විභාගයට සූදානම් වන සිසු සිසුවියන්ට සුබ පල ලබා ගැනීමේ ක්‍රමයක්

අප්‍රේල් 19, 2024

 

මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගවලට සූදානම් වන සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය සේම වන්දනාව, භාවනාව ආදි මනස වැඩියෙන් මෙහෙයවිය යුතු කාර්යයන්හි යෙදෙන පිරිසගේ කටයුතු සපල කර ගැනීම සඳහා ඒ කාර්යයන්හි යෙදෙන කාලය, දිශාව සහ වෙනත් බොහෝ දේ ඉතා තදින් බලපායි.

ඒ අතරින් කාලය පිළිබඳ සැලකීමේදී ඉපැරැණි භාවිතයක් වන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වී එවැනි කාර්යයන්හි නිරත වීම වඩාත් සාර්ථක ප්‍රතිපල ගෙන දෙන බව තහවුරු වී තිබේ. එහිදී සිදු වන්නේ අන්තරීක්ෂ ශක්තියේ තීව්‍රතාව වැඩිම යාමය තම අධ්‍යාපන හා අධ්‍යාත්මික කාර්යයන් සඳහා යොදා ගැනීමයි. පොළොවේ හා අවට පරිසරයේ උණුසුම යම් පමණකට හෝ සමහන්ව ගහ කොළ ආදියේ ක්‍රියාකාරීත්වයට පිවිසුමක් සලසන මේ අවස්ථාව මනස මෙහෙයවා කරන කටයුතු වලදී ශාරීරික, මානසික, භාවමය හා අධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය වඩාත් නිරවුල් කරවන බව පර්යේෂණ හා අත්දැකීම් මඟින් හෙළි වී තිබේ. මෙහිදී බ්‍රහ්ම මුහුර්තය යනුවෙන් සැලකෙන්නේ සෑම දිනකම අලුයම 4.54-5.42 දක්වා විනාඩි 48ක කාලයයි.

එසේම දිශාවක් ලෙස ඊශාන දිශාවට මුහුණ ලා කටයුතු කිරීමෙන් ශරීරයට අන්තරීක්ෂ ශක්තිය අවශෝෂණය කිරීමේ ශීඝ්‍රතාව ඉතා වැඩි බව තවදුරටත් පැහැදිලි කළ හැකිය. එම දිශාවට මුහුණ ලෑම අපහසුම අවස්ථාවල උතුර හෝ නැඟෙනහිර ඒ සඳහා යොදා ගැනීම සුදුසු බව සැලකිය යුතුය. වෙනත් දිශාවක් මේ සඳහා යොදා ගෙන ඇත්නම් අවම වශයෙන් බ්‍රහ්ම මුහුර්තයෙන් ආරම්භ කරනු ලබන කටයුතුවලදී පමණක් හෝ මේ දිශා නිර්දේශයට අනුකූල වීමෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකි බව තහවුරු වී තිබේ.

එයද සිදු කළ නොහැකි තත්ත්වයක් පවත්නා අවස්ථාවලදී තමන්ගේ පාඩම් මේසයේ වම් අත පැත්තේ දුරින් යකඩවලින් හැර වෙනත් ඕනෑම ද්‍රව්‍යයකින් සකස් කරගත් සරල පිරමීඩයක් රඳවා ගැනීම සුවිශේෂ ප්‍රතිපල ඇති කරන්නක් බව සොයාගෙන ඇත. මේ පිරමීඩය සඳහා නිවැරැදිම මිනුම් වෙනුවට අඟල් 4 ක පමණ වන සමපාද ත්‍රිකෝණ හතරකින් සමන්විත පිරමීඩයක් නිවෙසේ්දීම පහසුවෙන් සහ අඩු වියදමින් තනා භාවිතයට ගැනීම වුව අතිශයෙන් ප්‍රතිපලදායක බව මෙහිදී අවධාරණය කෙරේ. මේ කාලය තුළ විද්‍යුත් මෙවලම් සහ යකඩ භාවිතයෙන් වැළකීම වඩාත් ප්‍රතිපල දායකය.

එසේම මෙවැනි අධ්‍යාත්මික කාරණාවලදී ශරීරයේ පස්වැදෑරුම් යෝග්‍යතා හෙවත් ජවය (power) වේගය (speed), නම්‍යතාව (flexibility), උළැඟිතාව (agility), දරාගැනීමේ (endurance) හැකියාව, සමබරතාව (balance) සක්‍රීය කර ගැනීමට අවශ්‍ය කරන මූලිකම කාර්යයක් ලෙස සලකා අවම වශයෙන් හිස් බඩ ජලය මිලි ලීටර 600ක් හෝ පානය කළ හැකි නම් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ විඩාව වෙනුවට ප්‍රබෝධයක් ඇති කරනවන බව ජීව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. සාමාන්‍යයෙන් පුරුද්දක් ලෙස කිරි වීදුරුවක් හෝ වෙන යමක් ඒ සඳහා භාවිත කිරීමේදී අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ ආරම්භක ක්‍රියාකාරීත්වයක් සිදුවන බැවින් එවැන්නකින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබේ. ජල පානයෙන් පැයක පමණ කාලයකින් පසුව එවැනි අවශ්‍යතා ඉටු කර ගැනීමෙන් හානියක් නැත.

සමහර සිසු දරුදැරියන් අධ්‍යාපන කටයුතු රාත්‍රී කාලයේදී සිදු කිරීමට පුරුදුව සිටින්නට පුළුවන. එවැනි අයගේ ශරීරයේ යෝග්‍යතාව වේගයෙන් බිඳ වැටෙන බව අධ්‍යාපන විශේෂඥයන් විසින් තහවුරු කළ මතයකි.

එබැවින් එවැනි සිසු දරු දැරියන් රාත්‍රී 11-1 අතර කාලයේ පමණක් හෝ නින්දක් ලබාගෛන අධ්‍යයන කටයුතු ඇරඹීම වඩාත් සුදුසුය. එයින් මනසේ විවේක ගැනීම, අක්මාව විෂ ඉවත් කරගැනීම ආදි අත්‍යාවශ්‍ය ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය විධිමත් වීමට අවස්ථාවක් ලැබෙන බැවිනි.

ඊට අමතරව වයිඩ් ජේඩ්, වයිට් හවුලයිට් වැනි ශ්වේත වර්ණ පාෂාණ පාඩම් කරන දරුදැරියන් නිදන කොට්ටය යට දැමීම හෝ පාඩම් ස්ථානයේ තැබීමද සුදුසුය. දැරියන් සඳහා පමණක් චන්ද්‍රකාන්ති පාෂාණ ද භාවිතයට ගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.