අප දෙලොව ජය ගැනීමට නම් හොඳ බිරියක් තෝරා ගත යුතුය

ජනවාරි 8, 2021

ධර්මයට හා ඡ්‍යොතිෂයට අනුව විවාහයට අවශ්‍යම පොරොන්දම් කුමක් දැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. විවාහය කියනවිට අපේ සිතට එන්නේ කාන්තාව ගැන නිසා ඒ පිළිබඳව තරමක විස්තරයක් කළ යුතුය. මනුෂ්‍යත්වය ස්ත්‍රී,නපුංශක යනුවෙන් කොටස් තුනකට බෙදේ. මේ තුන් වර්ගය අතර තවත් ප්‍රභේද කීපයක් තිබේ.

වධක ස්ත්‍රිය, චෞර ස්ත්‍රිය අයිර සක්‍රිය, මාතම භාර්යා, භගිනි භාර්යා, සඛී භාර්යා , දාසි භාර්යා යනුවෙන් ලෝකයේ පුරුෂයින්ට ස්ත්‍රීන් සත් දෙනෙක් සිටිති. එයින් වධක භාර්යා නම් යම් ස්ත්‍රියක් ස්වාමීහු කෙරෙහි හැම වේලේම දුෂ්ට වූ අදහස් ඇත්තීද සිතින් පේ‍්‍රමයක් නැතිව වංචාමය වූ පේ‍්‍රම හඟවන්නීද ස්වාමීහු කෙරෙහි ඇලුම් නැතිව පර පුරුෂයන් කෙරෙහි මිත්‍ර වී ඇවිදිනීද, ඒ අය ගරුකොට සිතන්නීද සැමියා සුළුකොට සිතන්නීද ගලින් වතුර උනවාගත නොහැකිසේ පුරුෂයා දුප්පත් කල්හි ඔහුට බැරි වූ විට අත්හැර යති. සැමියා දැක්කවිට උස් පුටු ආදියේ ඉඳගෙන අපහාස කෙරේද අනාදර එසේවූ ස්ත්‍රිය දෙවඟනක් මෙන් රූමත් වුවත් උතුම් ජාති ඇතත් අපමණ වූ දායාද සම්පත් හා දැසි දස් පිරිවර ඇති නමුත් ඕතොමෝ හොඳ බිරිඳක් නොවෙති. ඔහුගේ අකුසල් නමැති වධකයා ඔහුට වද පිණිසම මැවූ අන්ධුබන්ධනයක් වැනි වේ. උරචක්‍ර මාලාවක් වැනි වේ. ඕ හට හැම වෙලේම අමෝරා ගෙන සිටිනා වධකායුදයක් වැනි වේ. කෙහෙලොවින් බැඳ හිස මුදුන් කළාවූ කඩු මුවහනක් වැනි වේ.

පදුට්ඨ චිත්තා අහිතානුකමපිනි

අඥේඤසු රත්තා අතිමඤ්ඤතෙ පතිං

ධනෙන කීතස්ස වධාය උස්සුකා

යා එව රූපා, පුරිසස්ස භරියා,

වධකාච භරියා නීචයං පවුච්චති

චෞර භාර්යා

යො ඉච්ඡති වින්දති සාමිකො ධනං

ඛිප්පං වණිජ්ජං ච කසිං අධිට්ඨහං

අප්පම්පිතස්මා අපභාතුමිචඡති

චෞරීච භරියාතිච සා පවුච්චති

යම්කිසි ස්ත්‍රියක් පුරුෂයා හට අනර්තයක් වනවාට කැමති වන්නීද අර්ථයක් වනවාට අකමැති වන්නීද හැම වේලෙහිම ගෙය හැර ඒ ඒ තැන්හි ඇවිදීමෙන් ගෙයි දොර සිත් නැති වීමෙන් පරපුරුෂ සේවනාදියෙන් අලසව පවත්නීද බොහෝ කොට ආහාර අනුභව කරත්ද තමා උපන් ජාතියට නොගැළපෙන තරම්වූ සම්පත් ප්‍රාර්ථනා කරන්නීද තමාගේ බඩගින්න මිස අනුන්ගේ බඩගිනි නොතකන්නීද ඇය සොර බිරිඳකි. සැමියාට අනාදර කොට ස්වාමිදුවක මෙන් වත්නීද සැමියා හට අති චණ්ඩ වූ ලාමක වූ පරුෂ වචන කියන්නීද ඇය ඔහුට භාර්යාවක් නොවන්නීය. ඔහුගේ අභාග්‍ය නමැති යම රජහු ඕ හට නිගරු කරවයි. එවාලූ යම දූතියක වැන්නීය. මේ ආදි කරුණු කරුණුවලින් ඇය සොර දූතියක වන්නීය. සැමියාගෙ සම්පත් නමැති වනයට යැවු ලැව්ගිනි කඳක වන්නීය. කුසල් නමැති ගමට කෙටේරියක් වැනිය. ඉහත සඳහන් ගාථාවේ තේරුමද මේ අනුව සිතා ගත හැකිය.

ස්වාමි භාර්යාව

යම් කතක් පුරුෂයා හට නපුරක් වනවාට කැමතිද යහපතක් වනවාට අකමැතිද හැම වෙලේම දොර ඇති ඒ ඒ තැන ඇවිදීමෙන් ගෙයි දොර සිත් නැති වීමෙන් සොර සැමියන් සොයමින් අලසව පවත්වීද බොහෝ කෑම කන්නීද තමා උපන් ජාතියට කොතරම්වූ සම්පත් පතන්නීද තම බඩගිනි මිස අනුන්ගේ බඩගිනි නොදන්නී ද සැමියාට අනාදර කරන්නී ද ඇය ස්වාමි භාර්යාව නම් වේ.

ඉහත කී භාර්යාවෝ තුන් දෙන දුශ්ශීලව පරුෂ වදනින් බණිමින් අනාදර කළාවූ මිත්‍රද්‍රෝහි වූ අකුසල බෙලෙන් මියගොස් අපායේ ඉපිද බොහෝ කල් දුක් විඳින්නා හා එහෙයින් සත්පුරුෂ වු ස්ත්‍රීන් විසින් එබඳු වූ පාප ගුණයන් අහසට පොළොව සේ දුරින් දුරු කොට පුරුෂයන් කෙරෙහි පක්ෂපාතව විසිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මාතා භාර්යා

යම් කිසි පින්වත් අඟනක් රක්ෂා කළ සැමියා කෙරෙහි සෑම වේලෙහිම මවක බඳුවුද අනුකම්පා ඇත්තාවූද දායාද සම්පත් රකින ඔවුන් සේ ස්වාමියා රැස් කළ ධනය ආරක්ෂා කෙරේද වේලා නොවරදවා පුරුෂයන් කවා පොවා නාවන්නාවූද හැම වේලෙහට පුරුෂයන්ගේ සුව දුක්හිම යෙදී වෙසෙත්ද සැමියන් පවක් කරන වේලේ විවාදයක් කරන සොරකම් ආදි නොකටයුතු දෙයට නික්මුණු වේලේ මෙසේ මෙසේවූ කරා නම් තොප කෙරෙහි නොවසම්හ. අපි අපේ කුලගෙට යම්හ”යි යනාදීන් පුරුෂයන් තදින් හෝ මොළොක් වදනින් ඒ පාපයෙන් නවතත්ද ගොවිතැන, වෙළෙඳාම ආදි නිවැරදි කර්මාන්ත කරන්න රජුන්ට පක්ෂපාති වන්න බණ අසන්න කුසල් කරන්න” යනාදීන් පුරුෂයින් කුසල් කරව වශයෙන් දහමෙහි පිහිටුවා ලද්ද එසේ වූ කාන්තාව නම් ඒ පුරුෂයන්ගේ කුසල් නමැති දෙවියන් ඔවුන්ට අරක් ගෙන සිටුවන ලද මවුන් වැනිය. සිරිකත දෙව්දුන් වැනිය. ඔවුන්ට සිරියාව දෙන දේවතාදුන් වැනිය. දිවට මතුරක් වැනිය.

ඔවුන්ගේ අකුසල් නමැති ලෙඩ සුවකරන දිව ඔසුවක් වැනිය. ඔවුන්ට සිරිසැප දෙන කල්පලතාවක් වැනිය. ඉතා හොඳ බිරිඳකට තිබිය යුතු ගුණ බුද්ධ භාෂිත ඍෂි භාෂිත පැරණි පොත්වල සඳහන් වේ.

භාගිනි භාර්යාව – යම් කතන් තමන් රක්ෂා කළ පුරුෂයන් කෙරෙහි බඳුන් බෑයන් සොයුරන් කොට සිතා නගුන් නෑනන්සේ මහත්වූ විලි බියෙන් පැකිළ උදාරවූ ආදරයෙන් පවත්නාහුද ‘හැම පුරුෂයින්ගේ තනතුරු රැකියා, සම්පත් තම පුරුෂයින්ටම වේවායි” සිතන්නේද ප්‍රාර්ථනා කරන්නේද පරපුරුෂයින් කෙරෙහි ලෝභ නොකරන්නාහු ද සැමියන් කෙරෙහිම ඇලුම් ඇත්තාහු ද එසේ වූ ළඳ නම් ඒ පුරුෂයන්ගේම පිනින් දෙවියන් ඔයුන් කරා එවාලූ නඟුන් බුහුනන් වැනිය.

සඛී භාර්යාව

යම්කිසි යහපත් කල්‍යාණවූ ස්ත්‍රියක් තමන් රක්ෂා කළ පුරුෂයින් බැහැර ගිය කල්හි එක්වන් සිහි කොට හිඳින්නාහු ද ඔවුන් එන වග එක්වන් බලන්නාහු ද හැම වෙලේහිම ඔවුන්ට මාමායනය කරන්නාහුද තමන් පුරුෂයන්ගේ සරුපයක් ඇසූ කල්හි හිරැ රැස් දුටු පියුමක් සේ අතිශයින් සතුටු වන්නාහුද තමන් පුරුෂයන්ගේ සතුරන් මිතුරුකොට නොවසන්නාහු ද තම පුරුෂයින්ගේ නුගුණ ඇසූ කල ඒවා සඟවා ගුණයෙහිම පිහිටුවන්නාද පුරුෂයින්ට ආක්‍රෝෂ කරන්නාහු ද උතුම් වූ භෝජන පුරුෂයන් සිහිකොට අනුභව කරන්නාහු ද ඔවුන්ටත් මේ ලැබේවයි සිතන්නීද එසේවූ ස්ත්‍රී නම් පුුරුෂයින්ගේ කුසල් නමැති දෙවියන් පාවා දුන් මිතුරියන් වැනියහ.

දාසි භාර්යයා

යම් ස්ත්‍රියක් තම තමන්ගේ වල්ලභයන් සොයා කොසා නිගරුවක් වධ බන්ධන පීඩා කරතුත් පුරුෂයන් කෙරෙහි තරහ නොකරන්නාහු ද තරහින් නොබලන්නාහු ද නොකිපීම බලන්නාහු ද සියලු කර්මාන්තයෙහි කුසීත නොවී අප්‍රමාද වේද අතිචාරාදී පාපයෙන් දුරුව වයස්නාහුද ඔහු පළමුව කවා පොවා පරිවාර අයද සන්හිඳුවා තුමූ පසුව අනුභව කිරීමෙන් ස්වාමීහු පළමුකොට සතපා සියලු සංවිධාන කොට තුමූ පසුව සැතපීමෙන් ස්වාමිහට පළමු කොට නිදාගත් තැනින් අවදිවීමෙන් පුරුෂයින්ට වංචා නොකිරීමෙන් කී වියදමක්ව කිරීමෙන් පවිත්‍ර වූ කර්මාන්ත කිරීමෙන් යුක්තවීම ද එසේවූ ස්ත්‍රීන් නම් පුරුෂයන්ගේ පින් බලයෙන්ම වැනියහ. කුසල් නමැති ශරනිවාරණයට ඕහට පලකා යුධයක් වැනියහ.

මාතෘ, භගිනිසඛී, දාසි යන සතර දෙන යහපත් භාර්යාවෝ වෙති. මේ අය සීලයෙන්, ගුණයෙන් පතිවතින් ජීවත්වී මිය ගොස් අපාය නොදැක දෙව් ලොවකට උපදිති. දිව්‍ය රාජයන්හි අග සෙනසුන් වෙති. අවසන නිවනටද පත් වන බන බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

ඒ බැව් පහත සඳහන් ගාථාවෙන් පෙනේ.

යා විධ මාතා භගිනි සඛීච

දාසීච භයාතිච සං පුවුච්චති

සීලෙ යිත්තා චිර රත්ත සංවුතා

කායස්ස භෙද්‍ර සුගතිං වජන්තිතා

යම් පුරුෂයෙක් විවාහ වී දෙලොවටම වැඩදායි ජීවිතයක් ගත කරන්ට බලාපොරොත්තු වන්නේ නම් ඉහත කී වර්ග සතරින් එක් ළඳක් තෝරා ගැනීම ඉතා ප්‍රඥාගෝචර වන බව කිව යුතුය. යම් විදිහකින් වධක චෞර, අයිරා යන නරක වර්ගයේ කතක් ලැබුණොත් විවාහ ජීවිතයේ නියම පල නොලැබී යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ගැන හොඳට කල්පනා කර බලා අවශ්‍ය නම් වැඩිහිටි දැන උගත් අය දෙන උපසේද සලකා බලා නිවැරදි තීරණය ගත යුතුය. එසේ නොහැකි වුණොත් දුකසේ ලබා ගත් මේ උතුම් මනුෂ්‍ය ජීවිතය සාර්ථක කරගත් නොහැකිය. ඇඳුරෙන් අඳුරටම යනු ඇත.

තවද පුරුෂ පක්ෂය ගැන ද සලකා බලන විට ඉහත කී ලෙස හොඳ වර්ග හතරක් තිබේ. ඊට අමතරව තවත් කරුණු කීපයක් තිබේ. විවාහ වීමට බලාපොරොත්තු වන තරුණයා , බුද්ධිමත් අයෙක් වීමද විවිධ කුසලතාවන් තිබීමද අවශ්‍ය වේ. කරන්නන්වාලේ සෑම දෙයක්ම කරන නුවණ මඳ කිසිම ආත්ම ශක්තියක් නැති කෙනෙක් නොවිය යුතුය. ඉතාම සුළු ප්‍රශ්නයකදී පවා මානසිකව වැටී වලිගය කඩා ගත්ත කොන්දක් නැති හූනන් වැනිය.මෙවැනි තරුණයන් විවාහයට නුසුදුසු බව නැණවත් කතුන් දැන් තේරුම් ගෙන ඇත. විවාහය සඳහා සිංහයකු වැනි එඩිතර නිරෝගි ගුණ නැණ ඇති තරුණයෙක් තෝරා ගත යුතුය. මෙ කරුණ අවශ්‍යම පොරොන්දම බව කිව යුතුය.

දුරාතීතයේ සිට මේ දක්වා ඡ්‍යොතිෂය අනුව පොරොන්දම් බලා විවාහ කටයුතු කරගෙන එයි. එය බෙහෙවින් සාර්ථක බව කිව හැකිය. බටහිර ක්‍රමයට ලේ සොලවා පරික්ෂා කිරීම හෝ පරිගණක මගින් පොරොන්දම් බැලීම එතරම් සාර්ථක බවක් නොපෙනේ.විෂයට උපධාධාරි වුවත් සාමාන්‍ය බුද්ධියෙන් බලාංශයේ සිංහයකුද කියා පළමු කොට බලන්න. පොරොන්දම් බැලීමෙන් සෑම අංශයක්ම ආවරණය වේ. එහි අඩුවක් තිබුණොත් ඒ ඉතා කලාතුරකිනි. බුදු දහමේ ඇති ස්තී‍්‍ර පුරුෂයන් වර්ග කිරීමත් පොරොන්දම් බැලීමත් කළොත් එය හොඳටම ඇති. අවකාශ ඇති පරිදි පසුවට තව විස්තර කිරීමට බලාපොරොත්තු වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.