ලස්සන වෙන්න හාල්වලින් මේ සත්කාරය කරන්න

අප්‍රේල් 19, 2024

වර්තමානයේ යුවතියන් තම මුහුණ සහ සමෙහි තරුණ බව රැක ගන්න නොයෙක් සත්කාර සිදු කරනු ලබනවා. ඒ අතරින් මේ වන විට ආයුර්වේදයේ සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරමින් සහල් මඟින් සමට කරනු ලබන සත්කාරයන් යුවතියන් මෙන්ම වැඩිහිට කාන්තාවන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. සහල් භාවිත කර මුහුණ සහ සම පැහැපත් කර ගන්නේ කෙසේ ද යන්න ඔබ දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණ වෙනවා.

 

අවශ්‍ය දේවල්

සුදු කැකුළු හාල් තේ හැ½දි 5ක් පමණ

නැවුම් එළකිරි තේ හැඳි 5ක් පමණ

කහ කුඩු තේ හැඳි 1ක් පමණ

පොල්තෙල් හෝ ඔලිව් ඔයිල් මේස හැන්දක් පමණ

 

සාදාගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය-

සුදු කැකුළු හාල් බ්ලෙන්ඩරයක දමා සියුම් කුඩු ලැබෙන සේ (ස්ක්‍රබ් එකකට සුදුසු මට්ටමට) කොටා ගන්න. එයට නැවුම් එළකිරි කහ සහ තෙල් ද එක්කර හො½දින් මිශ්‍ර කරන්න. ඉන් අනතුරුව මේ ක්‍රීම් එක උදේ හෝ රාත්‍රියේ ක්‍රීම් එකක් ලෙස මුහුණ, අත්, බෙල්ල මත හොඳීන් ආලේප කර ටික වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් රවුමට මෘදුව පිරිමදිමින් සම්බාහනය කරන්න. මිනිත්තු විස්සක් පමණ වේළෙන්නට හැර සාමාන්‍ය පරිදි සෝදා හරින්න.

සතියකට වරක් මේ සත්කාරය සිදුකළ හැකිය. සම දීප්තිමත්ව දිදුළන පැහැයකට පත්ව ඇති බව ඔබට දැක ගන්නට ලැබේවි. මෙම සත්කාර සිදු කිරීමෙන් ඔබේ සමේ රැදෙන දුහුවිලි, අපද්‍රව්‍ය සම අවර්ණ වීම දුරුවී යයි. සම පෝෂණය වීම මේ ඔස්සේ සිදුවන අතර වයස් භේදයකින් තොරව භාවිත කළ හැකිය. සමේ රැළිවැටීම අවම කර වයසට යන ස්වභාවය අවම කරන පෙනුමක් මේ සත්කාරය ඔස්සේ ඔබට ලබා දෙනු ඇත. ඕනෑම සමකට මේ සත්කාරය සුදුසුය. කහවලින් විෂබීජ නසාලනු ඇත.

මීට අමතරව ඔබේ සම පැහැපත්ව පෝෂණීය ගුණ ඇති කර ගැනීම සඳහා මේ පිළිවෙත් අනුගමනය කරන්න.

දිනකට පිරිසිදු ජලය වීදුරු 08 ක් පමණ පානය කරන්න. කෘතිම සහ ක්ෂණික ආහාර පාන, පැණි රස දෑ, තෙල් සහිත දේ කෑමට ගැනීම අඩු කරන්න. ජලය අඩංගු ආහාර නිතර භාවිතයට ගන්න. විටමින් ඒ බහුල රතු, කහ පැහැ එළවළු, පළතුරු නිතර ආහාරයට එක් කර ගන්න.

ඔබේ සමේ කොලැජන් ප්‍රතිශතය වැඩි කරන බිත්තර, මුහුදු මාළු, ඇට වර්ග වැනි විටමින් ඕ 2 අඩංගු ආහාර ලබාගන්න. නිසි මානසික සුවය පවත්වා ගෙන සතුටින් ඉන්න.

දිනපතා ව්‍යායාම කරන්න. පැය හයකවත් සුව නින්දක් ලබාගන්න. නිතර නාන්න. පිරිසිදුව ඉන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.