ඇස් පෙනීම දුර්වල කරන ග්‍රහයෝග

ඔක්තෝබර් 11, 2019

මනුෂ්‍ය ශරීරයේ පංච ඉන්ද්‍රියන් අතුරින් විශේෂ අංගයක් වන්නේ දෙනෙත හෙවත් ඇස් දෙකය. නමුත් නොයෙක් හේතූන් නිසා දෙනෙත නොපෙනෙන අය අප අතර ඇත.

දෙනෙත් නොපෙනීම උපතින්ම හෝ පසු කාලයකදී සිදුවීමට පුළුවන. කෙසේ වෙතත් දෙනෙත දුබලවීමට හේතුවන්නේ උපතේ දී ලබා ඇති ග්‍රහ බලපෑම් බව ඡ්‍යොතිෂ විද්‍යාව අනුව පෙන්වා දී ඇත. එබැවින් ඒ

පිළිබඳව විමසා බලමු.

ජන්ම කේන්ද්‍රයක් දෙවැන්නාධිපති හෝ දොළොස්වැන්නාධිපති දුර්වලව සිටි විට එම ස්ථාන දෙක පාප ග්‍රහයන්ගෙන් යුක්ත වීම ඇස් පෙනීම දුර්වල වීමට හේතුවකි. දෙවැන්නාධිපති අටවැන්නේ සඳු සහ සෙනසුරු සමග සංයෝග වී සිටි විට රවි හයවැන්නේ සිටීද ඇස් පෙනීම දුර්වල වේ. දෙවැන්නාධිපති පාප ග්‍රහයකු වී ඔහු ලග්නයෙන් හයේ හෝ අටේ හෝ දොළොස්වැන්නේ වේද සහජයෙන් ඇස්පෙනීම දුර්වල අයෙකු වේ. කුජ ශනි රාහු සහ කේතු යන පාප ග්‍රහයන් නීච

ක්ෂේත්‍රව දෙවැනි රාශියේ සිට හයේ, අටේ හෝ දොළහේ සිටීද ඒ අය ඇස් පෙනීමෙන් දුර්වල අය වේ.දෙවැන්නාධිපති සිකුරු වී අටේ සිටි විට හය වැන්නේ රවි සිටීද එවිට ජන්මියා වයස් ගත වන විට පෙනීම නොමැති අයකු වේ. දෙවැන්නාධිපති ලග්නාධිපති සමඟ සංයෝග වේද එයට සිකුරු සම්බන්ධ වීමත් රවි තෙවැන්නේ සිටීමත් වේද ජන්මියා උපතින්ම අන්ධයකු වේ.

සිංහ රාශියෙන් උපත ලබා රවි, සඳු සමඟ ලග්නයේ වේද එසේම ඔවුන් සෙනසුරුගේ සහ අඟහරුගේ පාප දෘෂ්ටිවලට ලක්වේ. යොවුන් වියට පත්වන විට අන්ධයකු වේ. ලග්නාධිපති සිකුරු සමඟ සංයෝග වී දුර්වලබවට පත්වේද එයද ඇස් පෙනීම දුර්වල කිරීමට හේතුවකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.