දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිතේ බලය නිසා ලැබිය හැකි පල ප්‍රයෝජන

ඔක්තෝබර් 23, 2020

චූල ජින පඤ්ජර යන්ත්‍රය හෙවත් ඛුද්දක ජින පඤ්ජර යන්ත්‍රය මෙම යන්ත්‍රය මෙම යන්ත්‍ර සටහනේ ඇති පරිදි ද්විත්ව රේඛාවෙන් ඉරි නොකැපෙන සේ ඇඳ ගත යුතුය.

තඹ පත්‍රයක් රත්‍රන් වතුරේ දමා සකස්කර පළල ,දිග 1 ය 5 හෝ 2ය10 හෝ ප්‍රමාණයට ඉරි නොකැපෙන සේ යන්ත්‍රය ඇඳගන්න.

යන්ත්‍ර සටහනේ ලියා තිබෙන අංක 7 සඳහන් කර ඇති පිළිවෙළට ගාථා හත අංක 7 ක් ලියා ඇති කොටුවල ලියාගන්න.

යන්ත්‍රය පළඳින අයගේ ජන්ම පත්‍රයේ පක්ෂියා රජකරන වෙලාවක හෝ එම අයගේ නමට හිමි පක්ෂියා රජ කරන වේලාවක ඔහුට සුබ දිනක සුබ හෝරාවක, යන්ත්‍රය ලියා ගන පුර පක්ෂයේ සුබ දිනක යන්ත්‍රය ජප කිරීමට පටන් ගන්න. යන්ත්‍රය ජප කරන තැනැත්තා ඉතා පිරිසුදුව සුදු වස්ත්‍රයක් ඇඳ පස් පවින් වැළකී බ්‍රහ්මචාරීව සිටිය යුතුය.

යන්ත්‍රයේ 1 වෙනි ගාථාවේ සිට 7 වෙනි ගාථාව දක්වා යන්ත්‍රයේ ලියා ගන්න.

දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත

දිසාසු දසභාගෙසු – ඨිතා බුද්ධානුභාවතෝ

වේරාපි අන්තරායාපි –

විනස්සන්ති අසේසතෝ

එවමාදී ගුණෝපේතං –

පරිත්තං තං භණාමහේ

පදුමුත්තරො පුරත්ථිමායං –

අග්ගිම්හිචේව රේවතෝ

දක්ඛිණෙ කස්සපෝ බුද්ධෝ –

නෙරුතේ ච සුමංගලෝ

පච්ජිමේ ච සිඛී බුද්ධෝ –

වායව්‍යා මෙධංකරෝ

උත්තරෝ පියදස්සී ච – ඊසානේ දීපංකරෝ

පථව්‍යා කකුසන්ධෝ ච –

ආකාසේ සරණංකරෝ

අච්චන්තරායා සබ්බේ තේ –

සෝක රෝග භයා පි ච

විනස්සන්තු සදාතුය්හං –

සබ්බිරියා පථේසු ච

යක්ඛාදී දේවතාභී ච –

රාජ චෝරාරි අග්ගිහි

අමනුස්සෙහි සබ්බේහි –

තිරච්ඡාන ගතේහි ච

 

ජාතා උපද්දවා සබ්බේ –

විනස්සන්තු අසේසතෝ

සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ –

සාරිපුත්තෝ ච දක්ඛිණේ

වාමංසෙ මොග්ගල්ලාමෝ තේ -

පුරතෝ පිටකත්තයං

පච්ඡිමේ තව ආනන්දෝ –

චතුද්දිසා ඛීණාසවා

සමන්තා ලෝකපාලා ච –

ඉන්දදේවෝ ච බ්‍රහ්මා ච

එතෙසං ආනුභාවේන –

සබ්බුපද්දමුපද්දවා

අනේකා අන්තරායා පි –

විනස්සන්තු අසේසතෝ

 

ඉහත සඳහන් පිරිත තමාට කියන විට

(මේ යන්නත් අන් අයට කියන විට (තේ) යන්නත් යොදා කියවිය යුතුය. තමාගෙ කියනවිට (මය්හං) යන්නත් අන් අයගේ කියන විට (තුය්හං) යන්නත් යොදා කියවිය යුතුය.

දස දිසා පිරිත හෙවත් චූල ජින පඤ්ජර පිරිත මෙම පිරිතේ බලය අනුව කළ හැකි කටයුතු බොහෝ ඇත.

මෙම පිරිත පාවිච්චි කරන සෑම අවස්ථාවකදීම තමාද පන්සිල් ගෙන ආතුරයාට ද පන්සිල් දී කටයුතු කළ යුතුය.

කුඩා දරුවන්ගේ වලිප්පුවට හීනෙන් බය වෙනවාට

මාන්දමට, බාලගිරි දෝෂයට වන කුෂ්ට ආදියට රත ගෙඩිවලට යනාදී ඕනෑම දෙයකට අඹ අත්තට මෙම පිරිතෙන් 21 වරක් දුම් අල්ලා මතුරා සාන්ති කරන්න.

වලිප්පුවට

තල්පතේ හෝ තඹ කොළයක මෙම පිරිත ලියා 26 වරක් මතුරා දරුවා නිදන කොට්ටේ ඇතුළට දමනු.

බාලගිරි දෝෂයට

හීනෙන් භය වෙනවාට

තල් පතේ හෝ තඹ කොළයක ලියා 26 වරක් මතුරා නිදන කොට්ටේ ඇතුළට දමනු. පිරිසුදු අළුවලට මතුරා නළලේ තිලක තබනු.

රත ගෙඩිවලට

හොරිවලට කුෂ්ට වලට

දිය මතුරා නාවනු, තෙල් මතුරා ගානු, අත්තෙන් සාන්තිකරනු. සෑම දෙයක්ම 26 වරක් මතුරා ගන්න.

උණට

26 වරක් තෙල් මතුරා ගාන්න. අඹ අත්තෙන් සාන්ති කරන්න.

ඇස්වහට

කාක්කන් අඬන්ට ප්‍රථම නොඉඳුල් දිය කලයට 26 වරක් මතුරා සෝදනු

මාන්දමට

මෙම පිරිත තල්පතේ හෝ තඹ කොළයක ලියා 108 වරක් මතුරා බඳිනු.

වමනේට, බඩේ අමාරුවට

වතුර 26 වරක් මතුරා බොන්න දෙන්න

අරුචියට බඩේ පිපුමට

කෝපි මතුරා බොන්න දෙන්න

ඇඟ දැවිල්ලට

ඇඹුල් දොඩම් තුන් උදයක් 26 වර බැගින් මතුරා තුන් උදයක් හිස් බඩට දෙන්න.

බඩ දනවට

තැඹිලි ගෙඩි 7 උදය 7 ක් 26 වර බැගින් මතුරා ඉර උදාවෙන්ට ප්‍රථම බොන්න දෙනු.

වඳපනුවන්ට

තැඹිලි ගෙඩි 7 ක් උදය 7 ක් 26 වර බැගින් මතුරා බොනු මස් මාංස කෑමෙන් වළකිනු

බෝවෙන රෝගවලට

පෙරුම්කායම් 26 වර මතුරා අතේ බඳිනු. හඳුන් කෑලි මතුරා බඳිනු. කොහොඹ අත්ත මතුරා මුල් දොර වහලේ ගසනු.

උමතු රෝගයට

කෂාය මතුරා බොන්න දෙන්න

යක්ෂ රෝගවලට

හිසකෙස් මතුරා ගැට ගසනු. තෙල් මතුරා ගානු.

නූල් මතුරා බඳිනු, පැන් මතුරා පොවනු.

ස්ත්‍රීන් සිහිනෙන් මස් මාංශ කනවාට

පැන් මතුරා පොවනු නූල් මතුරා බඳිනු

තරුණයින්ට පුර සීන පෙනෙනවාට

නූල් මතුරා බඳිනු, මෙහි සඳහන් කර තිබෙන පිරිත

තල්පතේ හෝ තඹ කොළයක ලියා 108 වර මතුරා බඳිනු

ගේ දොර ආරක්ෂා කිරීමට

විලඳ, එළ අබ, නොපෑගිච්ච වැලි, ගල් මතුරා වළලනු, ඉසිනු. රත්මල් පොකුර මතුරා යට ලීයේ එල්ලනු. සුවඳ කට්ටකුමංජල් මතුරා දුම් අල්ලනු, තෙල් මතුරා පහන් දල්වනු.

යකුන් ප්‍රලය කරන තැන්වලට

ගල් වැලි මතුරා ඉසිනු, දුම්මල මතුරා දුම් ගොටුවට දමනු තෙල් මතුරා පහන්වලට දමා පහන් දල්වනු. ගොප්කොළ මතුරා තටුවේ බඳිනු. ප්‍රලය නැතිවෙයි.

සර්ප විෂ මුර්ඡාවට

තලතෙල් ඇඟ ගා කුප්පමේනියා ගසක් ඇඟ ගාමින් මතුරනු සිහිය එයි. ඊට පසු මුගුණුවැන්න යුෂට තලතෙල් බිංදු තුනක් දමා සත්‍ය බලා නස්‍ය කරනු විෂ බසී.

සර්පයන් ආදී නරක සතුන් ගෙට එනවාට තෙල් මතුරා පහන් දල්වනු

ගර්භනීන්ට දසවන ක්‍රියාවට

තලතෙල් මතුරා තැඹිලි මතුරා බොන්න දී දෙහි තුනක් මතුරා හිසට පපුවට දෙපතුලට තබා කපනු.

ගව වසංගතයට

පෙරුම්කායම්, වදකහ, කුඹුරු ඇට මද, සතකුප්ප, සූදුරු, කළුදුරු යනාදිය කොහොඹ තෙලින් අඹරා 108 වර නුග කොළයක ඔතා කරේ බඳිනු.

දරුවන් ලැබීම ප්‍රමාද ස්ත්‍රීන්ට දරුවන් පිළිසිඳ ගැනීමට

කාක්කන් ඇඬීමට ප්‍රථම පිරිසුදු පැන් භාජනයකට ගෙන වතුර භාජනයට සමන්පිච්ච මලක් දමා පන්සිල්ගෙන 108 වර බැගින් උදය 3 ක් මතුරා මූණ කට සෝදා පන්සිල් ගෙන මතුරන ලද පැන් හිස්බඩ බොන්න දෙනු. මෙය කළ යුත්තේ ස්ත්‍රියට මාස් ඔසප්වී දින 3 කදී ස්නානය කර 4 වන දිනයේ සිට දින 3 ක් මතුරා බී ඊට පසු සැමියා සමඟ සංසර්ගයේ යෙදීමෙන් දරුවන් පිළිසිඳේ. මෙම කාලයේ දි කරවල, මස්, මාළු, තෙල් කෑමෙන් වළකින්න.

ග්‍රහ අපල සහ කාස රෝගයට

පිරිසුදු වතුර, කොතලයකට ගෙන කහ සඳුං කිිරි මිශ්‍රකර පිරිසුදු ස්ථානයක තබා 108 වර මතුරා උදේ සවස මූණ අතපය සෝදනු.

උළුවහු තබන විට

රත්මල් මතුරා ඉස කඳ මල් තබා මැටි තබනු

ලිප බඳින විට

ලුණු මතුරා ලිපයට වළලනු.

ගෙවදීමට

ධාන්‍ය වර්ග මතුරා යටලීයේ එල්ලනු

ගෙබිමට

පිරිසුදු වැලි දහස්වර (1000) මතුරා ගෙබිමට ඉසිනු ගෙබිම ගොඩ කරනු සර්ව ආරක්ෂාවයි.

ගොයම් වී ආදිය ආරක්ෂාවට

මෙම පිරිත තල්පතේ හෝ තඹ කොළයක ලියා 108 වර මතුරා වී අටුවේ දමනු. ගොයම් මැස්සන්ට හොඬල අලයෙන් රබාන සාදා එම සිවිය බැඳ කෛල වැල් සහ රබානට මතුරා හිරු උදාවට පළමුව පිරිත හත් වරක් කියමින් රබානට ගසමින් කුඹුර වටේ යනු වැල මතුරා කුඹුර වටේ අදිනු. සතුන් නොකපයි. වී මතුරා වපුරනු. පුවක් මල් මතුරා සතර කොන වළලනු.

සියලු උවදුරුවලට දුම්

දෙසඳුන් , දෙහිද්ද, සැවැන්දරා, පිච්චමුල්, මල්, නෙළුම් රේනු යනාදිය අව්වේ වියලා කොටා සුවඳ ,සාම්බ්‍රානි, සමඟ මිශ්‍රකර පිරිසුදු භාජනයකට ගෙන පිරිසුදු ස්ථානයක මල් අසුන තනා සුදුමල් පුදා රාත්‍රී 10 න් පසු රාත්‍රී 2 ට ප්‍රථම 108 වර මතුරා කුඩා දරුවන්ගේ සියලු දේටම, ගර්භනීන්ට, යක්ෂ රෝගවලට ද එම ගෙදරට ද ග්‍රහණි මාන්දමට, වලිප්පුවට , බාලගිරි දෝෂ වලට ද නිදනවිට, රාජ්‍ය කටයුතුවලට ද යන විටද වෙළඳ පොළට ද, ගෙදරට, මුදල් පෙට්ටියට ද යනාදි සැම දෙයකටම දුම් අල්ලනු සාර්ථක දියුණුවක් ලැබේ.

රැකී රක්ෂා ආදියෙන් දියුණුවීමට

සඳුං කුඩු , බෙලිමල්, කපුරු යනාදිය කුඩුකර මතුරාගෙන ගේ දොර දුම් ඇල්ලීමෙන් දියුණු වෙයි.

සිතු දේ දැන ගැනීමට

ගිතෙල් උණුදියෙන් සෝදා සඳුන් මිශ්‍රකර පිරිසුදු ස්ථානයක මතුරාගෙන කාමරයක කසපැන් ඉස යහනක් සරසා, ගෙන යහනේ සුදුවතක් එලා ඉස දිසාවේ අත උස තරමින් පහනක් තැබීමට ආසනයක් තබා සුදුමල්, බුලත් ආදිය තබා පහන්තිරයට මතුරා මැතුරූ ගිතෙල්ද පහනට වක්කර රාත්‍රී 10 ත් 2 ත් අතර, පහන දල්වා තනියම 2 න් ප්‍රථම නින්ද යන සේ තමාගේ කරුණ සිහිකර ඉටුදෙවියෝ සිතාගෙන නිදියනු තමා සිතු දේ සීනෙන් පෙනෙයි.

මෙදින තමා බ්‍රහ්මචාරිව විසිය යුතුය.

සභාවට යනවිට

කිනිහිරිය මල් බැද කුඩුකර තඹ හේප්පුවක තබාගෙන පිරිසුදු ස්ථානයක හෝ බෝ ගහක් ළඟ මෙම පිරිතෙන් 108 වර මතුරා තිලක තබා ගෙන සභාවට යනු.

පෙතම්, ඕලු, පිච්ච, කොබෝනීල, රණවරා, යන මල්ද සැවැන්දරා, සුදුහඳුන් සමඟ බැද කුඩුකර මතුරා බුජ පත්‍රයක හා පපුවේ අලවාගෙන යනු.

රාජ සභාවට

නෙළුම් කැකුලට අලුයම 108 වර මතුරා කඩා ගෙනවිත් පිටත්වීමට 7 වර මතුරා පිඹ ඉර උදාවන වේලාවට පිටත්ව යනු. සඳුං කුඩු මතුරා මුහුණට දුම්දී යනු තලතෙල්, සඳුං තෙල්, තැඹිලි තෙල් මතුරා ඉස ගා යනු.

කුඩා දරුවන්ට

ඉපදි දින 7 ට ප්‍රථම සඳුං ගෝරෝචන , කස්තුරි , කපුරු, රත්රන් යනාදිය .තනකිරෙන් ගලගා හැකි තරම් මතුරා ගුරු දින ඉරු උදාවන වේලාවට පොවනු. දරුවාගේ බුද්ධිය වැඩිවේ. මහත් බලයක් පිහිටා ඇති අයෙකු වෙයි. ශරීරය ලස්සනට වැඩෙයි. අංගං පිල්ලි අනවින සූනියන් නොවදී.

සියලු මාරක බාධක

අනතුරු නැතිවී ආරක්ෂාවට

රන්තැඹිලි තෙල් සුබ වේලාවන් අනුව සිඳ සුබ දිනක සුබ හෝරාවක පුර පක්ෂයේ ගුරු දිනක රාත්‍රී 10 ත් 2 ත් අතර වැඩිවාර ගණනක් මතුරා ගන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.