අපිත් සිනාසෙමු අවුරුදු සිරියේ

අප්‍රේල් 12, 2024




හිරු රැස් ගලන සඳ මෝරන බක් මාසේ
අසිරිය දිලේ හැම මොහොතෙම දිවා රැයේ
ලොකු පොඩි සැමට සැනසුම දෙන බක්මාසේ
බඩ කට පිරෙන ඵල වැල කමු නිරන්තරේ

අඹ කජු පුහුලම් ද ජම්බු ද වරකා ද
පැණි රස බැලුවෙ දණ ගා නැඟිටින කල ද
වියපත් වුණත් ඒ දිනයන් සිහි වේද
අදටත් තවම අපි තරුණයි මනසින්ද

රබන් සුරල් ඈතින් ඇසෙනා ශබ්දේ
කොහා ඇවිත් ගයනා ගී හඬ මැද්දේ
මලින් බරව එරබදු මල් අතු පැද්දේ
වාසනාවෙ දොර ඇරුණා අවුරුද්දේ

අවුරුදු සිරිය විඳ දෙදහස් විසි හතරේ
සැරසෙනු ඉතින් සුබසෙත සැම කැල මිතුරේ
තබන පයට වන මල් පුද දෙමු සසරේ
මැණිකේ ඉතින් සෙත් පතනව නව වසරේ


ඡ්‍යොතිර්වේදිනී,
විශ්‍රාමලත් විදුහල්පතිනි, යූ.එල්.
ඥානලතා මැණිකේ
උඩවෙල, වතුර, කෑගල්ල
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.