පින්වත් දරුවන් හිමිවන ග්‍රහයෝග

අප්‍රේල් 5, 2019

දරුවන් හැදීමේදී පළමුව මාපියන් දරුවන්ට ආදර්ශමත් විය යුතුය. මෙහිදී පියාට වඩා වැඩි වගකීමක් මවක තුළ තිබිය යුතුය. එසේ නම් මවගේ ගතිගුණ වඩා වැදගත් විය යුතුය. මවගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයා සතුරු වී පීඩාවට පත්ව පාපයින්ගේ දෘෂ්ටි සංයෝගවලට ලක්වී හතරවැන්නේ සිටියේ නම් ඇය දරදඬු දුෂ්ට සිත් ඇත්තියකි.

එමෙන්ම කේන්දරයේ සිත ගැන කියන්නේ හතරවැන්නයි. මේ නිසා හැම විට කෝප සහගත වන අන් අය සමඟ අඬදබර ඇතිකරගන්නා තැනැත්තියට විනීත කීකරු දරුවෙකු පාලනය කරගැනීම කොහෙත්ම කළ නොහැකිය.

මවගේ කේන්දරයේ මව් කාරක වන චන්ද්‍රයා නීච වී පාප පීඩිතව පාප දෘෂ්ටි සහිතව සිටියේ නම් ඇය දූෂිත සිතිවිලිවලින් යුතු මුදු මොලොක් ගතියක් නැති හොඳ නොහොඳ නාදුනන තැනැත්තියක් වෙයි. එවැනි අයගේ පියයුරු පවා වර්ධනය නොවන අතර ඇය ලබන දරුවන්ද මුරණ්ඩු වීමට ඉඩ ඇත.

අධ්‍යාපනය, ආදරය, බුද්ධිය ගැන සොයා බලනුයේ කේන්දරයේ පස්වැන්නෙනි. එහෙයින් පස්වැන්නෙහි අසුබ ග්‍රහයින් සිටීම පාප දෘෂ්ටිවලින් පස්වැන්න දූෂ්‍යවීම නිසා එම තැනැත්තාට දූ දරුවන් නිසා කරදර ඇති කරයි. සඳු, සිකුරු යන ග්‍රහයින් ස්ත්‍රී කාරක ග්‍රහයින් ලෙස සැලකෙයි. සඳු, සිකුරු පස්වැන්නේ යෝගව සිටියදී පස්වැන්න අධිපති ස්ත්‍රී රාශියක සිටිවිට එය ගැහැණු දරුවන් අධිකව ලැබීමට හේතු වේ. පුත්‍ර කාරක වශයෙන් සලකනුයේ ගුරු පස්වැන්නේ සිටීම හෝ නවවැන්නේ සිට පස්වැන්නට ත්‍රිකේණ දෘෂ්ටි හෙළීම පිරිමි දරුවන් වැඩිපුර ලැබීමට හේතු වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හිඹුටානේ පියතිලක ද අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.