උන්මන්තක ස්වභාවය අත්ලෙන් හඳුනා ගනිමු

මාර්තු 15, 2024

 

ඕනෑම සමාජයක නොයෙක් ආකාරයේ අසාමන්‍ය හැසිරීම් රටාවන් සහිත පුද්ගලයන් අපට මුණ ගැසේ. එවැනි පුද්ගලයන් බොහෝවිට සමාජයට නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් කරන අතර එවැනි ක්‍රියාවන් හමුවේ සමාජය ද ආන්දෝලාත්මක තත්වයකට පත්වන අවස්ථාද ද නැතිවාම නොවේ. කරුණු එසේ වුවත් මේ සම්බන්ධව අධ්‍යයනය කිරිමේදි අපට පෙනි යන්නේ ඔවුන් යම් උන්මන්තක ස්වාභාවයකින් පෙළෙන බවය. මෙහිදි අපට එවැනි අවස්ථාවන් කිහිපයක් හඳුනාගත හැකි අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ ආගමික විශ්වාසය පදනම් කර ගනිමින් ඇති වන උන්මන්තක තත්ත්වයයි. මේ තත්ත්වයත් සහිත පුද්ගලයන් ජිවිතයේ මුල් අවධියේදිම නොයෙක් මතවාද සහ දර්ශන ඇදහිම් සඳහා ඇදි යන අතර වයසෙන් මුහුකුරායත්ම ක්‍රමයෙන් මේ තත්ත්වය වර්ධනය වන අතරම සමාජය හමුවේ ද නොයෙක් හුදු විකෘති ආගමික විශ්වාසයන් දර්ශන ඉදිරිපත් කරයි. එවිට වැඩි පිරිසක් එයට විරුද්ධ වීම නිසා ඔහුගේ මානසික සමතුලිත භාවය බිද වැටෙනු ඇත.

මුල් අවස්ථාවේදි මඳ වශයෙන් වරින් වර මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි අතර ක්‍රමයෙන් මේ තත්වයද වර්ධනය වේ. එවැනි පුද්ගලයන් ගේ අත්ලේ ශිර්ෂ රේඛාව කෙටි ගමන් මාර්ගයකින් චන්ද්‍ර මණ්ඩලය යේ පහළම කොටසට ගමන් කරන අතරම තදබල නැම්මක් සහිත වීම මෙහි වීශේෂත්වයකි.

එසේම මොවුන්ගේ අත්ලේ සිකුරු මණ්ඩලය එතරම් යහපත් නොවේ. කුඩා සිකුරු මණ්ඩලයක් පිහිටා ඇති අතර එහි ප්‍රතිපලය වන්නේ ස්වභාවික ආශාවන් පිළිබඳ උනන්දුව අඩු වීමයි. ශනි මණ්ඩලය ප්‍රබල ලෙස වර්ධනය වි ඇත. එම නිසාවෙන් ඔවුන් හුදෙකලා වීමට කැමැතිය. අනුන් කෙරේහි විශ්වාසයක් නොමැත. එම නිසාම මිතුරන් ඇත්තේ ස්වල්පයකි.ගතානුගතික සිරිත් විරිත් මත එල්බ සිටින බැවින් අනුවර්තනවලට කැමැති නැත. මොවුන් ගේ සියලු කටයුතු ගුප්ත ස්වභාවයක් ගනි.

උන්මන්තක ස්භාවයන් ගැන සැලකීමේ දි ස්පැටියුලේට් සහ දාර්ශනික අත් ගැන කතා කළයුතුවම ඇත ස්පැටියුලේට් (හතරැස් හැඩැති) අත්ලක ශිර්ෂ රේඛාව ඉතාම පහළට නැමුණු රේඛාවක් දැකිය හැකිය. මොවුන් ස්වභාවික තත්වයන් යටතේ නව නිෂ්පාදන සහ නිර්මාණ කෙරෙහි ඉතා දැඩි උනන්දුවක් දක්වයි. නමුත් අදහස් වැඩිවෙන විට එක් දෙයකට පමණක් සිමා නොවි ක්‍ෂෙත්‍රයන් ගනනාවක නිර්මාන කිරිමට උත්සහ දරුණු ඇත. මෙහිදි මේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ බලතල ලැබුණහොත් මේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ලෝකයට ලබා ගැනිමට හැකිවනු ඇත. එසේ නොවන කල්හි එනම් මේ හැකියාවන්වලට කිසිසේත්ම අදාළ නැති කෙෂත්‍රයක ඔහු හිරවුව හොත් ස්වකිය නිර්මාන රහසින් කිරිමට කිරිමට උත්සහ ගන.ි මෙහිදි ඔහු හාස්‍යට ලක්වනු ඇත. අවසානයේ හාස්‍යයට පත්ව උන්මන්තක භාවයකට තල්ලු කරනු ඇත. සමහර දාර්ශනික අත් සම්බන්ධවත් මෙවැනි තත්වයක් දැකිය හැකිය. මෙහිදි ද ශිර්ෂ රේඛාව මැණික් කටුව අසලටම තදින් නැමි යයි. මෙහිදි පුද්ගලයා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරන න්‍යායන් ප්‍රායෝගික නොවේ.මින්සුන් ඔහු ගණන් නොගැනීම නිසා ඔහු ක්‍රමයෙන් උන්මන්තක භාවයට පත්වේ මෙහිදි පුද්ගලයාගේ උමතු ක්‍රියා මාර්ගයට සමාජය හවුල් වේ. මන්ද ඔහු විමුක්තිය සොයන්නේ ඔහු සදහාම නොවන බැවිනි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.