පොරොන්දම පමණක් පරික්ෂා කිරීම සෑහේද?

මැයි 24, 2019

පොරොන්දමකින් කෙරෙනුයේ කුමක්ද යන්න සලකා බැලීම වටී. පොරොන්දමේ දස පොරොන්දම් විසි පොරොන්දම් හා අෂ්ඨ කූඨනාඩියෙන් කෙරෙන්නේ උත්පත්ති ජන්ම පත්‍ර දෙක අනුව පිහිටි එක්තරා ලකුණු මට්ටමක් සලකා බැලීම පමණි.

ලතා යනු වැලකට තවත් නමකි. ගස පිරිමියා නම් වැල ගැහැනිය වශයෙන් පෙනී සිටියි. ඒකනේ. වෘක්ෂලතා කිව්වේ. වැලකට තනිවම නැගී සිටීමට නොහැකි තරම් ය. කිසියම් ගහක් හෝ ගසක කොටසකට වැල ස්පර්ශ වූ විට එම වැල ගස තුරුළු කරගෙන සාරවත්ව වැඩේ.

කොඩ වෙන ගස්වැල් නැතුවාම නොවේ. ඒ ඉතා කලාතුරකිනි. සමස්තයක් වශයෙන් වැල ගසකට ප්‍රයෝජනයකි. ලතාව ගසකට සම්බන්ධ නොවුනහොත් ඒ වැලේ ලක්ෂණත්වය හා මල්පිබිදීමක් නොකරයි. එවැනි වැල් පොළොව මත වැහැරී විනාශ ව යනු ඇත. මේ අතර පරපෝෂිත ලතාවන්ද නැතුවා නොවේ. එයින් ගස ද වැල ද දෙකම ආභාවයට යාමේ ප්‍රවණතාවය වැඩිය.

විවාහයද එවැනිම ස්වරූපයක් ගනී. විවාහයට ප්‍රථම කරන පොරොන්දම් පරික්ෂාවෙන් ඔබ නුදුටු නොඇසු යමක් සඳහන් කරනු කැමැත්තෙමි. පොරොන්දම් පරික්ෂාවෙදී ප්‍රථමයෙන් වයස පරතරය ගැන ද නෙත යොමු කළ යුතුමය. දෙවනුව ග්‍රහ පොරොන්දම් පරික්ෂාවක් කෙරෙන බව ඔබ දැනටමත් දන්නා කරුණකි. එනම් ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල පාපාංශක තත්වය දැක්වීමයි. ස්ත්‍රී කෙන්ද්‍රයේ පාපාංශක ප්‍රමාණය හා පුුරුෂ කේන්ද්‍රයේ පාපාංශක ප්‍රමාණයෙහි පරතරය 32 ක් බව දැනගත යුතුය. එනම් ගැහැණු කේන්ද්‍රයේ ඇති පාපාංශක ගණනට වඩා පිරිමි කේන්ද්‍රයේ පාපාංශක 32 ක් වැඩිවිය යුතු බවය. මෙසේ පාපාංශක ගණනය කිරීමේදී බොහෝ සෙයින් පාපාංශක ගණන බිංදුවක් ලෙස වැඩිපුරම පවතින්නේ ස්ත්‍රී ජන්ම පත්‍රවලය. පිරිමි ජන්ම පත්‍රවල පාපාංශක බිංදුව වනසේ පවතින්නේ ඉතාමත්ම කලාතුරකිනි. එසේත් නැත්නම් නොමැති තරම්ය.

පාපාංශක නැති ස්ත්‍රී කේන්දර මා ඉහත සඳහන් කළ ගසක නොඑල්වූ වැල් මෙන් ජීවිතයේ කිසිම සම්පූර්ණත්වයක් නොදක්වයි. කිසිම මල් පිබිදීමක් හෝ සම්පූර්ණත්වයක් නොවී මියැදීම සිදුවේ. මෙසේ වැඩිපුරම පාපාංශක නොමැතිව ඇති ජන්ම පත්‍ර ඇති නිවස්වල එක් දරුවන්ගේ පැවැත්ම විශේෂයෙන්ම හුදකලාවූ කුමරිකාවන් බිහිවීමේ සමාජ තත්වයන් තුළමය. එනම් බාහිර සමාජයට ඉතාමත් අල්ප වශයෙන් මුහුණ දුන් ජීවිත බව දුටුවන්, ඊට හේතුව එයම නොවන්නටද පුළුවන. කරුණු එසේ වුවද පාපාංශක නොමැති ජන්ම පත්‍රය වටිනා කේන්ද්‍ර බවට එම දෙමව්පියන් සැලකුවද විවාහයට එය නොවටිනා බව පොරොන්දම් බැලීමේදී ඉස්මතු වේ.

විශේෂයෙන් එවැනි ජන්මපත්‍ර හිමි මංගල යෝජනා පොරාන්දම් පරික්ෂණයකින් පමණක්ම සෑහීමකට පත්විය නොහැකිය. එවැනි කේන්ද්‍රවල අවශ්‍ය යෝග දෝෂ අනිවාර්යයෙන්ම පරික්ෂා කළ යුතු වන්නේය.

ඕනෑම දෙමව්පියෙකුගේ ස්වකීය අභිලාශය වනුයේ තම දූ දරුවන් සුදුසු කාලයට ආවාහ විවාහ කරදී වාසනාවන්ත කුල පරම්පරාවක් ඇති කර සියලුම ජීවිත සර්ව සම්පූර්ණ කිරීමටය. සාමාන්‍යයෙන් විවාහයකට පොරොන්දම් පරික්ෂාව පමණක් කිරීමෙන් සෑහීමකට පත්වීමේ තීරණයකට පත්විය නොහැකිය. බොහෝ දෙනා පොරොන්දම් ගලපා විවාහය සිදුකරනු ඇත. එවැනි ජීවිත බොහෝ සෙයින් අතරමග නැවතුණු ජීවිත හෝ සතුට හැර ගිය බොහෝ තැන් අප දැක ඇත. විවාහයකට පෙරාතුව පරික්ෂා කළ යුතු කරුණු රාශියක් ඡ්‍යොතිෂය මගින් ඉදිරිපත් වේ. එනම් වයස් පරතරය . කුල පරම්පරාව , පොරොන්දම යෝග, මාරක දෝෂ, දරු සම්පත් යනාදි කරුණු ග්‍රහ පිහිටීම් වලින් දැනගත යුතුමය.

මේවා ගැන විමසිලිමත් විය යුත්තේ මේවා භෞතික කරුණු නොවන හෙයිනි. භෞතික කරුණකින් එනම් ජීවත්වීමට නිවස, මිල මුදල්, ඇඳුම් පැළඳුම්, යාන වාහන වැනි දෑ දෙවන හෝ තෙවන පාර්ශ්වයන්ගෙන් ලබාගත හැකිය. නමුත් භෞතික නොවන දේ ලබාගත නොහැකිය. තවද ඒවා ග්‍රහ බලපෑම් සමඟ සාපේක්ෂ වන අතර හුදෙක් අදෘශ්‍යමාන වේ.

පොරොන්දමකින් කෙරෙනුයේ කුමක්ද යන්න සලකා බැලීම වටී. පොරොන්දමේ දස පොරොන්දම් විසි පොරොන්දම් හා අෂ්ඨ කූඨනාඩියෙන් කෙරෙන්නේ උත්පත්ති ජන්ම පත්‍ර දෙක අනුව පිහිටි එක්තරා ලකුණු මට්ටමක් සලකා බැලීම පමණි. මින් මධ්‍යස්ථය 50% හෝ 05/10 කි. මෙය මධ්‍යස්ථය වේ. මේ පොරොන්දම් වල අත්‍යාවශ්‍ය පොරොන්දම් කීපයක් නැතුවා නොවේ. ඒ අල්පයකි. ඒ විපත් නැකත හා වඳ නැකත වන අතර ඊට පිළියම්ද නැත්තේ නොවේ. ඒ පරික්ෂාවද අත්‍යවශ්‍ය නම් පමණි.

ඒවාද අත්‍යාවශ්‍ය මෙන්ම ජන්ම පත්‍රයේ පිහිටි ග්‍රහ බලපෑම ඊට වඩා බලවත් වේ. පොරොන්දමින් කෙරෙනුයේ විවාහයට ප්‍රථම හෝ එදිනට සිදුවේ යැයි හෝ ගැලපේ යැයි පැවසෙන ප්‍රතිඵලයකි. විවාහයෙන් පසු සිදුවේයැයි පැවසෙන කිසිදු විස්තරයක් නැත. එනම් කඩහංදි මාරකය, යෝග, දෝෂ පොරොන්දම් වලින් පැවසිය නොහැකිය.

ආර්.එච්. විලියම් නම් ග්‍රන්ථ කර්තෘවරයාගේ “පොරොන්දම් බලන හැටි” පොතේ ඉතා ඉහළින් සරලව මෙය සඳහන් කර ඇති නමුත් ප්‍රායෝගිකව ඉතාම අල්පයක් වෙනස්ව පවතී. එමෙන්ම සරාගි යෝග හා නඨාංශක දෝෂ සම්බන්ධව ජාතක රත්නාකරයේ සම්පූර්ණව විස්තර කෙරේ. මේවා පුරාණයේ පැවැති පුස්තක වුවද ඉතා දුර්ලභයෙන් සොයාගත හැකිය. පොරොන්දම් පරික්ෂාවෙන් පමණක්ම විවාහ ගිවිස ගැනීමකට ස්ථිර වාර්තාවක් දිය නොහැකිය. පොරොන්දම් බලන නීතිරීතිවලට අමතරව ග්‍රහ පිහිටීම්ද සැලකිල්ලට ගත යුතුමය. වැය ස්ථානය ගැන පොරොන්දම් බැලීමේදී නිහඬ වුවත්, යම් ජන්ම පත්‍රයක වැයස්ථානයේ සෙනසුරු ගෝචරය වී එම පත්‍රයේම රාහුගේ නීච වීමක් පෙන්නුම් කෙරේ නම් පොරොන්දම් කොපමණ ගැලපුණත් ඔහු බිරිඳට වඩා මත්වතුරට ප්‍ර‍්‍රිය කරන්නෙකි. මෙවැනි ගෝචර ඉස්මතුවන්නේ විවාහයෙන් පසුවය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර, ඡ්‍යොතිෂ විද්‍යා සහතික

භාරත භාෂ්කර ශිරෝමනී සම්මාන

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.