මෙහෙයවනු ලැබේ. එනම් පාලනය කරගත නොහැකි කෝපය හෙවත් ආවේගශීලි භාවය හේතුවෙන් ඝාතනය සඳහා පෙලඹීමක් ඇති කෙරේ.

කරුණු එසේ වෙතත් කුමන හෝ තත්වයක් යටතේ වුවද අපරාධයක් සඳහා යොමුවීම පුද්ගලයකුගේ අත්ලේ ලක්ෂණවලින් සහ රේඛා හැසිරීමේ ආකාරය අනුව සොයාගත හැකිය. ඒ අනුව ඉහත ආකාරයේ මිනීමැරීමේ ප්‍රවණතාවයක් සහිත පුද්ගලයාගේ අත්ල මූලික අත්ලකට සමාන වේ. එනම් ගොරෝසු කෙටි ඇඟිලි සහිත විශාල බර අතක් දකින්නට ලැබේ. ශීර්ෂ රේඛාව බොහෝ කෙටිය. එසේම රත් පැහැතිය. නියපොතු කෙටි පටි නියපොතු දකින්න ලැබේ. එසේම ඉතාම සුවිශේෂ ලක්ෂණය වන්නේ නොනැමෙන මහපට ඇඟිල්ලක් පිහිටා තිබීමයි. එසේම මහපට ඇඟිල්ල අත්ලෙහි ඉතා පහළින් පිහිටා ඇත. මහපට ඇඟිල්ලේ පළමු පුරුක මුගුරාකාර වේ. එනම් එම පුරුක පලල් සහ හතරුස් වේ. දෙවැනි පුරුක කෙටි සහ ඝනකම් වේ. තවද මෙවැනි පසුබිමක් ඇති පුද්ගලයන් ගේ සිකුරු මණ්ඩලයද විශාල විය හැකිය. එම පිරිස එක කණ්ඩායමක් වන අතර අනිත් කණ්ඩායම වන්නේ මුදල් හෝ ද්‍රව්‍ය ලබා ගැනීමේ ආශාව පදනම් කරගෙන මිනී මැරීමේ ප්‍රවණතාවයන් ඇති පුද්ගලයන්ය.

ඔහුන්ට ඉහත සඳහන් එක් ලක්ෂණයක් හෝ නොපිහිටිය හැකිය. මෙහිදී විශේෂයෙන් ශීර්ෂ රේඛාව අත්ලෙහි ඉහළ තලයට ගමන් කිරීම දක්නට ලැබේ. එනම් එහිදී බුධ මණ්ඩලයට ශීර්ෂ රේඛාව ගමන් කිරීමෙන් පෙන්නුම් කරන්නේ මනසෙහි ධනය පිළිබඳ තණ්හාව වැඩි බවය. එහිදි හෘද රේඛාවේ බලය ගිලිහෙන අතර, ත්‍යාගශිලිබව කරුණාවන්ත බාවය නැති වේ. මහපට ඇඟිල්ල අසාමාන්‍ය ලෙස ඝනකම් නොවේ. නමුත් මහපට ඇඟිල්ල දික්ව පවතින අතර අත්ලේ ඇතුළ පැත්තට නැමී පවතී.

එසේම විනාශකාරි ඝාතන අපරාධවල තවක් එක් අවස්ථාවක් වන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර මිනිස් ඝාතනයයි. මෙහිදී පුද්ගලයා සියුම්ව ඝාතන සැලසුම් කරන අතර ඝාතනය ස්වභාවික මරණයක් ලෙස තීන්දු වීම සඳහා සියලු කටයුතු සූදානම් කරනු ලබයි. එවැනි පුද්ගලයන්ගේ අත්ල තුනීව පිහිටන අතර අත්ල දිගටිය .ඇඟිලි ඇතුළට නැමී ඇත. මහපට ඇඟිල්ල දිගටි ය. ඇඟිලි පුරුක් දෙකම හොඳින් වර්ධනය වී පවතී. ශීර්ෂ රේඛාව එහි සාමන්‍ය පිහිටීමෙන් වෙනස්ව හෝ නොවී පිහිටිය හැකිය. ශීර්ෂ රේඛාව සාමාන්‍ය පිහිටීමට වඩා ඉහළින් පිහිටීමේ ප්‍රවණතාවය වැඩිය. එසේම සිහින්ව දික්ව පිහිටිය හැකිය. සිකුරු මණ්ඩලය ඉතා උස්ව හො පහළින් පිහිටනු ඇත. සිකුරු මණ්ඩලය පහළට එබී ඇත්නම් අපරාධය කිරීමේ කැමැත්ත පමණක් මත පුද්ගලයා ක්‍රියාත්මක වන අතර, සිකුරු මණ්ඩලය උස්ව පැවතීමේදී ලිංගික ආශාවන් ඉෂ්ට කර ගැනීම අපරාධය හා බැඳේ. මේ ආකාරයට මිනිස් ඝාතන ප්‍රවණතාවයන් සහිත පුද්ගලයන් හස්ත රේඛා පරික්ෂාවකින් හඳුනාගත හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.