කතරගම කඳසුරිඳු මංගල්‍යය

ජූලි 19, 2019

ධාතුකරඬුව සහිත අවසන් මහ පෙරහර කිරිවෙහෙර දක්වා ගමන්කොට චාරිත්‍රවාරිත්‍ර ඉටුකිරීමෙන් පසු වල්ලිඅම්මා දේවාලය දක්වා ගමන්කොට වත් පිළිවෙත් සිදුකොට නැවත මහා දේවාලයට ළඟාවේ . කතරගම මහා දේවාලයේ පෙරහර අතර බක්මහා පෙරහර, ඇසළ පෙරහර ඉල්මහා පෙරහර යනුවෙන් ප්‍රධාන පෙරහරවල් කීපයකි.

දුටුගැමුණු රාජ්‍ය සමයේදී ආරම්භ වී මේ දක්වා නොකඩවා පැවැත්වෙන කතරගම පෙරහර මංගල්‍යය දිවයිනේ පැවැත්වෙන ඉපැරණිම සංස්කෘතික මංගල්‍යය බව සඳහන් වේ.

කතරගම ස්කන්ධ මහා දේවාලය කිරිවෙහෙර අෂ්ටඵල රුහ බෝධින්වහන්සේ මුල්කරගනිමින් අති උත්කර්ෂවත් ලෙස මෙම ඇසළ මහා සැණකෙළිය සෑම වසරකම ජූලි, අගෝස්තු යන මාසවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව නියමිත පරිදි පැවැත්වෙන ඇසළ උළෙල පුරාණා චාරිත්‍රවලට අනුකූලව සියලු කටයුතු සිදුකෙරේ.

ඇසළ උළෙල පැවැත්වීමට මාස කීපයකටම පෙර සිට ඒ සඳහා සියල්ලන්ම සූදානම් වේ. එහි මූලික කටයුත්ත වන්නේ කප්සිටුවීමේ මංගල්‍යය ආරම්භ කිරීමයි. පේවී කැප වී පුරාණ චාරිත්‍රානුකූලව එය සිදුකෙරේ. මේ අනුව කණු කැපීමේ මංගල්‍ය ඇසළ පෙරහැර පැවැත්වීමට දින හතළිස් පහකට පෙර සිදුකෙරේ. කප සඳහා තෝරාගනු ලබන්නේ රත්කරවු ගසයි. රත්කරවු ගස නොමැති වූ විට ගනු ලබන්නේ ශෝනපානා ගසයි. මෙයද කිරි සහිත ගසකි. මෙම තෝරාගනු ලබන්නේ ගොටුමහන්නා විසිනි. පසුව දේවාලයේ කපුමහත්වරු දෙදෙනකතු ගොටුමහන්නා හා මංගල හස්තිරාජයා සමඟ අලුයම් කාලයේදී කප් සිටුවීමට තෝරාගත් ගස ඇති ස්ථානයට ළඟාවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

සටහන –

එස්.එස්.එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.