ඔබත් උපන්නේ මාර්තු මාසයේ දෙවැනි සතියේ ද?

මාර්තු 8, 2024

අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු මාසයේ ගමන් කරන්නේ මීන රාශියේ වන බවත් මාර්තු මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි ග්‍රහයාගේ බලපෑමට මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට ලක්වන බවත් පසුගිය සතියේ සඳහන් කරන ලදී. එසේම පසුගිය සතියේ සඳහන් කළ කරුණුවලට අමතරව ඔබ මාර්තු මාසයේ උපන් අයෙකු නම් ඔබ නායකත්වය බලාපොරොත්තු වන නමුත් එය පිටතට පෙන්නන්නේ නැත.

නමුත් කවුරුන් විසින් හෝ අදාළ බලතල වගකීම් ලබාදුන් විට නිසි ආකාරයට එතැන් සිට සාර්ථකව කටයුතු කරගෙන යෑමේ හැකියාව ඔබට පවති. ඔබ නීතියට නිතැතින්ම ගරු කරන පුද්ගලයකු වේ. අනිත් පුද්ගලයන්ගෙන්ද ඔබ එම තත්ත්වය බලාපොරොත්තු වේ. එසේම විශේෂ නියෝගයකදී සම්මුතිය කුමක්දැයි සොයා බැලිම ඔබ සිදුකරයි. මෙහිදි කණ්ඩායම් දෙකක් අපට දැකිය හැකිය. එක් කණ්ඩායමක් නායකත්වය ගන්නා අතර අනුගාමිකයකු නොවි අරමුණූ ඉටු කරගනි. අනිත් පාර්ශ්වයට අරමුණක් නැත. අභ්‍යන්තර ආශාවන්ට වහල් වෙති. කිසිම කටයුත්තක් ගැඹුරින් ගන්නේ නැත. මත් ද්‍රව්‍ය සහ සූදුවට ඇබ්බැහි විය හැකිය. අනුගාමිකයෝය. ජීවිතය අසාර්ථක කර ගනි. දුර්වල අයට මිතුරන් වැඩිය. ඔවුන් සමඟ වංචාවේ නියැලෙයි. සාර්ථක කණ්ඩායම ජීවත්වීම සඳහා අරමුණක් ඉලක්කයක් සහිත පුද්ගලයන් වේ. ඒ අනුව කටයුතු කරන අතර ප්‍රතිපල ලබා ගනිති.

 

මාර්තු මාසයේ 08 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ශනි ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබට ළමා කාලයේදි ප්‍රබල දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වුවත් අවු 33 න් හෝ 35 න් පසුව ජීවන වෘත්තිය යහපත් අතට හැරේ. ප්‍රබල දුෂ්කරතා වශයෙන් පුද්ගලයන් වරදවා වටහා ගැනීම නිසා දෝෂාරෝපණවලට ලක්වීම හැඳින්විය හැකි අතර මේ තත්ත්වය හුදෙක් මුදල් නොමැති කම නිසා මෙන්ම නෑදැයන් නිසා සිදු වේ.

විවාහය සම්බන්ධ ගැටලුවලට මුහුණදීමට සිදුවන බැවින් හැකිතාක් වයසෙන් මුහුකුරා ගොස් විවාහ වීම යහපත් වේ. ආර්ථික දියුණුව සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තු ඔබ තබා ගන්නේ නැත. ධනය තම අවසාන අභිමතාර්ථය සඳහා පමණක් බව ඔබ සිතයි. ඔබට ජීවිත කාලය පුරාම වරින් වර විශාල මුදල් හානි සිදුවිය හැකි බැවින් යම් ධනයක් වෙන් කර තබා ගැනීම නුවණට හුරුය. මානසික ආතතිය සම්බන්ධ බලපෑම් නිරතුරුවම ඇතිවේ. ආතරයිටිස් තත්ත්වයන් ප්‍රධාන වශයෙන් දණහිස් වළලුකර සම්බන්ධව ඇතිවීමේ පැහැදිලි ඉඩකඩක් පවති.

 

මාර්තු මාසයේ 09 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ. මානසිකව සහ කායිකව දරාගැනිමේ හොඳ හැකියාවක් ඔබ සතුය. ආකර්ෂණිය පෞරුෂයකින් යුක්ත වන නිසාම ඔබට ජනතා කටයුතු සම්බන්ධ කටයුතුවලදි නායකත්වය හිමි වේ. එමනිසා රහසිගත සතුරන්ගෙන් බොහෝවිට කරදර ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. ඉහළ නැඟීමේ දැඩි ආශාවක් ඔබ තුළ ක්‍රියාත්මක වේ. එමනිසා ඉහළ මට්ටමේ අය සමඟ කිට්ටු සම්බන්ධතා පැවත්වීම ඔබ සිදු කරයි. මේ තත්ත්වය නිසාද පහළ මටිටමේ සතුරන් ඇති වීම වැළැක්විය නොහැකිය. මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සිදුවිය හැකි අතර මුදල් සම්බන්ධව ත්‍යාගශිලී ස්වභාවයෙන් කටයුතු කිරිම නිසා මුදල් හානි සිදුවිය හැකියි. ඔබගේ ආදායම් මාර්ග නිරතුරුවම වෙනස් කම් වලටද භාජනය විය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කළ යුතුය. ජීවිතයේ මුල් කාලයේ අසනීපවලින් තොරව ගත කිරීමට හැකි අතර ජීවිතයේ අවසාන කාලයේ අසනීප රාශියකට මෙන්ම ශල්‍යකර්මවලට භාජනය වේ.

 

මාර්තු මාසයේ 10 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවු මාසය මාර්තු නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. නමුත් මාසයේ 01 දින උපන් අයෙකුට වඩා 10 වෙනිදා උපන් ඔබගේ චර්යා රටාවන් වෙනස් වේ. උපතින්ම ඔබට නායකත්වය හිමිය. සියලුම කටයුතු ඔබ නීතියට අකුරට කරන අයෙකි. ප්‍රබල ස්වාධිනත්වයක් ඔබ සතුය. සාපෙක්ෂව ආවේගශීලි බවක් ඔබෙන් විද්‍යමාන වේ. ඒකාකාරිත්වයට ඔබේ කැමැත්තක් නොමැත. ඔබට අභියෝග වැඩිවෙන තරමට ඔබ කැමැතිය. නමුත් ආත්මාර්ථකාමි ස්වභාවයක් ඔබ තුළ නැතිවාම නොවේ. ගුරු වෘත්තිය, ගුවන් නියමු, මානව සමිපත් පරිපාලනය ඔබට සුදුසු රැකියා ක්ෂෙත්‍රයන් වන අතර හෘදයාබාධවලින් ප්‍රවේශම් විය යුතුය.

 

මාර්තු මාසයේ 11 වැනි දින

මාර්තු මාසයේ 11, වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 2 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ මාර්තු මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. කලාව සහ නිර්මාණකරණය පිළිබද හැකියාවන් උපතින්ම ඔබ සතුවන නමුත් එම නිර්මාණයන් තුළ ස්වාධින බවත් අන්තර්ගත වේ. පිටතින් පෙනෙන සෞම්‍ය බව අභ්‍යන්තරයේ නැත. එම නිසාම තමන් සමඟ සිටින මිනිසුන් දිරිගැන්වීම ඔබ සිදුකරයි. නමුත් අනුන්ගේ වැඩවලට ඇඟිලි ගැසීමෙන් ඔබ වැළකී සිටි. ආර්ථික දියුණුව සඳහා ව්‍යාපාරයන් එතරම් සුදුසු නොවේ. උපදේශන සේවාවන් තුළින් ආර්ථිකය දියුණු කර ගැනිම ඉතාමත් සුදුසු වේ. ආදරය කිරීමේදි බොහෝ අන්තගාමි වීම ඔබගේ ක්‍රමයයි. එම නිසා ඔබ හා ආදරයෙන් බැඳෙන පුද්ගලයන්ගේ නිදහස ප්‍රබල ලෙසින් සීමාවේ. මේ තත්ත්වය හිතාමතාම වෙනස්කර ගැනීම විවාහ ජීවිතයට යහපත් වේ. රහසිගත සතුරන් ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු අතරම ජිවිතයේ කෙදිනක හෝ ප්‍රබල ඛේදවාචකයකට මුහුන දිමට සිදුවේ. එම නිසා අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

 

මාර්තු මාසයේ 12 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර එය ගුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත් වේ. ඕනෑම අවස්ථාවකට ගැළපෙන පරිදි සිත සකස් කර ගැනීමේ හැකියාවක් ඔබ සතුය. හොඳ කථන හැකියාවක් ඔබ සතුවන අතර එම හැකියාවන් දියුණුකර ගැනීමට උත්සහ කිරීම ජීවිතය සාර්ථක කර ගැනීමට මහඟු පිටුවලක් වේ. හොඳ බුද්ධියකින් අනුන ඔබ මුළු ජීවිතයම පී‍්‍රිතියෙන් ගෙවීමට වෑයම් කරනු ඇත. වැඩිහිටියන් වු කල කදිම මාපියන් බවට පත්වන අතර නමුත් දරුවන් සම්බන්ධයෙන් රළු ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඔබ තුළ තිබෙන ආදරණීය බව හේතුවෙන් මිතුරන් සමකාලීනයන් අතර ජනප්‍රිය වේ. පසුතැවීමට පත්වීම සහ ශක්තිය හීන කරගැනීම ඔබෙ දුර්වලකමකි. එම නිසා හැකිතාත් සාර්ථකත්වය සඳහා එසේ නොවීමට වග බලා ගත යුතුය. සාහිත්‍ය හා චිත්‍ර කලාවට ඇල්මක් දක්වන අතර ලේඛණ කලාව රඟපෑම නිතීය ගෘහ නිර්මාණ ශිල්පය වැනි ක්‍්ෂත්‍රයන් හි රැකියාවන් ඔබට සාර්ථක වේ.

 

මාර්තු මාසයේ 13 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ මාර්තු මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබට ජීවිතය ජය ගැනීමට ප්‍රබල ලෙසම වෙහෙසි කටයුතු කිරීමට සිදුවේ. නමුත් ඉතාමත්ම පිළිවෙළට හා නිර්මාණාත්මකව වැඩ කිරීමෙන් අසාර්ථකත්වය මඟහැර ගත හැකිය. විවිධ ආරවුල් ඇතිවීම හා අසාධාරණයන් ඉතා දැඩිව ප්‍රතික්ෂේප කරන අතර ඉතාම විනය ගරුකව වැඩකටයුතු කිරීමට ඔබ උත්සහ කරයි. නමුත් සමහර අවස්ථාවන්හි කලකිරීමට සහ අවහිරතාවලට පත්විය හැකිය. විවාහයෙන් පසුව වෙනම නිවෙසක පදිංචි වන්නේ නම් සාර්ථක වන්නේය. එසේ නොමැති වුවහොත් විවාහ ජීවිතය පවා අසාර්ථක වීමට ඉඩ තිබේ. මන්ද ඔබ විවාහ පත් සහකරුගේ හෝ සහකාරියගේ ඥාතීන් රුස්සන්නේ නැති ස්වභාවයක් ඇතිවන නිසාවෙනි.

 

මාර්තු මාසයේ 14 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ විවිධත්වයට මෙන්ම සංචාරය කිරීමට ඉතාමත් කැමැතිය. එකම අවස්ථාවේදී නිර්මාණාත්මක සේම විවේචනාත්මකවද කටයුතු කිරීම ඔබගේ ස්වභාවය වේ. පිටතින් නිවුණු ස්වභාවයක් පෙන්නුම් කළද අභ්‍යන්තරයෙන් බොහෝ කලබල සේම සිත් දුක්බරව කල් ගෙවීම ඔබගේ විශේෂත්වයකි. නමුත් ඔබ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන හා නම්‍යශීලි අයෙකු වේ. බොහෝ විට ඉතාමත්ම ඉක්මනින් ක්ෂණිකව රැකියා ක්ෂේත්‍රයන් හා මිත්‍ර සබඳතා වෙනස් කිරීම ඔබගේ ක්‍රමයයි. කුමන දෙයක් කළත් ඔබට සාර්ථක විය හැකිය. මෙදින උපන් කාන්තාවන් ඉක්මන් විවාහයකට ගමන් කිරිම උචිතය. මන්ද එසේ නොවුණ හොත් විවාහ ප්‍රමාද වීමෙන් විවාහ වීමේ අසිරුතා ඇතිවිය හැකිය. වෙළෙඳපොළ බ්‍රෝකර්වරු, සංචාරක පතල් හෑරිම, ලේඛණ කලාව වෙළෙඳාම වැනි කේෂ්ත්‍රයන් රැකියාව සඳහා සුදුසු වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.