බෝ වන රෝග සඳහා පෙරුම්කායම් බැඳීම

මාර්තු 8, 2024

 

මන්ත්‍රය....

ඕං ජීවක ශාස්තෘ විද්‍යාභවේ බුද්ධො භගවතාය ධාතු ධරණේ ආරක්ෂා බන්ධ බන්ධ ස්වාමි ස්වාහාහඞ

ක්‍රමය

පැතිරී යන සරම්ප, පැපොල හෝ ඕනෑම බෝවන රෝගයක් සඳහා පෙරුම්කායම් ටිකක් ගෙන ගුළියක් සාදා සුදු රෙදි පටියක් මත තබා ඉහත සඳහන් මන්ත්‍රයෙන් අලුයම 108 වරක් මතුරා බඳිනු. කීප දෙනෙකුට එකවර කරන්නේ නම් පීරිසියකට පෙරුම්කායම් ගුළි අවශ්‍ය ප්‍රමාණය දමා මතුරා පසුව සුදු රෙදි පටිවලින් බඳින්න. ඕනෑම බියවීමකට උණට තෙල් මැතිරීම

 

මන්ත්‍රය....

ඕං අරික්කාල් මුප්පත්තු ඉතිපිසො භගවා අරහං නයිරික්කාල් උච්චුං පදිනෙට්ටු තරියානේ සුගතෝ ලෝකවිදු අනුත්තරා පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං අසුර කට්ටු සුර කට්ටු විෂ්ණු කට්ටු බුද්ධෝ භගවතා කන්ද කුමාර කට්ටු නේත් පලයන් නෝස්වාහා.....

ක්‍රමය

තට්ටු පීරිසියකට තලතෙල්, පොල්තෙල් හෝ හිස දමන බෙහෙත් තෙල් කහ ස්වල්පයක් මිශ්‍රකර හොඳට කලවම් කර 108 වරක් මතුරා ගාන්න.

මේ කාල සීමාවේ අප රටේ පමණක් නොව මුළු ලෝකයේම පවතින වසංගත රෝගවලින් ආරක්ෂාව සඳහා

මන්ත්‍රය....

ඕං මුනි මහ මුනි වෙස මුනි බන්ධ බන්ධ ඒ ස්වාහඞ

ඕං මුනි වජ්‍ර මුනි කාල දේව මුනි මුනි ඒ ස්වාහඞ

ඕං නමෝ බුද්ධ මුනි ශ්‍රී මා මුනි ආරක්ෂා බන්ධ බන්ධ

ඒස්වාහඞ

ක්‍රමය -

නොඉඳුල් භාජනයකට නොඉඳුල් පැන් ගෙන 108 වර මතුරා ඕනෑම ගෙදරක දොරකඩ උඩ තියා ඊට යටින් යන එන ලෙස කියන්න. නොසෑදුණු අයට උදේ සවස ඒ පැන් ටික ටික බොන්ට දෙන්න. අලුතෙන් නොසෑදෙයි. බෝවෙන අසනීප ඇති තැන්වලට ඉතා හොඳයි. පැපොල, සරම්ප, උණ, ඇස්ලෙඩ, අඩප්පර ආදියෙන් වැළකීමට ඉතා හොඳයි.

කටී වායුවට (තුනටියේ අමාරුවට)

මන්ත්‍රය....

ඕං කටෝ කටෝ පත්‍ර පෝටවූ......

ක්‍රමය -

බිම ගොම ගා එතැන පොල්කටු 3ක් පත්තු කර එතැන අඟුරු පිසදමා ලුණු කැට මිටක් ගෙන ඉහත මන්ත්‍රයෙන් 21 වර මතුරා රත් වූ පොළොවේ තුනීකර පැදුරක් ඒ මත එලා ඒ මත ලෙඩාගේ අමාරු තැන තබා රත්වෙන තුරු සිටීමට සලස්වනු. හැරෙන්න පෙරළන්න දිග හැරෙන්න බැරි කටීවායුව සම්පූර්ණයෙන් සුව වෙයි. වරු 3ක් මෙසේ කරනු. රෝගියා මස් බිත්තර වර්ගවලින් වළක්වා ගත යුතුයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.